දුතිය යොනිසොසුත්තං
1. 8. 14.
1. 8. 14.
දුතිය යොනිසොසුත්තං
දුතිය යෝනිසෝ සූත්‍රය
90. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
90. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට මෝහවිනවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
දුතිය එකධම්මපෙය්යාලො
දුතිය ඒකධම්ම පෙය්යාල යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
කල්යාණමිත්තං සීලඤ්ච ඡන්දො ච අත්තසම්පදා දිට්ඨි ච අප්පමාදො ච යොනිසො භවති සත්තමන්ති.
කල්‍යාණමිත්ත, සීල, ඡන්ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්රයුගලය සත් වැනි වේ. (වර්ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.