නදීසුත්තානි
1. 14. 45-48.
1. 14. 45-48.
නදීසුත්තානි
නදී සූත්ර
223-226. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. අථ මහාජනකායො ආගච්ඡෙය්ය, කුද්දාලපිටකං ආදාය මයං ඉමං ගඞ්ගානදිං පච්ඡානින්නං කරිස්සාම පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො මහාජනකායො තං ගඞ්ගානදිං පච්ඡානින්නං කරෙය්ය පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති? නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? ගඞ්ගා භන්තෙ, නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. සා න සුකරා පච්ඡානින්නං කාතුං පච්ඡාපොණං පච්ඡාපබ්භාරං. යාවදෙව ච පන සො මහාජනකායො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති.
223-226. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, ඉදින් මහා ජනසමූහයෙක් උදලුපැහි රැගෙන අපි මේ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නෙමු යි එන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ඒ මහාජනසමූහයා ඒ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නේ ද? වහන්ස, එය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: වහන්ස, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා ය. ඒ ගඟ පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නට පහසු නො වෙයි. ඒ මහජනසමූහයා හුදෙක් විඩාවට පෙළීමට භාජන වන්නේ යයි.
එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තං අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තං රාජානො වා රාජමහාමත්තා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා භොගෙහි අභිහට්ඨුං පවාරෙය්යුං. එහම්භො පුරිස, කින්තෙ ඉමෙ කාසාවා අනුදහන්ති, කිං මුණ්ඩො කපාලමනුසඤ්චරසි. එහි. හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී’ති. සො වත භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෙය්යාති. නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: යං හි තං භික්ඛවෙ, චිත්තං දීඝරත්තං විවෙකනින්නං විවෙකපොණං විවෙකපබ්භාරං. තං වත හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
මහණෙනි, එසෙයින්ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහු රජවරු හෝ රජමහඇමතියෝ හෝ මිතුරෝ හෝ සහචරයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ එම්බල පුරුෂය, “එව මේ කහවත් කුමකට තා විසින් හඳිනු (දරනු) ලැබේද? කීම මුඬු වැ කබලෙකින් යුක්ත ව හැසිරෙහි ද? එව ගිහිබවට පෙරළී භෝගයන් ද අනුභව කරව පින් ද කරව”යි භෝගයෙන් එළවා පවරන්නාහු නම් මහණෙනි, අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්ෂා ප්රතික්ෂේප කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ය. ඊට හේතු කීම? මහණෙනි, යම් හෙයෙකින් ඒ සිත බොහෝ කලක් විවේකයට නැමුණේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ නම් ඒ සිත ඒකාන්තයෙන් ලාමකබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ම ය. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
(යථා බලසුත්තානි සබ්බානි තථා විත්ථාරෙතබ්බානි.)
(බලසූත්ර මෙන් සියලු සූත්ර විස්තර කටයුතු යි.)
බලකරණීයවග්ගො චුද්දසමො.
තුදුස්වැනි බලකරණීයවර්ගය යි.
තත්රුද්දානං:
එහි සූත්ර නාමාවලිය:
බලං බීජං ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනාආකාසෙන දුවෙ මෙඝා නාවා ආගන්තුකා නදී ති.
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූඛ, ආකාස යී චතුෂ්ක සතෙකි. මේඝසූත්ර චතුෂ්ක දෙකෙකි. නාවා ආගන්තුක නදී යි චතුෂ්ක තුනෙකි. (සූත්ර මුළුල්ල අටසාළිසකි).