උද්ධම්භාගියසුත්තං
4. 17. 120.
4. 17. 120.
උද්ධම්භාගියසුත්තං
උද්ධම්භාගිය සූත්රය
2210. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය පඤ්චින්ද්රියානි භාවෙතබ්බානි. කතමානි පඤ්ච: ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධින්ද්රියං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමානි පඤ්චින්ද්රියානි භාවෙතබ්බානීති.
2210. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: “රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා” යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ. කවර පසිඳුරෝ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධින්ද්රිය වඩයි ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤින්ද්රිය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ යි.
(එත්ථ ච වුත්තනයෙන අභිඤ්ඤාදි වසෙන ච විත්ථාරෙන්තෙන වීසංසතං සුත්තන්තා වෙදිතබ්බා.)
(මෙහි දු කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
පුනඔඝවග්ගො සත්තරසමො.
සතළොස්වැනි පුනඔඝවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්ර ද්වාදශක දශයෙකි. මුළුල්ල එක්සිය විස්සෙකි යි.
ඉන්ද්රියසංයුත්තං සමත්තං.
ඉන්ද්රියසංයුත්තය නිමි.
තත්රවග්ගුද්දානං:
එහි වර්ගනාමාවලිය:
සුද්ධකමුදුතර ඡළින්ද්රියා සුඛින්ද්රියා ජරාවග්ගෙහි පඤ්ච සූකරඛත සම්බොධයොගඞ්ගාප්පමාදබලකරණීයෙසනොඝා පුනගඞ්ගාපෙය්යාල ආදීහිපි පඤ්චහි වග්ගා සත්තරස හොන්තීති.
සුද්ධක, මුදුතර, ඡළින්ද්රිය වර්ගයෝ සුඛින්ද්රිය ජරාවර්ග දෙක සමග පසෙක් වේ. (නැවත) සූකරඛත, සම්බෝධි, ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝවර්ගයෝ වෙති. ඔහු පුනගඞ්ගාපෙය්යාල ආදි පසත් සමග (ඉන්ද්රියසංයුත්තයෙහි) වර්ග සතළොසෙකි වේ යි.