යෙදුමෙන් කියවන්න

1. චාපාලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. චාපාල වර්ගය

1. අපාරසුත‍්තවණ‍්ණනා

1. අපාර සූත්‍ර වර්ණනාව

ඉද‍්ධිපාදසංයුත‍්තස‍්ස පඨමෙ ඡන්‍දං නිස‍්සාය පවත‍්තො සමාධි ඡන්‍දසමාධි. පධානභූතා සඞ‍්ඛාරා පධානසඞ‍්ඛාරා. සමන‍්නාගතන‍්ති තෙහි ධම‍්මෙහි උපෙතං. ඉද‍්ධියා පාදං, ඉද‍්ධිභූතං වා පාදන‍්ති ඉද‍්ධිපාදං. සෙසෙසුපි එසෙව නයො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන ඉද‍්ධිපාදවිභඞ‍්ගෙ (විභ· 431 ආදයො) ආගතොව. විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.3.69 ආදයො) පනස‍්ස අත්‍ථො දීපිතො. තථා මග‍්ගබොජ‍්ඣඞ‍්ගසතිපට‍්ඨානසංයුත‍්තෙසු චෙව ඉධ ච එකපරිච‍්ඡෙදොව.

ඉද්ධිපාද සංයුත්තයේ පළමු වැන්නෙහි - ඡන්‍දය (කැමැත්ත) නිසා පවත්වනු ලබන සමාධිය. ඡන්‍දසමාධි නම් වේ. ප්‍රධාන වූ සංස්කාරයෝ (යන අදහස සඳහා) පධාන සඞ්ඛාරා (යයි යෙදේ) සමන්නාගතං = ඒ ධර්මයන්ගෙන් යුක්ත වූයේ. සෘද්ධිය සඳහා මුල්වූයේ හෝ ඍද්ධිය ලැබූ පසුබිමය හෝ යනුවෙන් ඉද්ධිපාද නම් වේ. සෙස්සෙහි ද මේ පිළිවෙළම වේ. මෙය මෙහි සංක්‍ෂේපයයි. විස්තරය වනාහී ඉද්ධිපාද විභංගයෙහි දක්වන ලදී. විශුද්ධි මාර්ගයෙහි මෙයට අර්ථ දක්වන ලදී. එසේම මග්ග, බොජ්ඣඞ්ග, සතිපට්ඨාන යන සංයුත්තයන්හි ද, මෙහි ද එක් පරිච්ඡේදයක්ම වේ.

5. පදෙසසුත‍්තවණ‍්ණනා

5. පදෙස සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ඉද‍්ධිපදෙසන‍්ති තයො ච මග‍්ගෙ තීණි ච ඵලානි.

පස් වැන්නෙහි - ඉද්ධිපාද පදෙසං = මාර්ග තුන ද ඵල තුන ද වේ.

6-9. සමත‍්තසුත‍්තාදිවණ‍්ණනා

6-9. සමත්ත ආදි සූත්‍ර වර්ණනා

ඡට‍්ඨෙ සමත‍්තං ඉද‍්ධින‍්ති අරහත‍්තඵලමෙව. ආදිතො පට‍්ඨාය පන නවසුපි සුත‍්තෙසු විවට‍්ටපාදකා එව ඉද‍්ධිපාදා කථිතා.

සය වැන්නෙහි - සමත්තං ඉද්ධිං = අර්හත් ඵලය ද වේ. මුල පටන් සූත්‍ර නවයෙහි නිවන මුල්කර ගෙන ම ඍද්ධිපාදයන් කියන ලදී.

10. චෙතිය සුත‍්තවණ‍්ණනා

10. චෙතිය සූත්‍ර වර්ණනාව

දසමෙ නිසීදනන‍්ති චම‍්මඛණ‍්ඩං අධිප‍්පෙතං. උදෙනං චෙතියන‍්ති උදෙනයක‍්ඛස‍්ස චෙතියට‍්ඨානෙ කතවිහාරො වුච‍්චති. ගොතමකාදීසුපි එසෙව නයො. භාවිතාති වඩ‍්ඪිතා. බහුලීකතාති පුනප‍්පුනං කතා. යානීකතාති යුත‍්තයානං විය කතා. වත්‍ථුකතාති පතිට‍්ඨානට‍්ඨෙන වත්‍ථු විය කතා. අනුට‍්ඨිතාති අධිට‍්ඨිතා. පරිචිතාති සමන‍්තතො චිතා සුවඩ‍්ඪිතා. සුසමාරද‍්ධාති සුට‍්ඨු සමාරද‍්ධා.

