පදසුත‍්තානි
1. 13. 5-8.
1. 13. 5-8.
පදසුත‍්තානි
පද සූත්‍ර
143-146. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යානි කානිචි ජඞ‍්ගමානං පාණානං පදජාතානි, සබ‍්බානි තානි හත්‍ථිපදෙ සමොධානං ගච‍්ඡන‍්ති. හත්‍ථිපදං තෙසං අග‍්ගමක‍්ඛායති යදිදං මහන‍්තත‍්තෙන. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා, අප‍්පමාදසමොසරණා. අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායති. අප‍්පමත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං: අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතීති -පෙ- බහුලීකරොතීති.
143-146. මහණෙනි, යම්සේ ඇවිදිනසතුන්ගේ යම් කිසි පා සටහන්හු වෙද්ද, ඒ සියල්ලෝ ඇත්පියෙහි ඇතුළත්වීමට යෙත්, ඇත්පිය මහත් බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහු අප්‍රමාදය ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
(යථා තථාගතසුත‍්තානි තථා විත්‍ථාරෙතබ‍්බානි)
(තථාගත සූත්‍ර මෙන් විස්තර කටයුතු යි)
1. 13. 9-12.
1. 13. 9-12.
කූටසුත‍්තානි
කූට සූත්‍ර
147-150. සෙය්‍යථාපි භික‍්ඛවෙ, කූටාගාරස‍්ස යා කාචි ගොපානසියො සබ‍්බා තා කූටඞ‍්ගමා කූටනින‍්නා කූටසමොසරණා, කූටං තාසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි කුසලා ධම‍්මා -පෙ- බහුලීකරොතීති.
147-150 මහණෙනි, යම්සේ කුළුගෙයක යම් කිසි ගොනැස්හු (-පරාල) වෙත් නම් ඒ සියල්ලෝ මුදුනට ගියාහු මුදුනට නැමුණාහු මුදුන සමග පවත්නාහු වෙති. මුදුන ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු … බහුල කෙරේ යයි.
1. 13. 13-16.
1. 13. 13-16.
මූලසුත‍්තානි
මූල සූත්‍ර
151-154. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි මූලගන්‍ධා, කාලානුසාරි තෙසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
151-154. මහණෙනි, යම්සේ යම්කිසි මුල්ගඳහු වෙද්ද කළුඅගිල් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 17-20.
1. 13. 17-20.
සාරසුත‍්තානි
සාර සූත්‍රය
155-158. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි සාරගන්‍ධා, ලොහිතචන්‍දනං තෙසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
155-158. මහණෙනි, යම්සේ යම් කිසි හර ගඳහු වෙද්ද, රත්සඳුන් ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 21-24.
1. 13. 21-24.
වස‍්සිකසුත‍්තානි
වස්සික සූත්‍ර
159-162. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි පුප‍්ඵගන්‍ධා, වස‍්සිකං තෙසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
159-162. මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 25-28.
1. 13. 25-28.
රාජසුත‍්තානි
රාජ සූත්‍ර
163-166. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි කුඩ‍්ඩරාජානො සබ‍්බෙ තෙ රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අනුයන‍්තා භවන‍්ති. රාජා තෙසං චක‍්කවත‍්ති අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
163-166. මහණෙනි, යම්සේ යම් කිසි කුඩාරජහු වෙද්ද, ඒ සියල්ලෝ සක්විතිරජුට අනුව යන්නෝ වෙති සක්විති රජ ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 29-32.
1. 13. 29-32.
චන්‍දිමසුත‍්තානි
චන්‍දිම සූත්‍ර
167-170. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යා කාචි තාරකරූපානං පභා, සබ‍්බා තා චන්‍දිමප‍්පභාය කලං නාග‍්ඝති සොළසිං චන්‍දප‍්පභා තාසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ- බහුලීකරොතීති.
167-170. මහණෙනි, යම්සේ තරු පිළිබඳ යම් කිසි එළියක් වේ ද, ඒ සියල්ල සඳඑලියෙහි සොළොස්වෙනි කලාවෙන් කලාවකුත් නො අගී. සඳරැස් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 33-36.
1. 13. 33-36.
සුරියසුත‍්තානි
සුරිය සූත්‍ර
171-174. සෙය්‍යථාපි භික‍්ඛවෙ, සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච‍්චො නභං අබ‍්භුසසුසක‍්කමානො සබ‍්බං ආකාසගතං තමගතං අභිවිහච‍්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙව ඛො භික‍්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
171-174. මහණෙනි, ශරත්කල්හි පහ ව ගිය වලාකුළු ඇති වැස්ස නැවති කල්හි හිරු අහසට නැගෙනුයේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා යම්සේ දිලිසේ ද, තවා ද, බබළා ද, මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.