14. බලකරණීයවග්ගො අට්ඨකථා
14. බලකරණීය වර්ගය
1. බලසුත්තවණ්ණනා
1. බල සූත්‍ර වර්ණනාව
බලකරණීයවග්ගෙ බලකරණීයාති ඌරුබලබාහුබලෙන කත්තබ්බා ධාවනලඞ්ඝනතාපනවහනාදයො කම්මන්තා. සීලෙ පතිට්ඨායාති චතුපාරිසුද්ධිසීලෙ ඨත්වා. අට්ඨඞ්ගිකං මග්ගන්ති සහවිපස්සනං අරියමග්ගං.
බල කරණීය වර්ගයෙහි - පාදබල හා බාහුබලයෙන් කළයුතු දිවීම් පැනීම් තැවීම් උසුලාගෙන යාම් ආදී කර්මාන්ත සීලෙ පතිට්ඨාය = (පාතිමොක්ඛ සංවර, ඉන්ද්රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිසිත යන) චතු පාරිසුද්ධි සීලයෙහි පිහිටා අට්ඨංගිකං මග්ගං = විදර්ශනාව සහිත ආර්ය මාර්ගය
5. බීජසුත්තානිවණ්ණනා
5. බීජ සූත්‍ර වර්ණනා
බීජගාමභූතගාමාති එත්ථ පඤ්චවිධම්පි බීජං බීජගාමො නාම, තදෙව පණ්ණසම්පන්නං නීලභාවතො පට්ඨාය භූතගාමොති වෙදිතබ්බං.
බීජගාම භූතගාම = මෙහි (මූල බීජ, ඛන්ධබීජ, අග්ගබීජ, ඵලබීජ, බීජබීජ යන) පස් වැදෑරුම් බීජ “බීජගාම” නම් වේ. එයම පත්‍රවලින් සම්පූර්ණ වූයේ නිල් පැහැති ස්වභාවයෙන් පටන්ගෙන වෘක්ෂ ලතා දක්වා වේ යයි දතයුතු වේ.
9. නාගසුත්තානිවණ්ණනා
9. නාග සූත්‍ර වර්ණනා
බලං ගාහෙන්තීති බලං ගණ්හන්ති, ගහිතබලා ථිරසරීරා හොන්ති. කුසොබ්භෙ ඔතරන්තීතිආදීසු අයමනුපුබ්බිකථා – නාගිනියො කිර උතුසමයෙ පතිට්ඨිතගබ්භා චින්තෙන්ති – “සචෙ මයං ඉධ විජායිස්සාම, එවං නො දාරකා ඌමිවෙගඤ්ච සුපණ්ණස්ස ච පක්ඛන්‍දිත්‍වා ආගතස්ස වෙගං සහිතුං න සක්ඛිස්සන්තී”ති තා මහාසමුද්දෙ නිමුජ්ජිත්වා සම්භජ්ජමුඛද්වාරං පත්වා පඤ්ච මහානදියො පවිසිත්වා හිමවන්තං ගච්ඡන්ති. තත්ථ සුපණ්ණෙහි අපක්ඛන්දනීයාසු සුවණ්ණරජතමණිගුහාසු වසමානා විජායිත්වා නාගපොතකෙ ගොප්ඵකාදිපමාණෙසු උදකෙසු ඔතාරෙත්වා උදකතරණං සික්ඛාපෙන්ති.
බලං ගාගෙන්ති = බලය ගනිත්, ගන්නා ලද ශක්තීන් ස්ථිර ශරීර බවට පත් වේ. කුස්සුබ්හෙ ඔතරන්තී යන ආදියෙහි මේ අනු පිළිවෙළ කථාවයි. නාග ස්ත්‍රීහු වනාහී ගැබ් ගන්නා සමයෙහි ගැබ් පිහිටියාහු මෙසේ සිතත් “ඉදින් අපි මෙහි දරුවන් වදන්නෙමු නම් දියෙහි රළ වේගයට ද, ගුරුළන් හට ද (බියෙන්) දුව පැන පැමිණෙන අපගේ දරුවෝ තම වේගය ඉවසා දරා ගැනීමට නො හැක්කෝ වෙති.” ඒ නාග ස්ත්‍රීහු මුහුදෙහි ගිලී ගංමෝය සඳහා බිඳුණ ගංමුව දොරට පැමිණ පංච මහා ගංගාවනට පිවිස හිමවතට යති. එහි ගුරුළන් හට නො පැමිණිය හැකි රන් රිදී මැණික් ගුහාවන්හි වසමින් දරුවන් වදා නාග පෝතකයන් (ඔවුන්ගේ) වළලුකර ඇටචල මට්ටම පමණ වූ දියට බස්වා ජල තරණය පුහුණු කරවත්.