දස වැන්නෙහි - නිසීදනං = සම්කඩ අදහස් කරන ලදී. උදෙන චෙතියං = උදෙන නම් යක්ෂයාගේ චෛත්‍ය ස්ථානයෙහි කරන ලද විහාරය යයි කියනු ලැබේ. ගොතම ආදියෙහි ද මේ පිළිවෙළම වේ. භාවිතා = වර්ධනය කරන ලදී. බහුලීකථා = නැවත නැවත කරන ලදී. යානීකතා = යොතෙන් බැඳි යානයක් මෙන් කරන ලදී. වත්‍ථුකථා = ස්ථානය යන අර්ථයෙන් ස්ථානය මෙන් කරන ලදී. අනුට්ඨිතා = අධිෂ්ඨාන කරන ලද (හෝ ස්ථිර වාසයට පැමිණි) පරිචිතා = හැම අයුරින්ම රැස් කළ, වර්ධනය කළ සුසමාරද්ධා = මනාව ආරම්භ කරන ලදී.

ඉති අනියමෙන කථෙත්‍වා පුන නියමෙත්‍වා දස‍්සෙන‍්තො තථාගතස‍්ස ඛොතිආදිමාහ. එත්‍ථ ච කප‍්පන‍්ති ආයුකප‍්පං, තස‍්මිං තස‍්මිං කාලෙ යං මනුස‍්සානං ආයුප‍්පමාණං, තං පරිපුණ‍්ණං කරොන‍්තො තිට‍්ඨෙය්‍ය. කප‍්පාවසෙසං වාති “අප‍්පං වා භිය්‍යො”ති වුත‍්තවස‍්සසතතො අතිරෙකං වා. මහාසීවත්‍ථෙරො පනාහ “බුද‍්ධානං අට‍්ඨානෙ ගජ‍්ජිතං නාම නත්‍ථි. යථෙව හි වෙළුවගාමකෙ උප‍්පන‍්නං මාරණන‍්තිකවෙදනං දස මාසෙ වික‍්ඛම‍්භෙසි, එවං පුනප‍්පුනං තං සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා දස දස මාසෙපි වික‍්ඛම‍්භෙන‍්තො ඉමං භද‍්දකප‍්පමෙව තිට‍්ඨෙය්‍යා”ති.

මෙසේ අනියමින් කියා නැවත නියම ලෙස දක්වන්නේ තථාගතස්සඛො යන ආදිය කීය. මෙහිදී කප්පං යනු ආයුෂ කාලයයි. (හෙවත් ආයුෂ ප්‍රමාණයයි. ඒ කාලයෙහි මිනිසුන්හට යම් ආයු ප්‍රමාණයක් වී ද එය සම්පූර්ණ කරමින් වසන්නේ ය. කප්පාව සෙසංවා වාසය කරන ලද අවුරුදු සියය ඉක්මවා ගත කළ කාලය. එය සුළු හෝ වැඩි ප්‍රමාණයක් විය හැක. මහා සීව ස්ථවිර තෙමේ මෙසේ කීය. බුදුවරුන්ගේ වනාහී අනවශ්‍ය තැන්හි හඬ නැගීමක් නැත. බේළුව ගමෙහිදී උපන් මාරාන්තික වේදනාව දසමසක් යටපත් කළහ. මෙසේ නැවත නැවත ඒ සමවතට සමවැදී දසමස බැගින් යටපත් කරමින් මේ භද්‍ර කල්පයම වැඩ සිටිය හැකි වන්නේය.

