6. දුතියකාමභූසුත්තවණ්ණනා අට්ඨකථා
6. දුතියකාමභූසුත්තවණ්ණනා
6. දුතිය කාමභූ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ කති නු ඛො භන්තෙ සඞ්ඛාරාති අයං කිර, ගහපති, නිරොධං වලඤ්ජෙති, තස්මා “නිරොධපාදකෙ සඞ්ඛාරෙ පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා එවමාහ. ථෙරොපිස්ස අධිප්පායං ඤත්වා පුඤ්ඤාභිසඞ්ඛාරාදීසු අනෙකෙසු සඞ්ඛාරෙසු විජ්ජමානෙසුපි කායසඞ්ඛාරාදයොව ආචික්ඛන්තො තයො ඛො ගහපතීතිආදිමාහ. තත්ථ කායප්පටිබද්ධත්තා කායෙන සඞ්ඛරීයති නිබ්බත්තීයතීති කායසඞ්ඛාරො. වාචාය සඞ්ඛරොති නිබ්බත්තෙතීති වචීසඞ්ඛාරො. චිත්තප්පටිබද්ධත්තා චිත්තෙන සඞ්ඛරීයති නිබ්බත්තීයතීති චිත්තසඞ්ඛාරො.
සය වැන්නෙහි - කතිනුඛො භන්තෙ සඞ්ඛාරා = මේ ගෘහපති තෙමේ වනාහී නිරෝධය වින්දනය කරයි (වැළඳගෙන සිටියි) ඒ නිසා නිරෝධය පාදක කරගත් සංස්කාරයන් විමසන්නෙමි”යි සිතා මෙසේ කීය. තෙරුන් වහන්සේ ද ඔහුගේ අදහස දැන, පුණ්යකර්ම රැස් කිරීම් ආදී වූ නොයෙක් සංස්කාරයන් පවත්නා කල්හිදු කාය සංස්කාරාදිය ම කියන්නෝ තයො ඛො ගහපති යන ආදිය කීහ. එහිදී කය හා බැඳී ඇති බැවින්, කය විසින් සකස් කරනු ලැබේ යයි ද, නිපදවනු ලැබේයයි ද යන අදහසින් “කාය සංඛාර” නම් වේ. වචනය හා බැඳී ඇති බැවින්, වචනය විසින් සකස් කරනු ලැබේ යයි ද, නිපදවනු ලැබේයයි ද යන අදහසින් “වචී සඞ්ඛාර” නම් වේ.
කතමො පන භන්තෙති ඉධ කිං පුච්ඡති? “ඉමෙ සඞ්ඛාරා අඤ්ඤමඤ්ඤං මිස්සා ආලුළිතා අවිභූතා දුද්දීපනා. තථා හි කායද්වාරෙ ආදානග්ගහණමුඤ්චනචොපනානි පාපෙත්වා උප්පන්නා අට්ඨ කාමාවචරකුසලචෙතනා ද්වාදස අකුසලචෙතනාති එවං කුසලාකුසලා වීසති චෙතනාපි, අස්සාසපස්සාසාපි කායසඞ්ඛාරොත්වෙව වුච්චන්ති. වචීද්වාරෙ හනුසඤ්චොපනං වචීභෙදං පාපෙත්වා උප්පන්නා වුත්තප්පකාරාව වීසති චෙතනාපි විතක්කවිචාරාපි වචීසඞ්ඛාරොත්වෙව වුච්චන්ති. කායවචීද්වාරෙසු චොපනං අපත්වා රහො නිසින්නස්ස චින්තයතො උප්පන්නා කුසලාකුසලා එකූනතිංසචෙතනාපි, සඤ්ඤා ච වෙදනා චාති ඉමෙ ද්වෙ ධම්මාපි චිත්තසඞ්ඛාරොත්වෙව වුච්චන්ති. එවං ඉමෙ සඞ්ඛාරා අඤ්ඤමඤ්ඤං මිස්සා ආලුළිතා අවිභූතා දුද්දීපනා, තෙ පාකටෙ විභූතෙ කත්වා කථාපෙස්සාමී”ති පුච්ඡි.
