යෙදුමෙන් කියවන්න

13. අප‍්පමාදවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

13. අප්පමාද වර්ගය

1-4. තථාගතසුත‍්තාදිවණ‍්ණනා

1-4. තථාගත ආදි සූත්‍ර වර්ණනා

අප‍්පමාදපෙය්‍යාලෙ එවමෙව ඛොති එත්‍ථ යථා සබ‍්බසත‍්තානං සම‍්මාසම‍්බුද‍්ධො අග‍්ගො, එවං සබ‍්බෙසං කුසලධම‍්මානං කාරාපකඅප‍්පමාදො අග‍්ගොති දට‍්ඨබ‍්බො. නනු චෙස ලොකියොව, කුසලධම‍්මා පන ලොකුත‍්තරාපි. අයඤ‍්ච කාමාවචරොව, කුසලධම‍්මා පන චතුභූමකා. කථමෙස තෙසං අග‍්ගොති? පටිලාභකට‍්ඨෙන. අප‍්පමාදෙන හි තෙ පටිලබ‍්භන‍්ති, තස‍්මා සො තෙසං අග‍්ගො. තෙනෙතං වුත‍්තං සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකාතිආදි.

අප්පමාද පෙය්‍යාලයෙහි - එවමෙව ඛො = මෙහි යම් සේ සකල සත්ත්වයන්හට සම්මා සම්බුද්ධයන් වහන්සේ අග්‍රවෙත් ද, එසේ සකල කුසල ධර්මයන්හට ද ඒවා කරවන්නා වූ අප්‍රමාදය (නම් තැනැත්තා) අග්‍රයයි දැක්විය යුතුය. ලෞකික කුශල ධර්ම ලෝකෝත්තර නොවේ ද? මේ කාමාවචර කුශල ධර්ම පවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් චාතුර්භූමික වේ. මෙය කෙසේ නම් ඒවා අතරේ අග්‍ර වේද? ලැබෙන පමණින් අප්‍රමාදව ඔව්හු ප්‍රතිලාභ ලබත් එහෙයින් හේ ඒ ඔවුන් අතරෙහි අග්‍ර වේ. එබැවින් “ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත” යන ආදිය කියන ලදී.

5-8. පදසුත‍්තානිවණ‍්ණනා

5-8. පද සූත්‍ර වර්ණනා

ජඞ‍්ගලානන‍්ති පථවීතලවාසීනං. පාණානන‍්ති සපාදකපාණානං. පදජාතානීති පදානි. සමොධානං ගච‍්ඡන‍්තීති ඔධානං උපක‍්ඛෙපං ගච‍්ඡන‍්ති. අග‍්ගමක‍්ඛායතීති සෙට‍්ඨං අක‍්ඛායති. යදිදං මහන‍්තත‍්තෙනාති මහන‍්තභාවෙන අග‍්ගමක‍්ඛායති, න ගුණවසෙනාති අත්‍ථො.

ජඞ්ගමානං = පෘථුවි තලයෙහි හැසිරෙන්නවුන්ගේ පාණානං = පාද සහිත ප්‍රාණීන්ගේ පද ජාතානි පියවරවල් සමොධානං ගච්ඡන්ති = එක් අරමුණකට, එක් තැනකට යති. අග්ගමක්‍ඛායති = ශ්‍රේෂ්ඨ යයි කියති. යදිදං මහන්තත්තෙන = මහත් බැවින් අග්‍රයයි කියති, ගුණ වශයෙන් නොවේය යන අර්ථයි.