කස‍්මා පන න ඨිතොති? උපාදිණ‍්ණකසරීරං නාම ඛණ‍්ඩිච‍්චාදීහි අභිභුය්‍යති, බුද‍්ධා නාම ඛණ‍්ඩිච‍්චාදිභාවං අපත්‍වාව පඤ‍්චමෙ ආයුකොට‍්ඨාසෙ බහුජනස‍්ස පියමනාපකාලෙයෙව පරිනිබ‍්බායන‍්ති. බුද‍්ධානුබුද‍්ධෙසු ච මහාසාවකෙසු පරිනිබ‍්බුතෙසු එකකෙන ඛාණුකෙන විය ඨාතබ‍්බං හොති, දහරසාමණෙරපරිවාරිතෙන වා, තතො – “අහො බුද‍්ධානං පරිසා”ති හීළෙතබ‍්බතං ආපජ‍්ජෙය්‍ය, තස‍්මා න ඨිතොති. එවං වුත‍්තෙපි සො පන න රුච‍්චති, “ආයුකප‍්පො”ති ඉදමෙව අට‍්ඨකථායං නියමිතං.

කුමක් නිසා නො සිටියෝ ද යත්- උපාදාන හේතූන්ගෙන් හටගත් සිරුර කැඩීම් බැඳීම් (අබලන්වීම්) ආදියෙන් මැඩ පවත්වනු ලබයි. බුදුවරු වනාහී අබලන් වීමට නො පැමිණ අවසන් වයස් කොටසේදී, බහුජනතාව ප්‍රිය මනාප කාලයෙහිදීම පිරිනිවෙත්. බුද්ධානුගාමිකයන් වහන්සේලා ද, මහාශ්‍රවකයන් වහන්සේලා පිරිනිවි කල්හි තථාගතයන් වහන්සේ හුදෙකලා කණුවක් මෙන් පැවතිය යුතු වන්නාහ. බාල සාමණේරවරුන් පිරිවරා ගෙන සිටීමෙන් “අහෝ ! බුදුන්ගේ පිරිස (ක සැටි)” යයි පහත් කොට සලකනු ලැබීමට පත්විය හැක. එහෙයින් වැඩ නොසිටියහ. මෙසේ කියන ලද කල්හි ද උන්වහන්සේ ආයුකල්පයම වැඩ සිටීමට රුචි නොවන සේකැයි යන මේ කරුණ අටුවාවෙහි දැක්වේ.

යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තොති එත්‍ථ තන‍්ති නිපාතමත‍්තං. යථා මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො අජ‍්ඣොත්‍ථටචිත‍්තො අඤ‍්ඤොපි කොචි පුථුජ‍්ජනො පටිවිජ‍්ඣිතුං න සක‍්කුණෙය්‍ය, එවමෙව නාසක‍්ඛි පටිවිජ‍්ඣිතුන‍්ති අත්‍ථො. මාරො හි යස‍්ස සබ‍්බෙන සබ‍්බං ද‍්වාදස විපල‍්ලාසා අප‍්පහීනා, තස‍්ස චිත‍්තං පරියුට‍්ඨාති. ථෙරස‍්ස ච චත‍්තාරො විපල‍්ලාසා අප‍්පහීනා, තෙනස‍්ස මාරො චිත‍්තං පරියුට‍්ඨාසි. සො පන චිත‍්තපරියුට‍්ඨානං කරොන‍්තො කිං කරොතීති? භෙරවං රූපාරම‍්මණං වා දස‍්සෙති, සද‍්දාරම‍්මණං වා සාවෙති, තතො සත‍්තා තං දිස‍්වා වා සුත්‍වා වා සතිං විස‍්සජ‍්ජෙත්‍වා විවටමුඛා හොන‍්ති, තෙසං මුඛෙන හත්‍ථං පවෙසෙත්‍වා හදයං මද‍්දති, තෙ විසඤ‍්ඤී හුත්‍වා තිට‍්ඨන‍්ති. ථෙරස‍්ස පනෙස මුඛෙ හත්‍ථං පවෙසෙතුං කිං සක‍්ඛිස‍්සති? භෙරවාරම‍්මණං පන දස‍්සෙති, තං දිස‍්වා ථෙරො නිමිත‍්තොභාසං න පටිවිජ‍්ඣි. ජානන‍්තොයෙව භගවා කිමත්‍ථං යාවතතියකං ආමන‍්තෙසීති. පරතො “තිට‍්ඨතු, භන‍්තෙ, භගවා”ති යාචිතෙ “තුය‍්හෙවෙතං දුක‍්කටං, තුය‍්හෙවෙතං අපරද‍්ධ”න‍්ති දොසාරොපනෙන සොකතනුකරණත්‍ථං.