අථ යදා අනුක්කමෙන තෙ නාගා ගඞ්ගාදීනං නදීනං ඔරිමතීරතො පරතීරං, පරතීරතො ඔරිමතීරන්ති තරණපටිතරණං කාතුං සක්කොන්ති, තදා “ඉදානි නො දාරකා ඌමිවෙගඤ්ච ගරුළවෙගඤ්ච සහිතුං සක්ඛිස්සන්තී”ති ඤත්වා අත්තනො ආනුභාවෙන මහාමෙඝං සමුට්ඨාපෙත්වා සකලහිමවන්තං එකොදකං විය කුරුමානා දෙවං වස්සාපෙත්වා සුවණ්ණරජතාදිමයා නාවා මාපෙත්වා උපරි සුවණ්ණතාරකවිචිත්තං සමොසරිතගන්ධපුප්ඵදාමං චෙලවිතානං බන්ධිත්වා සුරභිචන්දනගන්ධපුප්ඵාදීනි ආදාය තාහි නාවාහි පඤ්ච මහානදියො ඔගාහිත්වා අනුක්කමෙන මහාසමුද්දං පාපුණන්ති. තත්ථ ච වසන්තා දසබ්යාම-සතබ්යාම-සහස්සබ්යාම-සතසහස්සබ්යාම-පමාණතං ආපජ්ජන්තා මහන්තත්තං වෙපුල්ලත්තං ආපජ්ජන්ති නාම.
ඉක්බිති යම් කලෙක පිළිවෙළින් ඒ නාගයන් හට ගංගා ආදී නදීන්හි මෙතෙරින් එතෙරටද, ඒ තෙරින් මෙතෙරටද එතෙර මෙතෙර යාමට හැකිවේද, එකල්හි “දැන් අපගේ දරුවෝ දිය රළෙහි වේගය ද, ගුරුළන් ගේ වේගය ද ඉවසා දරා ගැනීමට සමත් වන්නාහ යි දැන තම ආනුභාවයෙන් මහා වර්ෂාවක් ඇති කරවා මුළු හිමවතම එකම ජලාශයක් කරමින් වැසි වස්වා රනින් හා රිදියෙන් කළ නැව් මවා මතුයෙහි රන් තරුවලින් විසිතුරු වූ, එක් තැන් කළ ගඳ මල් දම් හා රෙදි වියන් බඳවා සුරා, බත්, ගඳමල් ආදිය ගෙන්වා ගෙන එම නැව්වලින් මහා ගංගා පහ ඉක්මවා ක්‍රමයෙන් මහා සමුද්‍රයට පැමිණෙත්. එහි වෙසෙන්නාවූ ඒ නාගයෝ බඹ සියය, බඹ දහස, බඹ ලක්ෂය යන ප්රමාණයන්ට වැඩෙන්නාහු මහත් බවට, විශාල බවට පැමිණෙත්.
එවමෙව ඛොති එත්ථ හිමවන්තපබ්බතො විය චතුපාරිසුද්ධිසීලං දට්ඨබ්බං, නාගපොතකා විය යොගාවචරා, කුසොබ්භාදයො විය අරියමග්ගො, මහාසමුද්දො විය නිබ්බානං. යථා නාගපොතකා හිමවන්තෙ පතිට්ඨාය කුසොබ්භාදීහි මහාසමුද්දං පත්වා කායමහන්තත්තං ආපජ්ජන්ති, එවං යොගිනො සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියමග්ගෙන නිබ්බානං පත්වා අරහත්තමග්ගෙනෙව ආගතෙසු ඡසු අභිඤ්ඤාධම්මෙසු ගුණසරීරමහන්තත්තං පාපුණන්තීති.
එවමෙව ඛො = මෙහි හිමාලය පර්වතය මෙන් චතුපාරිශුද්ධි ශීලය දැක්විය යුතුය. නාග පෝතකයන් මෙන් යෝගාවචරයන් ද, කුඩා විල්මෙන් ආර්ය මාර්ගය ද, මහා සමුද්‍රය මෙන් නිර්වාණය ද දැක්විය යුතුය. යම් සේ නාගපෝතකයෝ හිමවතෙහි පිහිටා කුඩා විල් ආදියෙන් මහ සමුදුරට පැමිණ ශාරීරිකව මහත් බවට පැමිණෙත් ද, එසේම යෝගීහු සීලය ආධාර කොට ගෙන, සීලයෙහි පිහිටා ආර්ය මාර්ගයෙන් නිවනට පැමිණ අර්හත් මාර්ගයෙන්ම පැමිණි අභිඥධර්මයන් ඇති කල්හි ගුණශරීර වශයෙන් මහත් බවට පැමිණෙත්.
17. කුම්භසුත්තානිවණ්ණනා
17. කුම්හ සූත්‍ර වර්ණනා
කුම්භොති උදකඝටො. නො පච්චාවමතීති න පතිආවමති, න අන්තො පවෙසෙතීති අත්ථො.
කුම්හො = දිය කළය. නො පච්චාවමති = ආපසු නො හැරෙයි, ඇතුළට නොපිවිසෙයි යන අර්ථයි.
