යෙදුමෙන් කියවන්න

ආගන‍්තුකසුත‍්තානි

1. 14. 41-44.

1. 14. 41-44.

ආගන‍්තුකසුත‍්තානි

ආගන්තුක සූත්‍ර

219-222. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ආගන‍්තුකාගාරං, තත්‍ථ පුරත්‍ථිමාය දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. පච‍්ඡිමාය දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. උත‍්තරාය දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. දක‍්ඛිණාය දිසාය ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. ඛත‍්තියාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. බ්‍රාහ‍්මණාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. වෙස‍්සාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති. සුද‍්දාපි ආගන‍්ත්‍වා වාසං කප‍්පෙන‍්ති.

219-222. මහණෙනි, ආගන්තුක ගෘහය යම්සේ ද, එහි පෙරදිගින් ද අවුත් වාස කෙරෙති. පැළදිගින් ද අවුත් වාස කෙරෙති. උතුරු දිගින් ද අවුත් වාස කෙරෙති. දකුණුදිගින්ද අවුත් වාස කෙරෙති. ක්‍ෂත්‍රියෝද අවුත් වාස කෙරෙති. බ්‍රාහ්මණයෝ ද අවුත් වාස කෙරෙති. වෛශ්‍යයෝ ද අවුත් වාස කෙරෙති ශුද්‍රයෝ ද අවුත් වාස කෙරෙත්.

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො යෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පරිජානාති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පජහති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා සච‍්ඡිකරොති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා භාවෙති.

මහණෙනි, එපරිද්දෙන් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් ප්‍රහාණය කටයුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් ප්‍රහාණය කරයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් පසක් කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් පසක්කෙරෙයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් වඩයි.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා: පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයා. කතමෙ පඤ‍්ච, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ඛො භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා. කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා: අවිජ‍්ජා ච භවතණ‍්හා ච. ඉමෙ භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා. කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා: විජ‍්ජා ච විමුත‍්ති ච, ඉමෙ භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා. කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා: සමථො ච විපස‍්සනා ච. ඉමෙ භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො, යෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පරිජානාති -පෙ- යෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා භාවෙති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො, යෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පරිජානාති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පජහති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා සච‍්ඡිකරොති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා භාවෙතීති.

මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුත්තාහු ද: පඤ්චෝපාදානස්කන්‍ධ යයි කිව යුතු වෙයි. කවර පසෙක්ද යත්: රූපෝපාදානස්කන්‍ධය ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් ප්‍රහාණයකට යුත්තාහු ද: අවිද්‍යාවත් භාවතෘෂ්ණාවත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් ප්‍රහාණය කළ යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පසක්කළ යුත්තාහු ද: විද්‍යාවත් විමුක්තියත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් පසක්කළ යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් වැඩිය යුත්තාහු ද: සමථයත්, විදර්‍ශනාවත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස් නුවණින් වැඩිය යුත්තාහු ය. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී ද … යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් වඩා ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ, අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් ප්‍රහාණය කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් ප්‍රහාණයකරයි. යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පසක්කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පසක් කෙරෙයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් වඩා යි.