සඤ‍්ඤොජනසුත‍්තං
7. 1. 1.
7. 1. 1.
සඤ‍්ඤොජනසුත‍්තං
සංයෝජන සූත්‍රය
405. එකං සමයං සම‍්බහුලා ථෙරා භික‍්ඛූ මච‍්ඡිකාසණ‍්ඩෙ විහරන‍්ති අම‍්බාටකවනෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලානං ථෙරානං භික‍්ඛූනං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තානං මණ‍්ඩලමාලෙ සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරාකථා උදපාදි: සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා නානාව්‍යඤ‍්ජනා, උදාහු එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති?
405. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩ වන ලැහැබෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩල මාලයේ (රැස්වීම් හලෙ) හි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු දැ? යි.
තත්‍රෙකච‍්චෙහි ථෙරෙහි භික‍්ඛූහි එවං ව්‍යාකතං හොති: “සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාව්‍යඤ‍්ජනා චා”ති. එකච‍්චෙහි ථෙරෙහි භික‍්ඛූහි එවං ව්‍යාකතං හොති: සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නාන”න‍්ති.
එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි. ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි.
තෙන ඛො පන සමයෙන චිත‍්තො ගහපති මිගපථකං අනුප‍්පත‍්තො හොති කෙනචිදෙව කරණීයෙන. අස‍්සොසි ඛො චිත‍්තො ගහපති සම‍්බහුලානං කිර ථෙරානං භික‍්ඛූනං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තානං මණ‍්ඩලමාලෙ සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරාකථා උදපාදි: “සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා නානාව්‍යඤ‍්ජනා, උදාහු එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති? තත්‍රෙකච‍්චෙහි ථෙරෙහි භික‍්ඛූහි එවං ව්‍යාකතං: සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාව්‍යඤ‍්ජනා චා”ති. එකච‍්චෙහි ථෙරෙහි භික‍්ඛූහි එවං ව්‍යාකතං: සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති”. අථ ඛො චිත‍්තො ගහපති යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො චිත‍්තො ගහපති ථෙරෙ භික‍්ඛූ එතදවොච:
එසමයෙහි චිත්ත ගැහැවි කිසියම් කටයුත්තක් නිමිති කොට මිගපථක ගමට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙද්ද, නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි. මේ අතුරු කථාව පහළ වී ය” යි ද එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇසුයේ ම ය. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය:
සුතං මෙතං භන‍්තෙ සම‍්බහුලානං කිර ථෙරානං භික‍්ඛූනං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තානං මණ‍්ඩලමාලෙ සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරාකථා උදපාදි: “සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා නානාව්‍යඤ‍්ජනා? උදාහු එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති? එකච‍්චෙහි ථෙරෙහි භික‍්ඛූහි එවං ව්‍යාකතං: සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාව්‍යඤ‍්ජනා චාති. එකච‍්චෙහි ථෙරෙහි භික‍්ඛූහි එවං ව්‍යාකතං: සඤ‍්ඤොජනන‍්ති වා ආවුසො සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා එකත්‍ථා ව්‍යඤ‍්ජනමෙව නානන‍්ති”. එවං ගහපතීති.
“වහන්ස, පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩ හුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි, මේ අතුරු කථාව පහළ වී ය” යි ද ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද මා විසින් මෙය අසන ලද්දේ” යි. ගැහැවිය, එසේ ය යි.
සඤ‍්ඤොජනන‍්ති වා භන‍්තෙ සඤ‍්ඤොජනියා ධම‍්මාති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානා ව්‍යඤ‍්ජනා ච. තෙන හි භන‍්තෙ උපමං වො කරිස‍්සාමි. උපමායපිධෙකච‍්චෙ විඤ‍්ඤූ පුරිසා භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති. සෙය්‍යථාපි භන‍්තෙ කාළො ච බලිවද‍්දො ඔදාතො ච බලිවද‍්දො එකෙන දාමෙන වා යොත‍්තෙන වා සඤ‍්ඤුත‍්තා අස‍්සු. යො නු ඛො එවං වදෙය්‍ය: කාළො බලිවද‍්දො ඔදාතස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං, ඔදාතො ච බලිවද‍්දො කාළස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනන‍්ති සම‍්මා නු ඛො වදමානො වදෙය්‍යාති? නො හෙතං ගහපති,
“වහන්ස, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය” යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු වෙති. වහන්ස, එසේ වී නම් මුඹ වහන්සේට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති මිනිස්සු උපමාවෙන් ද දේශනාවේ අරුත දැන ගනිත්. වහන්ස, යම්සේ කළු ගොනෙකුත් සුදු ගොනෙකුත් එක් දමෙකින් හෝ එක් යොතෙකින් හෝ බඳනා ලද්දාහු වෙද්ද, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම ය. සුදු ගොන් කළු ගොනුගේ බැඳුම ය යි යමෙක් මෙසේ කියන්නේ නම් (ඒ) කියන්නා මැනවින් කියන්නේ දැ යි. ගැහැවි, මෙය නො වේ ම ය.
න ඛො ගහපති කාළො බලිවද‍්දො ඔදාතස‍්ස බලිවද‍්දස‍්ස සඤ‍්ඤොජනං, නපි ඔදාතො බලිවද‍්දො කාළස‍්ස බලාවද‍්දස‍්ස සඤ‍්ඤොජනං, යෙන ච ඛො තෙ එකෙන දාමෙන වා යොත‍්තෙන වා සඤ‍්ඤුත‍්තා තං තත්‍ථ සඤ‍්ඤොජනන‍්ති. එවමෙව ඛො භන‍්තෙ, න චක‍්ඛු රූපානං සඤ‍්ඤොජනං, න රූපා චක‍්ඛුස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං.
ගැහැවි, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම නොවේ. සුදු ගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු බඳනා ලද්දාහු වෙත් නම් එය එහි සංයෝජන යි. වහන්ස, එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපයෝ ඇසට සංයෝජන නො වෙති. එහි දෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
න සොතං සද‍්දානං සඤ‍්ඤොජනං, න සද‍්දා සොතස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං; න ඝානං ගන්‍ධානං සඤ‍්ඤොජනං, න ගන්‍ධා ඝානස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං. න ජිව‍්හා රසානං සඤ‍්ඤොජනං, න රසා ජිව‍්හාය සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං. න කායො ඵොට‍්ඨබ‍්බානං සඤ‍්ඤොජනං, න ඵොට‍්ඨබ‍්බා කායස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං. න මනො ධම‍්මානං සඤ‍්ඤොජනං, න ධම‍්මා මනස‍්ස සඤ‍්ඤොජනං, යඤ‍්ච තත්‍ථ තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දරාගො තං තත්‍ථ සඤ‍්ඤොජනං. ලාභා තෙ ගහපති සුලද‍්ධං තෙ ගහපති, යස‍්ස තෙ ගම‍්භීරෙ බුද‍්ධවචනෙ පඤ‍්ඤාචක‍්ඛු කමතීති.
කන සදට සංයෝජන නො වේ. සද කනට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. නැහැය ගඳට සංයෝජන නො වේ. ගඳ නැහැයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. දිව රසට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. කය පහසට සංයෝජන නො වේ. පහස කයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍ද රාගයෙක් උපදී නම් එහි සංයෝජන යි. සිත දහමට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. ගැහැවි, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද ඒ තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි යි.