යෙදුමෙන් කියවන්න

පාචීනනින‍්නසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 9. 1.

1. 9. 1.

පාචීනනින‍්නසුත‍්තං

පාචීනනින්න සූත්‍රය

91. සාවත්‍ථියං:

91. සැවැත්නුවර:

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගා නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා, එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති, නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරොති.

මහණෙනි යම්සේ ගංඟා නම් ගඟ පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරිඅටමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වේ යයි.

1. 9. 2.

1. 9. 2.

දුතිය පාචීනනින‍්නසුත‍්තං

දුතිය පාචීනනින්න සූත්‍රය

92. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යමුනා නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ- නිබ‍්බාන පබ‍්භාරොති.

92. මහණෙනි, යම් සේ යමුනා ගඟ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.

1. 9. 3.

1. 9. 3.

තතිය පාචීනනින‍්නසුත‍්තං

තතිය පාචීනනින්න සූත්‍රය

93. සෙය්‍යථාපි භික‍්ඛවෙ, අචිරවතී නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු -පෙ- නිබ‍්බාන පබ‍්භාරොති.

93. මහණෙනි, යම් සේ අචිරවතී ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා, පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.

1. 9. 4.

1. 9. 4.

චතුත්‍ථ පාචීනනින‍්නසුත‍්තං

චතුත්‍ථ පාචීනනින්න සූත්‍රය

94. සෙය්‍යථාපි භික‍්ඛවෙ, සරභූ නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- නිබ‍්බාන පබ‍්භාරොති.

94. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.

1. 9. 5.

1. 9. 5.

පඤ‍්චම පාචීනනින‍්නසුත‍්තං

පඤ්චම පාචීනනින්න සූත්‍රය

95. සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහී නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු -පෙ- නිබ‍්බාන පබ‍්භාරොති.

95. මහණෙනි, යම් සේ මහී ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.

1. 9. 6.

1. 9. 6.

ඡට‍්ඨ පාචීනනින‍්නසුත‍්තං

ඡෂ්ඨ පාචීනනින්න සූත්‍රය

96. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්‍යථිදං: ගඞ‍්ගා යමුනා අචිරවතී සරභූ මහී. සබ‍්බා තා පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.

96. මහණෙනි, යම් කිසි මහානදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද් ද, යම්සේ ඒ සියල්ලෝ පෙරදිගට නැමුනාහු පෙරදිගට නැඹුරු වූවාහු පෙරදිගට බර වූවාහු වෙද්ද මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.

1. 9. 7.

1. 9. 7.

සමුද‍්දනින‍්නසුත‍්තං

සමුද්දනින්න සූත්‍රය

97. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගා නදී සමුද‍්දනින‍්නා සමුද‍්දපොණා සමුද‍්දපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරොති.

97. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.

1. 9. 8.

1. 9. 8.

දුතිය සමුද‍්දනින‍්නසුත‍්තං

දුතිය සමුද්දනින්න සූත්‍රය

98. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යමුනා නදී සමුද‍්දනින‍්නා සමුද‍්දපොණා සමුද‍්දපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.

98. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.

1. 9. 9.

1. 9. 9.

තතිය සමුද‍්දනින‍්නසුත‍්තං

තතිය සමුද්දනින්න සූත්‍රය

99. සෙය්‍යථාපි භික‍්ඛවෙ, අචිරවතී නදී සමුද‍්දනින‍්නා සමුද‍්දපොණා සමුද‍්දපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.

99. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.

1. 9. 10.

1. 9. 10.

චතුත්‍ථ සමුද‍්දනින‍්නසුත‍්තං

චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය

100. සෙය්‍යථාපි භික‍්ඛවෙ, සරභූ නදී සමුද‍්දනින‍්නා සමුද‍්දපොණා සමුද‍්දපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.

100. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.

1. 9. 11.

1. 9. 11.

පඤ‍්චම සමුද‍්දනින‍්නසුත‍්තං

පඤ්චම සමුද්දනින්න සූත්‍රය

101. සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහී නදී සමුද‍්දනින‍්නා සමුද‍්දපොණා සමුද‍්දපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.

101. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.