යෙදුමෙන් කියවන්න

ඡට‍්ඨපෙත‍්තිචුතිසුත‍්තං

12. 11. 30.

12. 11. 30.

ඡට‍්ඨපෙත‍්තිචුතිසුත‍්තං

සවන පෙත්තිචුති සූත්‍රය

3977. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති. තං කිස‍්ස හෙතු: අදිට‍්ඨතා භික‍්ඛවෙ. චතුන‍්නං අරිය සච‍්චානං. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස, දුක‍්ඛසමුදයස‍්ස අරියසච‍්චස‍්ස, දුක‍්ඛනිරොධස‍්ස අරියසච‍්චස‍්ස, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චස‍්ස. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො, “අයං දුක‍්ඛසමුදයො”ති යොගො කරණීයො, “අයං දුක‍්ඛනිරොධො”ති යොගො කරණීයො, “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති. ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

3977. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් ද යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යය කෙනෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක හටගැනුමැ” යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්ම”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.

පඤ‍්චගතිවග‍්ගො එකාදසමො.

එකොළොස්වැනි පඤ්චගතිවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

භවන‍්ති ඡ සුත‍්තන‍්තා චුතිනාමෙන දස‍්සිතා, මනුස‍්සදෙවනිරය තිරච‍්ඡානපෙත‍්තිතො හී ති.

මනුස්සචුති, දේවචුති, නිරයචුති, තිරච්ඡානචුති , පෙත්තිචුති වශයෙන් චුති නමින් දක්වන ලද ෂට්සූත්‍රාන්ත කෙනෙක් වෙති යි.

සච‍්චසංයුත‍්තං සමත‍්තං.

සච්චසංයුත්තය සමාප්ත යි.

නිට‍්ඨිතො මහාවග‍්ගො.

මහාවග්ගය නිමියේ යි.

තත්‍රසංයුත‍්තුද‍්දානං:

එහි සංයුත්තනාමාවලිය:

මග‍්ගං බොජ‍්ඣඞ‍්ගං සති ච ඉන්‍ද්‍රියං සම‍්මප‍්පධානං බලඤ‍්ච ඉද‍්ධනුරුද‍්ධං ඣානං ච ආනාපානෙන, සොතාපත‍්ති ච සච‍්චන‍්ති සංයුත‍්තානි ද‍්වාදසාති.

මග්ග, බොජ්ඣඞ්ග , සති, ඉන්‍ද්‍රිය, සම්මප්පධාන, බල, ඉද්ධිපාද, අනුරුද්ධ, ඣාන, ආනාපාන, සෝතාපත්ති, සච්ච යී සංයුත්ත දොළසෙක් වේ යි.

තත්‍රවග‍්ගුද‍්දානං:

එහි වර්‍ගනාමාවලිය:

සමාධී ච ධම‍්මචක‍්කප‍්පවත‍්තනො කොටිගාමො සිංසපාවන පපාතා ඡළෙවාහිසමයොති චත‍්තාරො චාමකධඤ‍්ඤ පෙය්‍යාලනාමකාපි ච පඤ‍්චගති පෙය්‍යාලෙන එකාදස භවන‍්ති හීති.

සමාධි, ධම්මචක්කප්පවත්තන, කෝටිගාම, සිංසපාවන, පපාත, අභිසමය යි සයෙක් ම වේ. (ආමකධඤ්ඤපෙය්‍යාල, දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල, තතිය ආමකධඤ්ඤපෙය්‍යාල, චතුත්‍ථ ආමකධඤ්ඤපෙය්‍යාල යි) ආමකධඤ්ඤපෙය්‍යාල යන නම් ඇත්තා වූ වර්‍ග සතරෙකි. (ඒ සියල්ල) පඤ්චගති පෙය්‍යාලවර්‍ගය සමග (සච්චසංයුත්තයෙහි වර්‍ග) එකොළොසෙක් වේ මැ යි.

සංයුත‍්තනිකායො නිට‍්ඨිතො.

සංයුත්තනිකාය නිමියේ යි.