යෙදුමෙන් කියවන්න

පාචීනනින‍්නසුත‍්තං

5. 1. 1.

5. 1. 1.

පාචීනනින‍්නසුත‍්තං

පාචීනනින්න සූත්‍රය

2211. සාවත්‍ථියං:

2211. සැවැත්නුවර:

චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, සම‍්මප‍්පධානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො සම‍්මප‍්පධානාති.

මහණෙනි, මේ සම්මප්පධාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහීණ කිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිය සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළාබව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මොහු සතර සම්මප්පධානයෝ යි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගා නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චත‍්තාරො සම‍්මප‍්පධානෙ භාවෙන‍්තො චත‍්තාරො සම‍්මප‍්පධානෙ බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු චත‍්තාරො සම‍්මප‍්පධානෙ භාවෙන‍්තො චත‍්තාරො සම‍්මප‍්පධානෙ බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චත‍්තාරො සම‍්මප‍්පධානෙ භාවෙන‍්තො චත‍්තාරො සම‍්මප‍්පධානෙ බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරොති.

මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් උපදනා පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.