කස්මා පන භන්තෙ = මෙහිදී කුමක් (පිළිබඳව ප්‍රශ්න කරන්නේදු මේ සංස්කාරයෝ ඔවුනොවුනට ඊර්ෂ්‍යාවෙන් ඇලවනාහුය, සැඟවී පවත්නාහුය, දර්ශනය නොවන්නාහුය. එසේම කාය ද්වාරයෙහි අල්වා ගැනීම්, ග්‍රහණය කර ගැනීම්, මුදා හැරීම්, සෙලවීම් ආදී තත්ත්වයනට පමුණුවා උපන් කාමාවචර කුසල චේතනාවන් අට ද, අකුසල චේතනාවන් දොළසද යනුවෙන් මෙසේ කුසලා කුසල චේතනා විස්ස ද, ආශ්වාසයන් ද “කාය සමාචාර” යයි කියනු ලැබේ. කාය වාක් ද්වාරයන්හි චලනයකට නො පැමිණ රහසිගතව හිඳ සිතන්නහුට උපන් එකුන් තිසක් වූ කුසලා කුසල චේතනාවන් ද. සංඥා හා වේදනා යන මේ ධර්මයන් දෙක ද “චිත්ත සඞ්ඛාර” යයි කියනු ලැබේ. මෙසේ මේ සංස්කාරයන් ඔවුනොවුනට ඊර්ෂ්‍යාවෙන් ඇලළුණේ, සැඟවී පැවතුණේ, දර්ශනය නොවූයේ වෙයි. ඒවා ප්‍රකට කිරීම් හෝ හෙලි කිරීම් නො කොට කතා කරන්නෙමියි (සිතා) ප්‍රශ්න කළේය.
කස්මා පන භන්තෙති ඉධ කායසඞ්ඛාරාදිනාමස්ස පදත්ථං පුච්ඡති. තස්ස විස්සජ්ජනෙ කායප්පටිබද්ධාති කායනිස්සිතා. කායෙ සති හොන්ති, අසති න හොන්ති. චිත්තප්පටිබද්ධාති චිත්තනිස්සිතා. චිත්තෙ සති හොන්ති, අසති න හොන්ති.
කස්මා පන භන්තෙ යන මෙහි “කාය සඞ්ඛාර” ආදී නාමයේ පදගතාර්ථය විචාරයි. එය විසඳීමෙහිදී කාය පටිබද්ධා = යනුවෙන් කර ඇති කල්හි කාය නිශ්රිතයන් නොපවතීය යිද කියවේ. දැන් කිමෙක් නම් මේ සංඥා වේදයිත නිරෝධය වැළඳ ගනී ද? වැළඳ නො ගනියි.
ඉදානි “කිං නු ඛො එස සඤ්ඤාවෙදයිතනිරොධං වලඤ්ජෙති, නො වලඤ්ජෙති, චිණ්ණවසී වා තත්ථ නො චිණ්ණවසී”ති ජානනත්ථං පුච්ඡන්තො කථං පන භන්තෙ සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති හොතීති ආහ. තස්ස විස්සජ්ජනෙ සමාපජ්ජිස්සන්ති වා සමාපජ්ජාමීති වා පදද්වයෙන නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිකාලො කථිතො. සමාපන්නොති පදෙන අන්තොනිරොධො. තථා පුරිමෙහි ද්වීහි පදෙහි සචිත්තකකාලො කථිතො, පච්ඡිමෙන අචිත්තකකාලො.
වසඟයෙහි පැවැත්වීමේ තත්ත්වය කෙසේදයත් එහිදී එබඳු පුරුද්දක් නොවේයයි දැනීම සඳහා විමසන්නේ කථං පන භන්තෙ සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති හොති = (ස්වාමීනි, සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තිය කෙසේ නම් සිදුවේද?) යනුවෙන් කීය. එය විසඳීමෙහි දී සමාපජ්ජිස්සං හෝ සමාපජ්ජාමි හෝ යන පද දෙකින් “නේවසඤ්ඤා නාසඤ්ඤායතන” සමාපත්ති කාලය කියන ලදී. සමාපත්තො පදයෙන් ඇතුළත නිරෝධය කියන ලදී. මෙසේ මුල් පද දෙකින් විතර්ක සහිත කාලය කියන ලදී. පසු පදයෙන් අවිතර්ක කාලය කියන ලදී.
