ඡට්ඨ සමුද්දනින්නසුත්තං
1. 9. 12.
1. 9. 12.
ඡට්ඨ සමුද්දනින්නසුත්තං
ඡෂ්ඨ සමුද්දනින්න සූත්රය
102. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො. සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී. සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
102. මහණෙනි, යම්කිසි මහා නදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද්ද, යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්, මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
ගඞ්ගාපෙය්යාලි.
ගංඟාපෙය්යල යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ඡ පාචීනතො නින්නා ඡ නින්නා ච සමුද්දතො එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
පාචීනනින්න සූත්ර සයෙකි. සමුද්දනින්න සූත්ර ද සයෙකි. මේ ඡක්ක දෙක සූත්ර දොළසෙක් වේ. එයින් වර්ගය යි කියනු ලැබේ යි.