යෙදුමෙන් කියවන්න

15. එසනාවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

15. ඒසනා වර්‍ගය

1. 15. 1.

1. 15. 1.

එසනාසුත‍්තං

ඒසනා සූත්‍රය

227. තිස‍්සො ඉමා භික‍්ඛවෙ එසනා. කතමා තිස‍්සො: කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො එසනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

227. මහණෙනි, මේ ඒසනා (-සෙවුම්) තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා (-කම්සැප සෙවුම්), භවේසනා (-භවසෙවුම්), බ්‍රහ්මචරියේසනා (-මිසදිටු බඹසර සෙවුම්) යි. මහණෙනි, මේ ඒසනා තුනයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුයි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිශ්‍රිත විරාගනිශ්‍රිත නිරෝධනිශ්‍රිත ව්‍යවසර්‍ගයට නැඹුරු වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි … සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, මේ ඒසනා තුන පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 2.

1. 15. 2.

දුතිය එසනාසුත‍්තං

දුතිය ඒසනා සූත්‍රය

228. තිස‍්සො ඉමා ඛො භික‍්ඛවෙ එසනා. කතමා තිස‍්සො: කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො එසනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

228. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මේ ඒසනා තුනයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ රාගය දුරලීමේ කෙළවර කොට ද්වේෂය දුරලීමේ, කෙළවර කොට මෝහය දුරලීමේ කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 3.

1. 15. 3.

තතිය එසනාසුත‍්තං

තතිය ඒසනා සූත්‍රය

229. තිස‍්සො ඉමා ඛො භික‍්ඛවෙ එසනා. කතමා තිස‍්සො: කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො එසනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති, අමතොගධං අමතපරායනං අමතපරියොසානං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

229. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යී. මහණෙනි, මේ තුන් එ්සනාවන් වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 4.

1. 15. 4.

චතුත්‍ථ එසනාසුත‍්තං

චතුත්‍ථ ඒසනා සූත්‍රය

230. තිස‍්සො ඉමා ඛො භික‍්ඛවෙ, එසනා. කතමා තිස‍්සො: කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො එසනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති, නිබ‍්බානනින‍්නං නිබ‍්බානපොණං නිබ‍්බානපබ‍්භාරං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං අභිඤ‍්ඤාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

230. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවෝ පිරිසිඳ දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 5-8.

1. 15. 5-8.

5-8 එසනාසුත‍්තානි

5-8 ඒසනා සූත්‍ර

231-234. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා. කතමා තිස‍්සො: කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො එසනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං පරිඤ‍්ඤාය -පෙ- අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

231-234. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පිරිසිඳ දැනීම පිණිස … මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

(යථා අභිඤ‍්ඤාවාරො තථා විත්‍ථාරෙතබ‍්බො.)

(අභිඤ්ඤාවාරය මෙන් විස්තර කටයුතු)

1. 15. 9-12.

1. 15. 9-12.

9-12 එසනාසුත‍්තානි

9-12 ඒසනා සූත්‍ර

235-238. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා. කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො එසනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං පරික‍්ඛයාය -පෙ- අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

235-238. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්; කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝයි. මහණෙනි මේ තුන් ඒසනාවෝ ක්‍ෂය කිරීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුය. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරුවූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් ක්‍ෂය කිරීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේය.

(යථා අභිඤ‍්ඤාවාරො තථා විත්‍ථාරෙතබ‍්බො.)

(අභික්ඥාවාරය මෙන් විස්තර කටයුතු)

1. 15. 13-16.

1. 15. 13-16.

13-16 එසනාසුත‍්තානි

13-16 ඒසනා සූත්‍ර

239-242. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා. කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො එසනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති. -පෙ- සම‍්මාසමාධිං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං එසනානං පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.(යථා අභිඤ‍්ඤාවාරො තථා විත්‍ථාරෙතබ‍්බො.)

239-242 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්: කාමේසනා භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 17-32.

1. 15. 17-32.

විධාසුත‍්තානි

විධා සූත්‍ර

243-258. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, විධා. කතමා තිස‍්සො: “සෙය්‍යො හමස‍්මී”ති විධා, “සදිසො හමස‍්මී”ති විධා, “හීනො හමස‍්මී”ති විධා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො විධා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං විධානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං විධානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

243-258. මහණෙනි, මේ විධා (-මාන) තුනෙකි. කවර තුනෙක යත් “මම ශ්‍රේෂ්ඨයෙමි”යි මානයෙකි. “මම සදෘශයෙමි”යි මානයෙකි. “මම හීනයෙමි”යි මානයෙකි. මහණෙනි, මේ මානතුනයි. මහණෙනි, මේ මාන තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ක්‍ෂය කිරීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මාන කොටස් තුන වෙසෙසින් දැනීම පිණිස පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

(යථා එසනාසුත‍්තානි තථා විත්‍ථාරෙතබ‍්බානි.)

(ඒසනා සුතුරු මෙන් විතර කටයුතු)

1. 15. 33-48.

1. 15. 33-48.

