යෙදුමෙන් කියවන්න

රුක‍්ඛසුත‍්තානි

සම්පූර්ණ පරිච්ඡේදය

1. 14. 13-16.

1. 14. 13-16.

රුක‍්ඛසුත‍්තානි

රුක්ඛ සූත්‍ර

191-194. සෙය්‍යථාපි භික‍්ඛවෙ, රුක‍්ඛො පාචීනනින‍්නො පාචීනපොණො පාචීනපබ‍්භාරො. සො මූලෙ ඡින‍්නො කතමෙන පපාතෙන පපතෙය්‍යාති යෙන භන‍්තෙ, නින‍්නො යෙන පොණො යෙන පබ‍්භාරොති. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො, නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරොති.

191-194. මහණෙනි, යම්සේ රුකෙක් පැදුන්දිගට නැමුණේ පැදුන්දිගට නැඹුරු වූයේ පැදුන්දිගට බරවූයේ වේද, එය මුල සිඳින ලද්දේ කවර ප්‍රපාතයකට වැටෙන්නේ දැ යි. වහන්ස, යම්දිගකට නැමුණේ යම්දිගකට නැඹුරු වූයේ යම් දිගකට බර වූයේ නම් (එදිගට) ය. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධනිස්සිතවූ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ යයි.

1. 14. 17-20.

1. 14. 17-20.

කුම‍්භසුත‍්තානි

කුම්භ සූත්‍ර

195-198. සෙය්‍යථාපි භික‍්ඛවෙ, කුම‍්භො නික‍්කුජ‍්ජො වමතෙව උදකං නො පච‍්චාවමති. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම‍්මෙ නො පච‍්චාවමති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම‍්මෙ නො පච‍්චාවමති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම‍්මෙ නො පච‍්චාවමතීති.

195-198. මහණෙනි, යම්සේ කළය යටිහුරු වූයේ දිය වගුරුවන්නේ, මැ වේ, නො ම පෙරළා ගනී ද මහණෙනි, එසෙයින් ම මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරා ම ය නොම පෙරළා ගනී යි.