යථා තං මාරෙන පරියුට්ඨිත චිත්තො = මෙහි “තං” යනු නිපාත මාත්‍රයකි. යම් සේ මාරයා විසින් මැඩ පවත්වන ලද, යටපත් ලද සිත් ඇති අන් කිසියම් පුහුදුන් අයෙක් නම් අවබෝධ කර ගැනීමට නො හැකි වන්නේ ය. එසේම (මෙහි ඇත්තේ) අවබෝධ කර ගැනීමට නො හැකි වූයේය යන අදහසයි. යමකුගේ දොළසක්වන සියලුම විපර්යාසයන් හැම අයුරින්ම ප්‍රහීන නො වීද, මාරයා ඔහුගේ සිත යටපත් කර ගනියි. තෙරණුවන්ගේ ද ප්‍රහීන නොවූ විපල්ලාසයන් සතරක් වේ. එ බැවින් මාරයා උන්වහන්සේගේ සිත මැඩ පැවැත්වීය. සිත යටපත් කරන්නා වූ හේ තෙමේ කුමක් කරන්නේද යත් - භයානක අරමුණක් දක්වයි, ශබ්ද අරමුණක් හෝ අස්වයි. එහෙයින් සත්ත්වයෝ එය දැක හෝ අසා හෝ සිහිය අවුල් කරගෙන අයාගත් මුව ඇතිව සිටිත් ඔවුන්ගේ මුඛයෙන් ඇතුළට අත යවා හදවත මර්දනය කරයි. ඔව්හු විසංඥාවී සිටිත්. මේ (මාර) තෙමේ තෙරුන්ගේ මුඛයෙන් අත ඇතුළට යැවීමට හැකිවන්නේ ද යත් - බියකරු අරමුණු පවා දැක්වීය. එය දැක ස්ථවිර තෙමේ නිමිත්තෙහි අරමුණ නො ගත්තේය. එය දැන ගත්තාහු නමුදු භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් තුන් වරක් දක්වා ආමන්ත්‍රණය කළසේක්ද යත් - ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉදිරියෙන් සිටිනු මැනව යි අයැද සිටි කල්හි මෙය ඔබගේ ම දෝෂයකි, මෙය ඔබගේම අපරාධයකි යනුවෙන් දොස් පැවරීමෙන් ශෝකය තුනී කරනු පිණිසය.

මාරො පාපිමාති එත්‍ථ සත‍්තෙ අනත්‍ථෙ නියොජෙන‍්තො මාරෙතීති මාරො. පාපිමාති තස‍්සෙව වෙවචනං. සො හි පාපධම‍්මසමන‍්නාගතත‍්තා “පාපිමා”ති වුච‍්චති. කණ‍්හො, අන‍්තකො, නමුචි, පමත‍්තබන්‍ධූතිපි තස‍්සෙව නාමානි. භාසිතා ඛො පනෙසාති අයඤ‍්හි භගවතො සම‍්බොධිපත‍්තියා අට‍්ඨමෙ සත‍්තාහෙ බොධිමණ‍්ඩංයෙව ආගන‍්ත්‍වා – “භගවා යදත්‍ථං තුම‍්හෙහි පාරමියො පූරිතා, සො වො අත්‍ථො අනුප‍්පත‍්තො, පටිවිද‍්ධං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං, කිං වො ලොකවිචරණෙනා”ති වත්‍වා යථා අජ‍්ජ, එවමෙව – “පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ, භගවා, පරිනිබ‍්බාතු, සුගතො,”ති යාචි. භගවා චස‍්ස “න තාවාහ”න‍්තිආදීනි වත්‍වා පටික‍්ඛිපි. තං සන්‍ධාය “භාසිතා ඛො පනෙසා, භන‍්තෙ,”තිආදිමාහ.

