බීජසුත්තානි
1. 14. 5-8.
1. 14. 5-8.
බීජසුත්තානි
බීජ සූත්ර
183-186. සෙය්යථාපි භික්ඛවෙ, යෙකෙචි බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියා පතිට්ඨාය, එවමෙතෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසූති.
183-186. මහණෙනි, යම්සේ යම් කිසි ඇටවර්ග පැලවර්ගයෝ වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ ඇටවර්ග පැලවර්ගයෝ වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරි අටඟි මග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණේ යයි.