ආසවසුත‍්තානි

ආසව සූත්‍ර

259-274. තයො මෙ භික‍්ඛවෙ, ආසවා. කතමෙ තයො: කාමාසවො භවාසවො අවිජ‍්ජාසවො. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො ආසවා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං ආසවානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං ආසවානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

259-274. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක යත්: කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 49-64.

1. 15. 49-64.

භවසුත‍්තානි

භව සූත්‍ර

275-290. තයො මෙ භික‍්ඛවෙ, භවා. කතමෙ තයො: කාමභවො රූපභවො අරූපභවො. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො භවා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං භවානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං භවානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

275-294. මහණෙනි, මේ භව තුනෙකි. කවර තුනෙක යත්: කාමභව රූපභව අරූපභව යි. මහණෙනි, මේ භව තුන යි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහුම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 65-80.

1. 15. 65-80.

දුක‍්ඛතාසුත‍්තානි

දුක්ඛතා සූත්‍ර

291-306. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, දුක‍්ඛතා. කතමා තිස‍්සො: දුක‍්ඛදුක‍්ඛතා සඞ‍්ඛාරදුක‍්ඛතා විපරිණාමදුක‍්ඛතා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො දුක‍්ඛතා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං දුක‍්ඛතානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං දුක‍්ඛතානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

291-306. මහණෙනි, මේ දුක්ඛතා (දුක්බැව්) තුනෙකි. කවර තුනෙක යත්: දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරිණාමදුක්ඛතා යි. මහණෙනි, මේ දුක්ඛතා තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 81-96.

1. 15. 81-96.

ඛිලසුත‍්තානි

ඛීල සූත්‍ර

307-322. තයොමෙ භික‍්ඛවෙ, ඛිලා. කතමෙ තයො: රාගො ඛිලො දොසො ඛිලො මොහො ඛිලො. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො ඛිලා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං ඛිලානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං ඛිලානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

307-322. මහණෙනි, මේ ඛීල (හුල්) තුනෙකි. කවර තුනෙක යත්: රාගඛීල දෝසඛීල මෝහඛීල යි. මහණෙනි, මේ ඛීල තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 14. 97-112.

1. 15. 97-112.

මලසුත‍්තානි

මල සූත්‍ර

323-338. තීණිමානි භික‍්ඛවෙ, මලානි. කතමානි තීණි: රාගො මලං. දොසො මලං. මොහො මලං. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි මලානි. ඉමෙසං භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං මලානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං මලානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

323-338. මහණෙනි, මේ මල (කිලිටි) තුනෙකි. කවර තුනෙක යත්: රාගමල යැ දෝසමල යැ මොහමල යැ යි. මහණෙනි, මේ මල තුන යි. මහණෙනි, මේ මල තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ තුන්මල වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 113-128.

1. 15. 113-128.

නීඝසුත‍්තානි

නීඝ සූත්‍ර

339-354. තයොමෙ භික‍්ඛවෙ, නීඝා. කතමෙ තයො: රාගො නීඝො. දොසො නීඝො. මොහො නීඝො. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො නීඝො. ඉමෙසං ඛො භික‍්ඛවෙ තිණ‍්ණන‍්නං නීඝානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං නීඝානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

339-354. මහණෙනි, මේ නීඝ (දුක්) තුනෙකි. කවර තුනෙක යත්: රාගනීඝ, දෝසනීඝ, මෝහනිඝ යි. මහණෙනි, මේ නීඝ තුන යි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස ... මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 129-144.

1. 15. 129-144.

වෙදනාසුත‍්තානි

වේදනා සූත්‍ර

355-370. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා. දුක‍්ඛා වෙදනා. අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො වෙදනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං වෙදනානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං වෙදනානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

355-370. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක යත් සුවවේදනා දුක්වේදනා නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

1. 15. 145-160.

1. 15. 145-160.

තණ‍්හාසුත‍්තානි

තණ්හා සූත්‍ර

371-386. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, තණ‍්හා. කතමා තිස‍්සො: කාමතණ‍්හා. භවතණ‍්හා. විභවතණ‍්හා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො තණ‍්හා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං තණ‍්හානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං තණ‍්හානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.

371-386. මහණෙනි, මේ තණ්හා තුනෙකි. කවර තුනෙක යත්: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා යි. මහණෙනි, මොහු තුන් තණ්හාවෝ යි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.

(යථා එසනාසුත‍්තානි තථා සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං)

(ඒසනා සූත්‍ර මෙන් සියල්ල විතර කටයුතු)

එසනාවග‍්ගො පණ‍්ණරසමො.

පසොළොස්වැනි ඒසනාවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

එසනා විධා ආසවා භවා දුක‍්ඛතා ච තිස‍්සො ඛිලා මලානි නීඝා ච වෙදනාහි තණ‍්හාහි චාති.

ඒසනා, විධා, ආසව, භව, ත්‍රිවිධ දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී ෂොඩසක දශයෙකි. හෙවත් සූත්‍ර එක්සිය සැටෙකි යි.