යෙදුමෙන් කියවන්න

සූක සුත‍්තානි

1. 14. 21-24.

1. 14. 21-24.

සූක සුත‍්තානි

සූඛ සූත්‍ර

199-202. සෙය්‍යථාපි භික‍්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා සම‍්මාපණිහිතං හත්‍ථෙන වා පාදෙන වා අක‍්කන‍්තං හත්‍ථං වා පාදං වා භෙච‍්ඡති ලොහිතං වා උප‍්පාදෙස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. තං කිස‍්ස හෙතු: සම‍්මාපණිහිතත‍්තා භික‍්ඛවෙ, සූකස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ, සො වත භික‍්ඛු සම‍්මා පණිහිතාය දිට‍්ඨියා සම‍්මාපණිහිතාය මග‍්ග භාවනාය අවිජ‍්ජං භෙච‍්ඡති විජ‍්ජං උප‍්පාදෙස‍්සති, නිබ‍්බානං සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. තං කිස‍්ස හෙතු: සම‍්මා පණිහිතත‍්තා භික‍්ඛවෙ දිට‍්ඨියා. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මා පණිහිතාය දිට‍්ඨියා සම‍්මා පණිහිතාය මග‍්ගභාවනාය අවිජ‍්ජං භින්‍දති විජ‍්ජං උප‍්පාදෙති නිබ‍්බානං සච‍්ඡිකරොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මා සමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මා පණිහිතාය දිට‍්ඨියා සම‍්මා පණිහිතාය මග‍්ගභාවනාය අවිජ‍්ජං භින්‍දති විජ‍්ජං උප‍්පාදෙති නිබ‍්බානං සච‍්ඡිකරොතීති.

199-202. මහණෙනි, යම්සේ හැල්නණ්ඩුවක් හෝ යවනණ්ඩුවක් හෝ මැනැවින් තබන ලද්දේ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මේ කරුණ ඇද්ද, ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටු වන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය මැනවින් පිහිටුවන ලද බැවිනි. මහණෙනි, කෙසේ නම් මහණ මැනැවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද, නිවන පසක් කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ග භාවනායෙන් අවිද්‍යාව බිඳියි විද්‍යාව උපදවයි නිවන පසක් කෙරේ යයි.