පුබ්බෙව තථා චිත්තං භාවිතං හොතීති නිරොධසමාපත්තිතො පුබ්බෙ අද්ධානපරිච්ඡෙදකාලෙයෙව “එත්තකං කාලං අචිත්තකො භවිස්සාමී”ති අද්ධානපරිච්ඡෙදං චිත්තං භාවිතං හොති. යං තං තථත්තාය උපනෙතීති යං පන එවං භාවිතං චිත්තං, තං පුග්ගලං තථත්තාය අචිත්තකභාවාය උපනෙති. වචීසඞ්ඛාරො පඨමං නිරුජ්ඣතීති සෙසසඞ්ඛාරෙහි පඨමං දුතියජ්ඣානෙයෙව නිරුජ්ඣති. තතො කායසඞ්ඛාරොති තතො පරං කායසඞ්ඛාරො චතුත්ථජ්ඣානෙ නිරුජ්ඣති. තතො චිත්තසඞ්ඛාරොති තතො පරං චිත්තසඞ්ඛාරො අන්තොනිරොධෙ නිරුජ්ඣති. ආයූති රූපජීවිතින්ද්රියං. විපරිභින්නානීති උපහතානි විනට්ඨානි.
පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති = නිරෝධ සමාපත්තියට පෙර දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ම මෙපමණ කාලයක් සිතීමෙන් තොරව වෙසෙන්නෙමියි දිග කාල පරිච්ඡේදයක් තුළ සිත පුරුදු කරන ලද්දේ වෙයි. යන්තං තථත්තාය උපනෙති = මෙසේ දියුණු කළ සිතක් යමකු හට වේද, ඒ පුද්ගලයා ඒ සිතේ දියුණුව සඳහා සිතින් තොර බවට පමුණුවයි. වචී සබ්බාරො පඨමං නිරුජ්ඣති = සෙසු සංස්කාරයන්හට පෙර දෙවන ධ්‍යානයෙහිදී ම නිරුද්ධ වේ. තතො පරං කාය සඞ්ඛාරො = ඉන් පසුව කාය සංස්කාරය සතරවන ධ්‍යානයෙහි දී නිරුද්ධ වේ. තතො පරං චිත්ත සඞ්ඛාරො = ඉන් පසුව චිත්ත සංස්කාරය අභ්‍යන්තර නිරෝධයෙහිදීම නිරුද්ධ වේ. ආයු = රූපය නමැති ජීවිතේන්ද්රියයේ පැවැත්ම විපරිභිනනානි = නසන ලද විනාශ කරන ලද.
තත්ථ කෙචි “නිරොධසමාපන්නස්ස ‘චිත්තසඞ්ඛාරො ච නිරුද්ධො’ති වචනතො චිත්තං අනිරුද්ධං හොති, තස්මා සචිත්තකාපි අයං සමාපත්තී”ති වදන්ති. තෙ වත්තබ්බා – “වචීසඞ්ඛාරොපිස්ස නිරුද්ධො”ති වචනතො වාචා අනිරුද්ධා හොති, තස්මා නිරොධසමාපන්නෙන ධම්මම්පි කථෙන්තෙන සජ්ඣායම්පි කරොන්තෙන නිසීදිතබ්බං සියා. යො චායං මතො කාලඞ්කතො, තස්සාපි චිත්තසඞ්ඛාරො නිරුද්ධොති වචනතො චිත්තං අනිරුද්ධං භවෙය්ය, තස්මා කාලඞ්කතෙ මාතාපිතරො වා අරහන්තෙ වා ඣාපෙන්තෙන ආනන්තරියකම්මං කතං භවෙය්ය. ඉති බ්යඤ්ජනෙ අභිනිවෙසං අකත්වා ආචරියානං නයෙ ඨත්වා අත්ථො උපපරික්ඛිතබ්බො. අත්ථො හි පටිසරණං, න බ්යඤ්ජනං.
