යෙදුමෙන් කියවන්න

නිගණ‍්ඨසුත‍්තං

7. 1. 8.

7. 1. 8.

නිගණ‍්ඨසුත‍්තං

නිගණ්ඨ සූත්‍රය

412. තෙන ඛො පන සමයෙන නිගණ‍්ඨො නාතපුත‍්තො මච‍්ඡිකාසණ‍්ඩං අනුප‍්පත‍්තො හොති මහතියා නිගණ‍්ඨපරිසාය සද‍්ධිං. අස‍්සොසි ඛො චිත‍්තො ගහපති නිගණ‍්ඨො කිර නාතපුත‍්තො මච‍්ඡිකාසණ‍්ඩං අනුප‍්පත‍්තො මහතියා නිගණ‍්ඨපරිසාය සද‍්ධින‍්ති. අථ ඛො චිත‍්තො ගහපති සම‍්බහුලෙහි උපාසකෙහි සද‍්ධිං යෙන නිගණ‍්ඨො නාතපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා නිගණ‍්ඨෙන නාතපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො චිත‍්තං ගහපතිං නිගණ‍්ඨො නාතපුත‍්තො එතදවොච: සද‍්දහසි ත්‍වං ගහපති සමණස‍්ස ගොතමස‍්ස අත්‍ථි අවිතක‍්කො අවිචාරො සමාධි, අත්‍ථි විතක‍්ක විචාරානං නිරොධොති.

412. එසමයෙහි නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ය යි චිත්ත ගැහැවි ඇසුයේ ය. එකල්හි චිත්ත ගැහැවි බොහෝ උවසුවන් සමඟ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත සමඟ සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවිහට නිගණ්ඨනාතපුත්ත මෙය කී ය: ගැහැවි, තෙපි අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත, විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැයි යන මහණ ගොයුම්ගේ වචනය අදහවු දැ? යි.

න ඛ‍්වාහං එත්‍ථ භන‍්තෙ භගවතො සද‍්ධාය ගච‍්ඡාමි: අත්‍ථි අවිතක‍්කො අවිචාරො සමාධි, අත්‍ථි විතක‍්කවිචාරානං නිරොධොති. එවං වුත‍්තෙ නිගණ‍්ඨො නාතපුත‍්තො උල‍්ලොකෙත්‍වා එතදවොච: ඉදං භවන‍්තො පස‍්සන‍්තු යාවඋජුකො චායං චිත‍්තො ගහපති, යාව අසඨො චායං චිත‍්තො ගහපති, යාව අමායාවී චායං චිත‍්තො ගහපති, වාතං වා සො ජාලෙන බාධෙතබ‍්බං මඤ‍්ඤෙය්‍ය යො විතක‍්කවිචාරෙ නිරොධෙතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, සකමුට‍්ඨිනා වා සො ගඞ‍්ගාය සොතං ආවාරෙතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති. යො විතක‍්කවිචාරෙ නිරොධෙතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති.

හිමියනි, අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත, විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇත යන මෙහිලා මම භාග්‍යවතුන් වහන්සේගේ විශ්වාසයට නො යමි යි. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත තෙමේ සිය පිරිස හිස ඔසවා බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා මේ චිත්ත ගැහැවි කෙතෙක් ඍජු ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් අසට (නො කපටි) ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් රැවටිලි රහිත ද? යමෙක් විතර්‍ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ දැලින් සුළං බැඳිය යුතු ය යි හඟනේ ය. යමෙක් විතර්‍ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ සිය මිටින් ගඞ්ගානදී සැඩපහර වැළැක්විය යුතු ය යි හඟනේ යි.

තං කිම‍්මඤ‍්ඤසි භන‍්තෙ කතමං නු ඛො පණීතතරං ඤාණං වා සද‍්ධා වාති. සද‍්ධාය ඛො ගහපති ඤාණං යෙව පණීතතරං.

හිමියනි, ඒ කිමැ? යි හඟිවු ද? කුමක් වඩා ප්‍රණීත ද? නැණ හෝ සැදැහැ හෝ යි. ගැහැවි, සැදැහැයට වඩා නැණ ම ප්‍රණීත ය.

අහං ඛො භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාමි විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. අහං ඛො භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාමි විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. අහං ඛො භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාමි පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. අහං ඛො භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාමි සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්සච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. න සො ඛ‍්වාහං භන‍්තෙ එවං ජානන‍්තො එවං පස‍්සන‍්තො කස‍්ස අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා සද‍්ධාය ගමිස‍්සාමි. “අත්‍ථි අවිතක‍්කො අවිචාරො සමාධි අත්‍ථි විතක‍්කවිචාරානං නිරොධො”ති.

හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් (ඒතාක්) කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් විතර්‍ක විචාර සන්හිඳීමෙන් ... දෙවැනි දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් ප්‍රීතියත් වැළැක්මෙන් ... තෙවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි,මම යම්තාක් කැමැත්තෙම් නම් ඒ තාක් සුවත් ප්‍රහීණ කිරීමෙන් දුකත් ප්‍රහීණ කිරීමෙන් කැලැම සොම්නසුත් දුරු කිරීමෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බව ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, ඒ මම මෙසේ දන්නෙම් මෙසේ දක්නෙම් “අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත. විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැ” යි අන් කවර මහණකුගේ හෝ බමුණකුගේ හෝ ඇදහීමට යන්නෙම් ද?

