යෙදුමෙන් කියවන්න

තථාගතසුත‍්තං

1. 13. 1.

1. 13. 1.

තථාගතසුත‍්තං

තථාගත සූත්‍රය

139. සාවත්‍ථියං:

139. සැවැත්නුවර:

යාවතා භික‍්ඛවෙ, සත‍්තා අපදා වා දිපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ‍්ඤිනො වා අසඤ‍්ඤිනො වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤිනො වා, තථාගතො තෙසං අග‍්ගමක‍්ඛායති අරහං සම‍්මාසම‍්බුද‍්ධො. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා, අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායති. අප‍්පමත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති.

මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද තථාගත වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පමත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පමත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති. අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.

මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.