එහි නිරෝධ සමාපත්තිගත වූවහුගේ චිත්ත සංස්කාරය ද නිරුද්ධ වූයේය යන කියමනෙන් පමණක් සිත නිරුද්ධ වූයේ යයි සිතිය යුතු නොවේ. එහෙයින් සිත් ඇත්තාහු ද මේ තත්ත්වයට සමාපත්තියයයි කියත්. ඔහුගේ වචී සංඛාරය ද නිරුද්ධ වීයයි යන කියමනෙන්ම වචනයද නිරුද්ධ වූයේ යයි සිතිය යුතු නොවේ. එහෙයින් ධර්මය කියන්නාවූ ද, සජ්ඣායනා කරන්නාවූ ද නිරෝධ සමාපත්තිගත පුද්ගලයා විසින් හිඳ ගැනීම (හෙවත් නැවත සිතා බැලීම) කළ යුතු වේ. යම්බඳුවූ මේ තෙමේ මරණයට පත්වූයේ. කලුරිය කළේ වේද ඔහුගේ ද චිත්ත සංස්කාරය නිරුද්ධවූයේය යන කියමනෙන් සිත නිරුද්ධ වූයේ යයි සිතිය යුතු නොවේ. එහෙයින් කලුරිය කළ මවුපියන් හෝ රහතුන් වහන්සේ හෝ දවන්නාවූ තමා විසින් (මවුපියන් හා රහතුන් දැවීමෙන්) ආනන්තර්ය කර්මයක් කරන ලද්දේ වන්නේ යයි (ආනන්තර්ය කර්ම දක්වන වචනවල ඇති) අකුරු මතම නො පිහිටා ආචාර්යවරුන්ගේ න්‍යායයෙහි පිහිටා අර්ථය විමසා බැලිය යුතුය. අර්ථයම පිළිසරණ වේ. අකුරු නොවේ.
ඉන්ද්රියානි විප්පසන්නානීති කිරියමයපවත්තස්මිඤ්හි වත්තමානෙ බහිද්ධාරම්මණෙසු පසාදෙ ඝට්ටෙන්තෙසු ඉන්ද්රියානි කිලමන්ති, උපහතානි මක්ඛිත්තානි විය හොන්ති වාතාදීහි උට්ඨිතරජෙන චතුමහාපථෙ ඨපිතආදාසො විය. යථා පන ථවිකාය පක්ඛිපිත්වා මඤ්ජූසාදීසු ඨපිතො ආදාසො අන්තොයෙව විරොචති, එවං නිරොධසමාපන්නස්ස භික්ඛුනො අන්තොනිරොධෙ පඤ්ච පසාදා අතිවිය විරොචන්ති. තෙන වුත්තං “ඉන්ද්රියානි විප්පසන්නානී”ති.
ඉන්ද්රියානි විප්පසන්නානි = ක්‍රියාත්මක තත්ත්වයන් පවත්නා කල්හි බාහිර අරමුණු වෙත (චක්ෂුරාදියෙහි) ප්‍රසාද ඉන්ද්රියයන් ගැටෙන තැනැත්තාගේ ඉන්ද්රියයෝ පීඩාවට පත් වෙති. ශක්තිය හීන වී ආලේපනයකින් වැසුණ ඉඳුරන් ඇතුවාක් මෙන් වෙති. සතර මං සන්ධියෙක තබන ලද කැට පතක් වාතය ආදියෙන් විසුරුණු දූවිල්ලෙන් වැසී ගියාසේ වෙයි. යම් සේ පසුම්බියක දමා පෙට්ටියක තබන ලද කැටපතක් පසුම්බිය ඇතුළතදීම බබළයිද මෙසේ නිරෝධයට සමවැදුණු භික්ෂුවගේ අභ්‍යන්තරයෙහි නිරෝධයෙහි දී ප්‍රසාද ඉන්ද්රිය පස අතිශයින් බබළයි. ඒ නිසා “ඉන්ද්රියානි විප්පසන්නානි” (ඉන්ද්රියයෝ ඉතා ප්‍රසන්න වූවාහුය) යයි කියන ලදී.
වුට්ඨහිස්සන්ති වා වුට්ඨහාමීති වා පදද්වයෙන අන්තොනිරොධකාලො කථිතො, වුට්ඨිතොති පදෙන ඵලසමාපත්තිකාලො. තථා පුරිමෙහි ද්වීහි පදෙහි අචිත්තකකාලො කථිතො, පච්ඡිමෙන සචිත්තකකාලො.
වුට්ඨහිස්සන්ති හෝ වුට්ඨගාමී = මේ පද දෙකින් අභ්‍යන්තරයෙහි නිරෝධ වන කාලය කියන ලදී. වුට්ඨිතො = මේ පදයෙන් ඵල සමාපත්ති කාලය කියන ලදී. එසේ මුල් දෙපදයෙන් සිතෙන් තොරව වෙසෙන කාලය කියන ලදී. පසු පදයෙන් සිත සහිතව වෙසෙන කාලය කියන ලදී.