එවං වුත‍්තෙ නිගණ‍්ඨො නාතපුත‍්තො සකං පරිසං උල‍්ලොකෙත්‍වා එතදවොච: ඉදං භවන‍්තො පස‍්සන‍්තු: යාව අනුජ‍්ජුකො චායං චිත‍්තො ගහපති, යාව සඨො චායං චිත‍්තො ගහපති, යාව මායාවී චායං චිත‍්තො ගහපතීති. ඉදානෙව ඛො තෙ මයං භන‍්තෙ භාසිතං එවං ආජානාම: “ඉදං භවන‍්තො පස‍්සන‍්තු යාව උජුකො චායං චිත‍්තො ගහපති, යාව අසඨො චායං චිත‍්තො ගහපති, යාව අමායාවී චායං චිත‍්තො ගහපති. ඉදානෙව ච පන තෙ මයං භන‍්තෙ භාසිතං එවං ආජානාම: “ඉදං භවන‍්තො පස‍්සන‍්තු, යාව අනුජ‍්ජුකො චායං චිත‍්තො ගහපති, යාව සඨො චායං චිත‍්තො ගහපති, යාව මායාවී චායං චිත‍්තො ගහපතී”ති. සචෙ තෙ භන‍්තෙ පුරිමං සච‍්චං පච‍්ඡිමං තෙ මිච‍්ඡා. සචෙ පන තෙ භන‍්තෙ පච‍්ඡිමං සච‍්චං පුරිමං තෙ මිච‍්ඡා.

මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත සිය පිරිස දෙස බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි වඞ්කත් වේ ද, චිත්ත ගැහැවි කොතරම් සඨත්(කපටත්) වේ ද, මේ චිත්ත ගැහැවි කොතරම් රැවටිලි ඇත්තේත් වේ දැ යි. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් ඍජුත් වේ ද, චිත්ත ගැහැවි කොතෙක් අසඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි නැත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන් ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් වඞ්කත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් සඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි ඇත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන්ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, ඉදින් ඔබ විසින් පළමු කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පසුව කියන ලද්ද මුසාය. හිමියනි, ඉදින් ඔබ විසින් පසුව කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පළමු කියන ලද්ද මුසා ය.

ඉමෙ ඛො පන භන‍්තෙ දස සහධම‍්මිකා පඤ‍්හා ආගච‍්ඡන‍්ති. යදා නෙසං අත්‍ථං ආජානෙය්‍යාසි අථ මං පටිහරෙය්‍යාසි සද‍්ධිං නිගණ‍්ඨ පරිසාය. ‘එකො පඤ‍්හො එකො උද‍්දෙසො එකං වෙය්‍යාකරණං ද‍්වෙ පඤ‍්හා ද‍්වෙ උද‍්දෙසා ද‍්වෙ වෙය්‍යාකරණානි. තයො පඤ‍්හා තයො උද‍්දෙසා තීණි වෙය්‍යාකරණානි. චත‍්තාරො පඤ‍්හා චත‍්තාරො උද‍්දෙසා චත‍්තාරි වෙය්‍යාකරණානි. පඤ‍්ච පඤ‍්හා පඤ‍්ච උද‍්දෙසා පඤ‍්ච වෙය්‍යාකරණානි. ඡ පඤ‍්හා ඡ උද‍්දෙසා ඡ වෙය්‍යාකරණානි. සත‍්ත පඤ‍්හා සත‍්ත උද‍්දෙසා සත‍්ත වෙය්‍යාකරණානි . අට‍්ඨ පඤ‍්හා අට‍්ඨ උද‍්දෙසා අට‍්ඨ වෙය්‍යාකරණානි. නව පඤ‍්හා නව උද‍්දෙසා නව වෙය්‍යාකරණානි. දස පඤ‍්හා දස උද‍්දෙසා දස වෙය්‍යාකරණානී’ති. අථ ඛො චිත‍්තො ගහපති නිගණ‍්ඨං නාතපුත‍්තං ඉමෙ දස සහධම‍්මිකෙ පඤ‍්හෙ ආපුච‍්ඡිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමීති.

හිමියනි, කරුණු සහිත මේ දශ පැනයක් එයි. යම් කලෙක එහි අරුත් දන්නෙහි නම් එකල්හි නිගණ්ඨ පිරිස සමඟ ම වෙත එන්නෙහි ය: එක් පැනයකි, එක් උදෙසුමෙකි, එක් විසඳුමෙකි. දෙ පැනයෙකි, දෙ උදෙසුමෙකි, දෙ විසඳුමෙකි. තුන් පැනයකි, තුන් උදෙසුමෙකි, තුන් විසඳුමෙකි. සිවු පැනයකි, සිවු උදෙසුමෙකි, සිවු විසඳුමෙකි. පස් පැනයකි, පස් උදෙසුමෙකි, පස් විසඳුමෙකි. ස පැනයකි, ස උදෙසුමෙකි, ස විසඳුමෙකි. සත් පැනයකි, සත් උදෙසුමෙකි, සත් විසඳුමෙකි. අට පැනයකි, අට උදෙසුමෙකි, අට විසඳුමෙකි. නව පැනයකි, නව උදෙසුමෙකි, නව විසඳුමෙකි. දස පැනයකි, දස උදෙසුමෙකි, දස විසඳුමෙකි. ඉක්බිති චිත්ත ගැහැවි නිගණ්ඨනාතපුත්‍රයන්ගෙන් කරුණු සහිත මේ දස පැනය පිළිවිස හුනස්නෙන් නැඟිට ගියේ ය.