යෙදුමෙන් කියවන්න

ආකාස සුත‍්තානි

1. 14. 25-28.

1. 14. 25-28.

ආකාස සුත‍්තානි

ආකාස සූත්‍ර

203-206. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ආකාසෙ විවිධා වාතා වායන‍්ති පුරත්‍ථිමාපි වාතා වායන‍්ති. පච‍්ඡිමාපි වාතා වායන‍්ති. උත‍්තරාපි වාතා වායන‍්ති. දක‍්ඛිණාපි වාතා වායන‍්ති. සරජාපි වාතා වායන‍්ති. අරජාපි වාතා වායන‍්ති. සීතාපි වාතා වායන‍්ති. උණ‍්හාපි වාතා වායන‍්ති. පරිත‍්තාපි වාතා වායන‍්ති. අධිමත‍්තාපි වාතා වායන‍්ති.

203-206. මහණෙනි, යම්සේ අහසෙහි විවිධවාතයෝ හමද්ද පෙරදිගිනුදු වාතය හමයි, පෑළදිගිනුදු වාතය හමයි. උතුරු දිගිනුදු වාතය හමයි, දකුණු දිගිනුදු වාතය හමයි. රජස් සහිත වාතය ද හමයි, රජස් රහිත වාතය ද හමයි, සිහිල් වාතය ද හමයි. උණුසුම් වාතය ද හමයි, මද වූ වාතය ද හමයි, බොහෝ වූ වාතය ද හමයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතො චත‍්තාරොපි සතිපට‍්ඨානා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, චත‍්තාරොපි සම‍්මප‍්පධානා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, චත‍්තාරොපි ඉද‍්ධිපාදා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චපි ඉන්‍ද්‍රියානි භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චපි බලානි භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. සත‍්තපි බොජ‍්ඣඞ‍්ගා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතො චත‍්තාරොපි සතිපට‍්ඨානා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. චත‍්තාරොපි සම‍්මප‍්පධානා -පෙ- චත‍්තාරොපි ඉද‍්ධිපාදා -පෙ- පඤ‍්චපි ඉන්‍ද්‍රියානි -පෙ- පඤ‍්චපි බලානි -පෙ- සත‍්තපි බොජ‍්ඣඞ‍්ගා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොතො චත‍්තාරොපි සතිපට‍්ඨානා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති, චත‍්තාරොපි සම‍්මප‍්පධානා -පෙ- චත‍්තාරොපි ඉද‍්ධිපාදා -පෙ- පඤ‍්චපි ඉන්‍ද්‍රියානි -පෙ- පඤ‍්චපි බලානි -පෙ- සත‍්තපි බොජ‍්ඣඞ‍්ගා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්තීති.

මහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතරසතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතරසම්මප්පාධානයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතර ඍද්ධිපාදයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච ඉන්‍ද්‍රියයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච බලයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙත් ද, සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයෝත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත් ... පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙත්ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරිඅටඟිමග බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යති. සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයොත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත්, පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙති යි.