පුබ්බෙව තථා චිත්තං භාවිතං හොතීති නිරොධසමාපත්තිතො පුබ්බෙ අද්ධානපරිච්ඡෙදකාලෙයෙව “එත්තකං කාලං අචිත්තකො හුත්වා තතො පරං සචිත්තකො භවිස්සාමී”ති අද්ධානපරිච්ඡෙදං චිත්තං භාවිතං හොති. යං තං තථත්තාය උපනෙතීති යං එවං භාවිතං චිත්තං, තං පුග්ගලං තථත්තාය සචිත්තකභාවාය උපනෙති. ඉති හෙට්ඨා නිරොධසමාපජ්ජන්නකාලො ගහිතො, ඉධ නිරොධතො වුට්ඨානකාලො.
පුබ්බෙව තථා විත්තං භාවිතං හොති = නිරෝධ සමාපත්තියෙන් පෙර දීර්ඝ කාලයේදීම මෙපමණ කලක් සිතින් තොර වී ඉන්පසුව සිතුම් ඇත්තෙක් වන්නෙමියි දීර්ඝ කාලීන චිත්ත භාවිතයක් සිදුවේ. (යයි අදහස් කෙරේ) යන්තං තථත්තාය උපනෙතී = මෙසේ සිත දියුණු කළ යමකු වේද. ඒ පුද්ගලයා ඒ අයුරින් සිත් ඇත්තකු බවට (හෙවත් සචිත්තක භාවයට) පමුණුවයි. මෙසේ යට නිරෝධයට පැමිණෙන කාලය කියන ලදී.
ඉදානි නිරොධකථං කථෙතුං කාලොති නිරොධකථා කථෙතබ්බා සියා. සා පනෙසා “ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතාපඤ්ඤා නිරොධසමාපත්තියං ඤාණ”න්ති මාතිකං ඨපෙත්වා සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ කථිතා, තස්මා තත්ථ කථිතනයෙනෙව ගහෙතබ්බා. කො පනායං නිරොධො නාම? චතුන්නං ඛන්ධානං පටිසඞ්ඛා අප්පවත්ති. අථ කිමත්ථමෙතං සමාපජ්ජන්තීති? සඞ්ඛාරානං පවත්තෙ උක්කණ්ඨිතා සත්තාහං අචිත්තකා හුත්වා සුඛං විහරිස්සාම, දිට්ඨධම්මනිබ්බානං නාමෙතං යදිදං නිරොධොති එතදත්ථං සමාපජ්ජන්ති.
මේ නිරෝධයෙන් නැගී සිටින කාලයයි. දැන් නිරෝධ කතාව කීමට කාලය යයි ද නිරෝධ කථාව කිව යුතු වේ. මෙය ද ඵල දෙකින් යුක්ත බැවින් සංස්කාරයන් තුනෙහි සංසිඳීමෙන් හා සොළොස් වැදෑරුම් ඥාන චර්යාවන්ගෙන් ද, නව විධ සමාධි චර්යාවන්ගෙන් ද පුහුණු වූ හා දියුණු කරන ලද ප්‍රඥාව නිරෝධ සමාපත්ති ඥානය යයි මාතෘකා කොට සියලු ආකාරයෙන් ම විසුද්ධි මාර්ගයෙහි කියන ලදී. එහෙයින් එහි කියන ලද පිළිවෙලින් ම ගත යුතුය. මෙම නිරෝධය නම් කුමක් ද යත් - ස්කන්ධ සතර නුවණින් සලකා) බලා එහි පවතින ස්වභාවය නැවැත්වීමයි. ඉක්බිති, කුමක් සඳහා මෙයට සමවැදීම කරත්ද යත් :- සංස්කාරයන්ගේ පැවැත්මෙහි කලකිරුණාහු සත්දිනක් සිහිය නවත්වා අවිත්තකව සිට සුවසේ වසන්නෙමු යයි සිතා නිරෝධය යන මෙය මේ භවයේදීම ලබන නිවන නම් වේයයි දැන මේ සමාපත්තියට පැමිණෙත්.
චිත්තසඞ්ඛාරො පඨමං උප්පජ්ජතීති නිරොධා වුට්ඨහන්තස්ස හි ඵලසමාපත්තිචිත්තං පඨමං උප්පජ්ජති. තංසම්පයුත්තං සඤ්ඤඤ්ච වෙදනඤ්ච සන්ධාය “චිත්තසඞ්ඛාරො පඨමං උප්පජ්ජතී”ති ආහ. තතො කායසඞ්ඛාරොති තතො පරං භවඞ්ගසමයෙ කායසඞ්ඛාරො උප්පජ්ජති.
