යෙදුමෙන් කියවන්න

චතුත්‍ථ තථාගතසුත‍්තං

1. 13. 4.

1. 13. 4.

චතුත්‍ථ තථාගතසුත‍්තං

චතුත්‍ථ තථාගත සූත්‍රය

142. යාවතා භික‍්ඛවෙ, සත‍්තා අපදා වා දිපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ‍්ඤිනො වා අසඤ‍්ඤිනො වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤිනො වා, තථාගතො තෙසං අග‍්ගමක‍්ඛායති අරහං සම‍්මාසම‍්බුද‍්ධො. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා. අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායති. අප‍්පමත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං: “අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සතී”ති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පමත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති නිබ‍්බානනින‍්නං නිබ‍්බානපොණං නිබ‍්බානපබ‍්භාරං -පෙ- සම‍්මාසමාධිං භාවෙති නිබ‍්බානනින‍්නං නිබ‍්බානපොණං නිබ‍්බානපබ‍්භාරං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පමත‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතීති.

142. මහණෙනි, අපාදක වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤි වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤී වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.