යෙදුමෙන් කියවන්න

අපාරසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 1. 1.

7. 1. 1.

අපාරසුත‍්තං

අපාර සූත්‍රය

3123. සාවත්‍ථියං:

3123. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා. භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත‍්තන‍්තීති.

මහණෙනි, මේ සතර ඉද්ධිපාද කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යනු පිණිස පවත්නාහ. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන් සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර වඩනා ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙර යනු පිණිස පවත්නාහ යි.

7. 1. 2.

7. 1. 2.

විරද‍්ධසුත‍්තං

විරද්ධ සූත්‍රය

3124. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා විරද‍්ධා, විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා ආරද‍්ධා, ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. කතමෙ චත‍්තාරො:

3124. මහණෙනි, යම් කෙනකුන් විසින් සිවු ඉදුපා වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම්කිසි කෙනකුන් විසින් සිවු ඉදුපා අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ ය. කවර සතරෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො ඉද‍්ධිපාදා විරද‍්ධා, විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො ඉද‍්ධිපාදා ආරද‍්ධා, ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමීති.

මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ යි.

7. 1. 3.

7. 1. 3.

අරිය සුත‍්තං

අරිය සූත්‍රය

3125. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා අරියා නිය්‍යානිකා නිය්‍යන‍්ති තක‍්කරස‍්ස සම‍්මාදුක‍්ඛක‍්ඛයාය. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා අරියා නිය්‍යානිකා නිය්‍යන‍්ති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායාති.

3125. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ ඍද්ධිපාදයෝ සතරදෙන වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒ අනුව පිළිපන්නාහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒ අනුව පිළිපන්නහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවා යි.

7. 1. 4.

7. 1. 4.

නිබ‍්බිදාසුත‍්තං

නිබ්බිදා සූත්‍රය

3126. චත‍්තාරො’මෙ, භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති -පෙ- විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තීති.

3126. මහණෙනි, මේ චතුරිද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී යි.