චිත්ත සංඛාරො පඨමං උප්පජ්ජති = නිරෝධයෙන් නැගී සිටින්නහුට ඵල සමාපත්ති සිත පළමුව උපදී. එය හා එක් වූ සංඥාවද, වේදනාවද සඳහා චිත්ත සංස්කාරය පළමුව උපදින්නේ යයි කීය. තතො කාය සඞ්ඛාරො = ඉන් පසුව භවාංග සමයෙහි කාය සංස්කාරය උපදී.
කිං පන ඵලසමාපත්ති අස්සාසපස්සාසෙ න සමුට්ඨාපෙතීති? සමුට්ඨාපෙති. ඉමස්ස පන චතුත්ථජ්ඣානිකා ඵලසමාපත්ති, සා න සමුට්ඨාපෙති. කිං වා එතෙන? ඵලසමාපත්ති පඨමජ්ඣානිකා වා හොතු දුතියතතියචතුත්ථජ්ඣානිකා වා, සන්තසමාපත්තිතො වුට්ඨිතස්ස භික්ඛුනො අස්සාසපස්සාසා අබ්බොහාරිකා හොන්ති, තෙසං අබ්බොහාරිකභාවො සඤ්ජීවත්ථෙරවත්ථුනා වෙදිතබ්බො. සඤ්ජීවත්ථෙරස්ස හි සමාපත්තිතො වුට්ඨාය කිංසුකපුප්ඵසදිසෙ වීතච්චිතඞ්ගාරෙ මද්දමානස්ස ගච්ඡතො චීවරෙ අංසුමත්තම්පි න ඣායි, උස්මාකාරමත්තම්පි නාහොසි. සමාපත්තිබලං නාමෙතන්ති වදන්ති. එවමෙව සන්තාය ඵලසමාපත්තියා වුට්ඨිතස්ස භික්ඛුනො අස්සාසපස්සාසා අබ්බොහාරිකා හොන්තීති භවඞ්ගසමයෙනෙවෙතං කථිතන්ති වෙදිතබ්බං.
ආශ්වාස ප්රශ්වාසයෙන් යුක්තව සිටීමෙන් ඵල සමාපත්තිය උපදීදයත්, උපදින්නේය. ධ්‍යාන සතර මොහුට ඵල සමාපත්ති නො උපදවයි. මෙයින් කුමක් නම් සිදු වේද? ඵල සමාපත්තිය පළමුවන ධ්‍යානයට සම්බන්ධ හෝ වේවා, නැතහොත් දෙවන, තෙවන, සිවුවන ධ්‍යානයකට සම්බන්ධ හෝ වේවා සමාපත්තියෙන් නැඟී සිටි භික්ෂුවගේ ආශ්වාස ප්‍රශ්වාසයන් ඇගයීම් රහිත වේ. ඒවායේ ඇගයීම් රහිත බව සඤ්ජීව ස්ථවිර කථා වස්තුවෙන් දත යුතුය. ගිනි දැල් රහිත ගිනි අඟුරු මඩිමින් යන (ඒ භික්ෂුවගේ) සිවුරෙහි අංශු මාත්‍රයක් හෝ දැවුණේ නැත. උෂ්ණ ස්වභාවය මාත්‍රයක් හෝ නොවීය. මේ නම් සමාපත්ති ඵලය යයි කියත්. මේ නිසාම පල සමවතින් නැගී සිටි භික්ෂුවගේ ආශ්වාස ප්‍රශ්වාසයන් ඇගයීම් රහිත වේ. භවාංග සමයෙන්ම සලකා බලා මෙය කියන ලද්දේයයි දත යුතුය.
තතො වචීසඞ්ඛාරොති තතො පරං කිරියමයපවත්තවලඤ්ජනකාලෙ වචීසඞ්ඛාරො උප්පජ්ජති. කිං භවඞ්ගං විතක්කවිචාරෙ න සමුට්ඨාපෙතීති? සමුට්ඨාපෙති. තංසමුට්ඨානා පන විතක්කවිචාරා වාචං අභිසඞ්ඛාතුං න සක්කොන්තීති කිරියමයපවත්තවලඤ්ජනකාලෙනෙවෙතං කථිතං.
