යෙදුමෙන් කියවන්න

නාවාසුත‍්තානි

1. 14. 37-40.

1. 14. 37-40.

නාවාසුත‍්තානි

නාවා සූත්‍ර

215-218. සෙය්‍යථාපි භික‍්ඛවෙ, සාමුද‍්දිකාය නාවාය වෙත‍්තබන්‍ධන බන්‍ධාය ඡම‍්මාසානි උදකෙ පරියාතාය හෙමන‍්තිකෙන ථලං උක‍්ඛිත‍්තාය වාතාතපපරෙතානි බන්‍ධනානි තානි පාවුස‍්සකෙන මෙඝෙන අභිප‍්පවුට‍්ඨානි අප‍්පකසිරෙන පටිප‍්පස‍්සම‍්භන‍්ති. පූතිකානි භවන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතො අප‍්පකසිරෙනෙව සංයොජනානි පටිප‍්පස‍්සම‍්භන‍්ති. පූතිකානි භවන‍්ති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතො අප‍්පකසිරෙනෙව සංයොජනානි පටිප‍්පස‍්සම‍්භන‍්ති පූතිකානි භවන‍්ති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතො අප‍්පකසිරෙනෙව සංයොජනානි පටිප‍්පස‍්සම‍්භන‍්ති පූතිකානි භවන‍්තීති.

215-218 මහණෙනි, වේවැල්බැඳුමින් බඳනා ලද සමසක් මුළුල්ලෙහි දියෙහි ඔබිනොබ ගමන් කළ හේමන්තවාතයෙන් ගොඩ නගන ලද මුහුදෙහි වූ නැවක් පිළිබඳ අවුසුළඟින් මඬනා ලද (යම්) බන්‍ධනයෝ වෙත් ද ඔහු වැසිකල්හි වූ වැස්සෙන් හාත්පසින් තෙමුණාහු නිතැතින් ම යම්සේ ලිහෙද්ද, කුණුවූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත්. ක්‍ෂය වෙත්. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන, අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙද්ද ක්‍ෂය වූවාහු වෙද්ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සම්‍යක්දෘෂ්ටිය වඩයි ... සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත් ක්‍ෂය වූවාහු වෙති යී.