උද්ධම්භාගියසුත්තං
6. 10. 120.
6. 10. 120.
උද්ධම්භාගියසුත්තං
උද්ධම්භාගිය සූත්රය
3122. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය පඤ්චබලානි භාවෙතබ්බානි. කතමානි පඤ්ච: ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධාබලං භාවෙති, නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. විරියබලං -පෙ- පඤ්ඤාබලං භාවෙති, නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමානි පඤ්ච බලානි භාවෙතබ්බානීති.
3122. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස පස්බල වැඩිය යුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස මේ පස්බල වැඩියයුතු යි.
පුනඔඝවග්ගො දසමො.
දශවැනි පුනඔඝවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
ඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ද්වාදශක දශයෙකි. සූත්ර එක්සිය විස්සෙකි යි.
බලසංයුත්තං සමත්තං.
බලසංයුත්තය නිමි.
තත්ර වග්ගුද්දානං:
එහි වර්ගනාමාවලිය:
ගඞ්ගාපෙය්යාලොප්පමාදො බලකරණීයෙසනා තෙහි පුනාදීහි බලසංයුත්තකා දසාති.
ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ, යන මොහු පුන යන්න මුල්කොට ඇති ඒ පසම කරණ කොට ගෙන බල සංයුත්තට අයත් වර්ග දශයෙක් වේ යි.