තතොවචී සඞ්ඛාරො = ඉන් පසුව ක්‍රියාත්මක තත්ත්වය පවත්නා ජවන කාලයෙහි වචී සඞ්ඛාරය උපදී. භවාංගය විතර්ක විචාර චෛතසිකයන්හිදී නො උපදීද? උපදියි. ඒ ඉපදීමෙන් වනාහී විතර්ක විචාරයෝ වචනය සංස්කරණය කිරීමට නො හැකිවූවෝ වෙත්. ක්‍රියාත්මක තත්ත්වය පවත්නා වූ ද, (අරමුණු) වැළඳ ගන්නාවූ ද කාලයෙන්ම සලකා බලා මෙය කියන ලදී.
සුඤ්ඤතො ඵස්සොතිආදයො සගුණෙනාපි ආරම්මණෙනාපි කථෙතබ්බා. සගුණෙන තාව සුඤ්ඤතා නාම ඵලසමාපත්ති, තාය සහජාතඵස්සං සන්ධාය “සුඤ්ඤතො ඵස්සො”ති වුත්තං. අනිමිත්තප්පණිහිතෙසුපි එසෙව නයො. ආරම්මණෙන පන නිබ්බානං රාගාදීහි සුඤ්ඤත්තා සුඤ්ඤතා නාම, රාගනිමිත්තාදීනං අභාවා අනිමිත්තං, රාගදොසමොහප්පණිධීනං අභාවා අප්පණිහිතං, සුඤ්ඤතං නිබ්බානං ආරම්මණං කත්වා උප්පන්නඵලසමාපත්තිසම්ඵස්සො සුඤ්ඤතො නාම. අනිමිත්තප්පණිහිතෙසුපි එසෙව නයො.
සුඤ්ඤතො ඵස්සො = යන මේ ආදිය එහි පවතිත් ස්වකීය ගුණයෙන්ද, අරමුණින් ද යුතුව කිව යුතුය. පවත්නා ගුණයන් සලකා කියන්නේ නම් ඵල සමාපත්තිය ශුන්‍ය භාවය (සුඤ්ඤතා) නම් වේ. ඒ (ශූන්‍ය භාවය) සමග එකට උපන් ස්පර්ශය සඳහා ශුන්‍ය භාවයෙන් වන ස්පර්ශය (සුඤ්ඤතො ඵස්සො) යයි කියන ලදී. නිමිත්තක් මත නො පිහිටි කල්හි වුවද මෙම පිළිවෙළම වේ. අරමුණ අනුව සලකන විට වනාහී නිවන රාගාදියෙන් ශූන්‍ය බැවින් එය ශූන්‍යතාවය (සුඤ්ඤතා) යයි නම් වේ. රාග නිමිති ආදිය නොමැති බැවින් “නිමිති රහිත බව (අනිමිත්ත) ය”යි නම් වේ. රාග ද්වේෂ මෝහ යන අපේක්ෂාවන් නැති බැවින් “ආශාවන්හි නොපිහිටි (හෙවත් අප්පණරහිත) නම් වේ. ශූන්‍යතාවය (ලෙසින් ද දැක්වුණ) නිර්වාණය අරමුණු කොට උපන් ඵල සමාපත්තින්ගේ ස්පර්ශය ශූන්‍යතාවය (සුඤ්ඤතා) නම් වේ. නිමිත්තක් (අරමුණක්) මත නො පිහිටි කල්හි වුවද මේ පිළිවෙළම වේ.
අපරා ආගමනියකථා නාම හොති. සුඤ්ඤතඅනිමිත්තඅප්පණිහිතාති හි විපස්සනාපි වුච්චති. තත්ථ යො භික්ඛු සඞ්ඛාරෙ අනිච්චතො පරිග්ගහෙත්වා අනිච්චතො දිස්වා අනිච්චතො වුට්ඨාති, තස්ස වුට්ඨානගාමිනිවිපස්සනා අනිමිත්තා නාම හොති. යො දුක්ඛතො පරිග්ගහෙත්වා දුක්ඛතො දිස්වා දුක්ඛතො වුට්ඨාති, තස්ස අප්පණිහිතා නාම. යො අනත්තතො පරිග්ගහෙත්වා අනත්තතො දිස්වා අනත්තතො වුට්ඨාති, තස්ස සුඤ්ඤතා නාම. තත්ථ අනිමිත්තවිපස්සනාය මග්ගො අනිමිත්තො නාම, අනිමිත්තමග්ගස්ස ඵලං අනිමිත්තං නාම, අනිමිත්තඵලසමාපත්තිසහජාතෙ ඵස්සෙ ඵුසන්තෙ “අනිමිත්තො ඵස්සො ඵුසතී”ති වුච්චති. අප්පණිහිතසුඤ්ඤතෙසුපි එසෙව නයො. ආගමනියෙන කථිතෙ පන සුඤ්ඤතො වා ඵස්සො අනිමිත්තො වා ඵස්සො අප්පණිහිතො වා ඵස්සොති විකප්පො ආපජ්ජෙය්ය, තස්මා සගුණෙන චෙව ආරම්මණෙන ච කථෙතබ්බං. එවඤ්හි තයො ඵස්සා ඵුසන්තීති සමෙති.
