උපඩ්ඪසුත්තං
1. 1. 2.
1. 1. 2.
උපඩ්ඪසුත්තං
උපඩ්ඪ සූත්‍රය
2. එවං මෙ සුතං, එකං සමයං භගවා සක්කෙසු විහරති, නාගරකං නාම සක්යානං නිගමො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: උපඩ්ඪමිදං භන්තෙ, බ්රහ්මචරියස්ස යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති. මා හෙවං ආනන්ද, මා හෙවං ආනන්ද, සකලමෙව හිදං ආනන්ද, බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතා. කල්යාණමිත්තස්සෙතං ආනන්ද, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති.
2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වේ නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. වහන්ස, යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙන සුළු බවෙක් වේ ද මෙය බඹසර පිළිබඳ සම අඩෙකැ යි. ආනන්දය, එසේ නො කිය, ආනන්දය, එසේ නො කිය, ආනන්දය යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙනසුළු බවෙක් වේද, මෙය මුළුබඹසර යි. ආනන්දය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කළණයන් කෙරෙහි නැමෙන සුළු මහණ අරිඅටඟිමග වඩන්නේය. අරිඅටඟිමග බහුල කරන්නේ යන මෙය කැමති විය යුතුය.
කථඤ්චානන්ද, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධානන්ද, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසඞ්කප්පං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාවාචං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාකම්මන්තං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාආජීවං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාවායාමං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසතිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො ආනන්ද, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති.
ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට නැමෙනසුලුකොට සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වචනය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්ආජීවය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වය්‍යයාමය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්මාධිය වඩයි. ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ මෙසේ අරිඅටඟිමග වඩයි. අරිඅටඟිමග බහුල කෙරෙයි.
තදමිනාපෙතං ආනන්ද, පරියායෙන වෙදිතබ්බං: යථා සකලමෙවහිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති. මමං හි ආනන්ද, කල්යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති,
ආනන්දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇතිබවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු: ආනන්දය, කලණ මිත් වූ මා කරාම පැමිණ උපත ස්වභාව කොට ඇති සත්වයෝ උපතින් මිදෙත්, ජරාව ස්වභාව කොට ඇති සත්වයෝ ජරායෙන් මිදෙත්,
මරණධම්මා සත්තා මරණෙන පරිවුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. ඉමිනා ඛො එතං ආනන්ද, පරියායෙන වෙදිතබ්බං. යථා: සකලමෙවහිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති.
මරණය ස්වභාව කොට ඇති සත්වයෝ මරණයෙන් මිදෙත්, ශෝකය පරිදේවය දුක දොම්නස දැඩි ආයාසය යන මෙයින් මිදෙත්. ආනන්දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇති බවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු යි.