25. ආකාස සුත්තානිවණ්ණනා
25. ආකාස සූත්‍ර වර්ණනා
පුරත්ථිමාති පුරත්ථිමදිසතො ආගතවාතා. පච්ඡිමදිසාදීසුපි එසෙව නයො. චත්තාරොපි සතිපට්ඨානාති යථෙව හි එතෙසං පුරත්ථිමාදිභෙදානං වාතානං සන්නිපාතො ආකාසෙ ඉජ්ඣති, එවං ඉධාපි “චත්තාරො සතිපට්ඨානා”තිආදිනා නයෙන වුත්තා බොධිපක්ඛියධම්මා සහවිපස්සනස්ස අරියමග්ගස්ස භාවනාය ඉජ්ඣන්ති, තෙනෙතං වුත්තං.
පුරත්ථිමා = නැගෙනහිර දෙසින් පැමිණි වාතය පච්ඡිම ආදියෙහි ද මේ පිළිවෙළම වේ. චත්තාරොපි සතිපට්ඨානා = යම් සේ වනාහී පෙරදිග ආදී වශයෙන් වෙන්වූ මෙම වාතයන්ගේ එක්වීම අහසෙහිදී සිදු වේද, එසේම මෙහිද සතර සතිපට්ඨානයන්ය යන ආදී වශයෙන් කියන ලදී. බෝධිපාක්ෂික ධර්මයෝ විදර්ශනාව සහිත ආර්ය මාර්ගයාගේ භාවනාව සඳහා වර්ධනය වෙති. ඒ නිසා මෙය කියන ලදී.
29. මෙඝසුත්තානිවණ්ණනා
29. මේඝ සූත්‍ර වර්ණනා
ගිම්හානං පච්ඡිමෙ මාසෙති ආසාළ්හමාසෙ. ඌහතන්ති ද්විපදචතුප්පදානං පාදප්පහාරෙන පථවීතලෙ උට්ඨහිත්වා උද්ධං ගතං වට්ටිවට්ටි හුත්වා ආකාසෙ පක්ඛන්තං. රජොජල්ලන්ති පංසුරජොජල්ලං.
ගිම්හානං පච්ඡිමෙ මාසෙ = ඇසළ මාසයෙහි. උපහතං = දෙපාවුන්ගේ හා සිවුපාවුන්ගේ පා පහරින් පොළෝ තලයෙහි නැඟී සිට ඉහළට යොමු වී (පහන්) වැටී ආකාරයට පත් වී අහසෙහි විහිදෙන රජොජල්ලං = (ඇඟේ තැවරී ඇති) පස් දුවිලි තට්ටුව.
37. නාවාසුත්තානිවණ්ණනා
37. නවා සූත්‍ර වර්ණනා
සාමුද්දිකාය නාවායාතිආදි හෙට්ඨා වාණිජකොපමෙ විත්ථාරිතමෙව.
සාමුද්දිකාය නාවාය = යන ආදිය වනාහී යට වෙළෙන්දා පිළිබඳ උපමා මෙහිදී විස්තර කරන ලද්දේමය.
41. ආගන්තුකසුත්තානිවණ්ණනා
41. ආගන්තුක සූත්‍ර වර්ණනා
ආගන්තුකාගාරන්ති පුඤ්ඤත්ථිකෙහි නගරමජ්ඣෙ කතං ආගන්තුකඝරං, යත්ථ රාජරාජමහාමත්තෙහිපි සක්කා හොති නිවාසං උපගන්තුං. අභිඤ්ඤා පරිඤ්ඤෙය්යාති යථෙව හි තෙසං පුරත්ථිමදිසාදීහි ආගතානං ඛත්තියාදීනං වාසො ආගන්තුකාගාරෙ ඉජ්ඣති, එවං ඉමෙසං අභිඤ්ඤාපරිඤ්ඤෙය්යාතිආදීනං ධම්මානං අභිඤ්ඤාපරිජානනාදීහි සහවිපස්සනස්ස අරියමග්ගස්ස භාවනාය ඉජ්ඣන්ති, තෙනෙතං වුත්තං. නදීසුත්තං හෙට්ඨා වුත්තනයමෙවාති.
ආගන්තුකා ගාරං = පින් කැමැත්තවුන් විසින් නුවර මැද කරවන ලද ආගන්තුකයන් සඳහා වූ ගෘහය, එහි රාජරාජ මහාමාත්‍යවරුන් හට ද නැවතීම සඳහා පැමිණිය හැක. අහිඤ්ඤා පරිඤ්ඤෙය්‍ය = යම් සේ වනාහී පෙරදිග ආදී දිසාවන්ගෙන් පැමිණි එම ක්ෂත්රිය ආදීන් හට ද ආගන්තුක ගෘහයෙහි වාසය පිණිස කැමැත්ත උපදීද, එසේම මනාවූ නුවණින් දත යුතුව ඇතැයි යන ආදී මේ ධර්මයන් හට ද, මනා වූ නුවණින් දැන ගත යුතුව ඇතැයි යන විදර්ශනා ආර්ය මාර්ගය වැඩීමට ද කැමතිවෙත් ද ඒ නිසා මෙය කියන ලදී. නදීසූත්රය යට කියන ලද පිළිවෙළ අනුවම වේ.
බලකරණීයවග්ගො නවමො.
බලකරණිය වර්ගය නිමියේය.