අනික නම් එළඹිය යුතු කථා වීමයි හෙවත් ප්‍රකාශ කළ යුතු අදහස් තවත් පවතී) ශූන්‍ය බව = (සුඤ්ඤත) නිමිති රහිත බව (අනිමිත්ත) ප්‍රාර්ථනා රහිත බව (අප්පණිහිත) යන මේවා විදර්ශනාවන්යයි ද කියනු ලැබේ. එහි යම් භික්ෂුවක් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ගෙන අනිත්‍යතාවයෙන් නැඟී සිටියි ද ඔහුගේ නැඟී සිටීම් සහිත විදර්ශනාව නිමිති රහිත බව (අනිමිත්තා) නම් වෙයි. යමකු (දුක) දුක වශයෙන් ග්‍රහණය කොට දුක කෙරෙන් වෙන්ව නැඟී සිටිය ද ඔහුට ප්‍රාර්ථනා රහිත ය. (අප්පණිහිතා) යනුවෙන් යෙදේ. යමකු අනාත්ම වශයෙන් ග්‍රහණය කොට, අනාත්ම වශයෙන් අනාත්ම භාවයෙන් නැඟී සිටියි ද ඔහුට ශූන්‍යභාවය (සුඤ්ඤතා) යන නම යෙදේ. එහි නිමිති රහිත විදර්ශනාව සඳහා වූ මාර්ගය නිමිති රහිත වූ බව” (අනිමිත්තො) නම් වේ. නිමිති රහිත මාර්ගයාගේ ඵලය අනිමිත්ත නම් වේ. නිමිති රහිත ඵල සමාපත්තිය හා එක්ව උපන් ස්පර්ශය ස්පර්ශයට ලක් වන කල්හි නිමිති රහිත වූ ස්පර්ශය ස්පර්ශයට ලක් වේයයි කියනු ලැබේ. ආශාවන්හි නො පිහිටි ශූන්යතාවයන්හි ද මෙම පිළිවෙළට වේ. පැමිණිය යුතුව ඇති, නැවතී සිටින්නාහු විසින් ශූන්‍යතාවයෙන් හෝ වන ස්පර්ශය ද, නිමිති රහිත භාවයෙන් හෝ වන ස්පර්ශය ද, ආශාවන්හි නො පිහිටීමෙන් හෝ වන ස්පර්ශය ද යන විකල්පයක් පැමිණෙන්නේය. එබැවින් (ඒ ස්පර්ශයන් පිළිබඳව) ස්වකීය ගුණයෙන් ද, අරමුණින් ද යුතුව කිව යුතු වේ. මෙසේ වනාහී ත්‍රිවිධ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේයයි තීරණයට බැසිය යුතු වේ.
විවෙකනින්නන්තිආදීසු නිබ්බානං විවෙකො නාම. තස්මිං විවෙකෙ නින්නං ඔනතන්ති විවෙකනින්නං. විවෙකපොණන්ති අඤ්ඤතො අගන්ත්වා යෙන විවෙකො, තෙන වඞ්කං විය හුත්වා ඨිතන්ති විවෙකපොණං. යෙන විවෙකො, තෙන පතමානං විය ඨිතන්ති විවෙකපබ්භාරං.
විවෙක නින්නං = මේ ආදියෙහි නිවන “විවේකය” නම් වේ. එම විවේකයෙහි නැඹුරු වූ, නැමුණ වූ යන අරුතින් “විවෙකනින්න” නම් වේ. විවේකයෙහි නැමුණ, අන් තැනෙක නො ගොස්, යම් තැනෙක විවේකය වේද එතැනට ම නැමුණාක් මෙන් වී සිටියේය යන අරුතින් විවේක පොණයයි යෙදේ. යම් තැනෙක විවේකය වේද එහි වැටී සිටිනු මෙන් සිටියේය යන අරුතින් විවෙක පබ්භාරං යි යෙදේ.