4. එසනාවග්ගො
4. ඒසනා වර්ගය
5. 4. 1-160.
5. 4. 1-160.
එසනාදි සුත්තානි
එසනාදි සූත්ර
2347-2506. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය ඉමෙ චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බාති -පෙ- භාවෙතබ්බාති.
2347-2506. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මේ තුන් ඒසනා යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස මේ සිවුසම්පදහන් වැඩිය යුතු යි ... වැඩියයුතු යි.
(එවං අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානායාති ච එකෙකස්මිං සොළස සොළස කත්වා එකසතසට්ඨි සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
(මෙසේ අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානාය යි ද එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්රාන්ත කෙනෙක් විතර කටයුතුවහ.)
එසනාවග්ගො චතුත්ථො.
සිවුවැනි ඒසනාවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
එසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී සූත්ර ෂෝඩශක දශයෙකි. මුළුල්ල එක්සිය සැටෙකි යි.