3. බලකරණීයවග්ගො
3. බලකරණීය වර්ගය
5. 3. 1-48.
5. 3. 1-48.
බලාදි සුත්තානි
බලාදි සූත්ර
2299-2346. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කයිරන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බලකරණීයා කම්මන්තා කයිරන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සම්මප්පධානෙ භාවෙති, චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සම්මප්පධානෙ භාවෙති, චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං අකුසලං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සම්මප්පධානෙ භාවෙති, චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොතීති. -පෙ- බහුලීකරොතීති.
2299-2346. මහණෙනි, යම්යේ යම් කිසි බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙත් ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණිය කර්මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩා ද, සිවුසම්පදහන් බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් පහකරනු පිණිස ... නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරේ යි ... බහුල කෙරේ යි.
(එවං අට්ඨතාලීස සුත්තන්තා විත්ථාරෙතබ්බා).
(මෙසේ අටසාලිස් සූත්රාන්තයෝ විතර කටයුත්තාහ.)
බලකරණීයවග්ගො තතියො.
තෙවෙනි බලකරණියවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
බලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං, ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්ර චතුෂ්ක සතෙකි. මේඝ චතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි යි මෙසේ චතුෂ්ක දොළොසෙකි. සූත්ර මුළුල්ල අටසාලිසෙකි යි.