9-40. කූටසුත‍්තානිවණ‍්ණනා

9-40. කූට සූත්‍ර වර්ණනා

වස‍්සිකන‍්ති සුමනපුප‍්ඵං. ඉමං කිර සුත‍්තං සුත්‍වා භාතියමහාරාජා වීමංසිතුකාමතාය එකස‍්මිං ගබ‍්භෙ චතුජාතිගන්‍ධෙහි පරිභණ‍්ඩං කාරෙත්‍වා සුගන්‍ධානි පුප‍්ඵානි ආහරාපෙත්‍වා එකස‍්ස සමුග‍්ගස‍්ස මජ‍්ඣෙ සුමනපුප‍්ඵමුට‍්ඨිං ඨපෙත්‍වා සෙසානි තස‍්ස සමන‍්තතො මුට‍්ඨිමුට‍්ඨිං කත්‍වා ඨපෙත්‍වා ද‍්වාරං පිධාය බහි නික‍්ඛන‍්තො. අථස‍්ස මුහුත‍්තං වීතිනාමෙත්‍වා ද‍්වාරං විවරිත්‍වා පවිසන‍්තස‍්ස සබ‍්බපඨමං සුමනපුප‍්ඵගන්‍ධො ඝානං පහරි. සො මහාතලස‍්මිංයෙව මහාචෙතියාභිමුඛො නිපජ‍්ජිත්‍වා – “වස‍්සිකං තෙසං අග‍්ගන‍්ති කථෙන‍්තෙන සුකථිතං සම‍්මාසම‍්බුද‍්ධෙනා”ති චෙතියං වන්‍දි. කුට‍්ටරාජානොති ඛුද‍්දකරාජානො. “ඛුද‍්දරාජානො”තිපි පාඨො. තන‍්තාවුතානන‍්ති තන‍්තෙ ආවුතානං, තන‍්තං ආරොපෙත්‍වා වායිතානන‍්ති අත්‍ථො. ඉදඤ‍්ච පච‍්චත‍්තෙ සාමිවචනං. යානි කානිචි තන‍්තාවුතානි වත්‍ථානීති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. අථ වා තන‍්තාවුතානං වත්‍ථානං යානි කානිචි වත්‍ථානීති එවං සාවසෙසපාඨනයෙනපෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

වස්සිකං = දෑ සමන් මල් මෙය අසා භාතිය මහරජ තෙමේ එය විමසනු කැමැත්තෙන් එක් ගැබෙක්හි (කුටියෙක) සිවු දෑ ගඳින් පිරිබඩ ගෑම කරවා සුවඳ මල් ගෙන්වා එක් කරඬුවෙක මැද සමන් මල් මිටක් තබවා සෙස්ස ඒ අවටින් මිටි මිටි කොට තබවා දොර වසා බැහැරට නික්මිණි. ඉක්බිති මොහොතක් කල් යවා දොර විවර කොට පිවිසුණ ඔහුගේ නැහැයට සියල්ලටම පෙර සමන් මල් සුවඳ ස්පර්ශ විය. හෙතෙම මහා තැනිතලාව මතම මහා චෛත්‍යයට අභිමුඛව වැතිරී වර්ෂාව ඔවුන් හට අගනේය යන මනා කියමන බුදුන් වහන්සේ විසින් දෙසන ලද්දේය යි කියා චෛත්‍යය වන්දනා කළේය. කුඩ්ඩ රාජානො = කුඩා රජවරු කූට රාජානො යනුවෙන් ද පාඨයක් වේ. තන්නාවුතානං = නූලෙහි අමුණන ලද්දේ නූලටම ආරෝපණය කොට වියන ලද්දේය යන අර්ථයයි. මෙයද කර්තෘ අර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයකි. යම්කිසි දේවල් නූල්වල අමුණන ලද්දේය යන මෙය වනාහී මෙහි අර්ථයයි. නැතහොත් නූල්වලින් මසන ලද යම්කිසි වස්ත්‍රයක් යයි මෙසේ ඉතිරි පාඨයන්ගේ පිළිවෙළින් ද මෙහි අර්ථය දැක්විය හැක්කේය. සෙසු සියලු ස්ථාන පහසුවන්නේය.

අප‍්පමාදවග‍්ගො අට‍්ඨමො.

අප්පමාද වග්ගය නිමි.