ඡට්ඨ සමුද්දනින්නසුත්තං
1. 12. 12.
1. 12. 12.
ඡට්ඨ සමුද්දනින්නසුත්තං
ඡට්ඨ සමුද්දනින්න සූත්රය
138. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- සම්මාසමාධිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
138. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී යන නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
චතුත්ථ ගඞ්ගාපෙය්යාලි
දොළොස්වැනි චතුත්ථ ගඞ්ඟා පෙය්යාලය යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමමාලාව:
ඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
පාචීනනින්න සුතුරු සයෙකි. සමුද්දනින්න සුතුරු ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස්සුතුරෙක් වේ. එයින් වර්ග යයි කියනු ලැබේ යයි.