මාරො පාපිමා = මෙහි සත්ත්වයන් අනර්ථයෙහි යොදවමින් මරයි යනුවෙන් “මාර” නම් වේ. “පාපිමා” යනු ඔහුටම තවත් වචනයකි. ඔහු පාපී ස්වභාවයෙන් යුක්ත වන බැවින් “පාපිමා” යයි කියනු ලැබේ. කණ්හ, අන්තක, නමුචි, පමත්තබන්‍ධු යන මේවාද ඔහුගේම නාමයන්මය. භාසිතා බො පනෙසා = මේ තෙමේ වනාහී භාග්‍යවතුන් වහන්සේ සම්බෝධියට පත්වීමෙන් අටවන සතියෙහි බෝ මැඩටම පැමිණ භාග්‍යවතුන් වහන්ස, යම් අරුතක් සඳහා ඔබ විසින් පාරමිතා පුරන ලද්දේ ද, ඒ අදහස සම්පූර්ණ වූයේය. සර්වඥතාඥානය අවබෝධ කරගන්නා ලදී. ඔබට ලෝක චාරිකාවෙන් කුමන ඵලයක් දැයි කියා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සුගතයන් වහන්සේ අදම පිරිනිවෙන සේක්වා යි යාච්ඤා කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුට නතාවහං (දැන්ම නොවේ) යන ආදිය කියා ප්‍රතික්ෂේප කළහ. ඒ සඳහා භාසිතා ඛො පනෙසා භන්තෙ (ස්වාමීනි, මෙය කියන ලද්දේය) යන ආදිය කීය.

තත්‍ථ වියත‍්තාති මග‍්ගවසෙන බ්‍යත‍්තා. තථෙව විනීතා. තථා විසාරදා. බහුස‍්සුතාති තෙපිටකවසෙන බහු සුතමෙතෙසන‍්ති බහුස‍්සුතා. තදෙව ධම‍්මං ධාරෙන‍්තීති ධම‍්මධරා. අථ වා පරියත‍්තිබහුස‍්සුතා චෙව පටිවෙධබහුස‍්සුතා ච, පරියත‍්තිපටිවෙධධම‍්මානංයෙව ධාරණතො ධම‍්මධරාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නාති අරියධම‍්මස‍්ස අනුධම‍්මභූතං විපස‍්සනාධම‍්මං පටිපන‍්නා. සාමීචිප‍්පටිපන‍්නාති අනුච‍්ඡවිකපටිපදං පටිපන‍්නා. අනුධම‍්මචාරිනොති අනුධම‍්මචරණසීලා. සකං ආචරියකන‍්ති අත‍්තනො ආචරියවාදං. ආචික‍්ඛිස‍්සන‍්තීතිආදීනි සබ‍්බානි අඤ‍්ඤමඤ‍්ඤස‍්සෙව වෙවචනානි. සහධම‍්මෙනාති සහෙතුකෙන සකාරණෙන වචනෙන. සප‍්පාටිහාරියන‍්ති යාව නිය්‍යානිකං කත්‍වා ධම‍්මං දෙසෙස‍්සන‍්ති.

එහි වියත්තා = මාර්ග වශයෙන් ව්‍යක්ත වූ (දක්ෂවූ) එසේම විනීතා = (භික්මුනා වූ) එසේම විසාරදා = (දක්ෂවූ) (යන විශේෂණ ද දැක්වේ. බහුස්සුතා = ත්‍රිපිටකය වශයෙන් මේ අය වෙත බොහෝ ඇසූ දේ ඇත යනුවෙන් “බහු ස්සුතා” නම් වේ. ඒ ධර්මයම දරන්නේය යනුවෙන් ධම්මධරා නම් වේ. නැතහොත් ධර්මය ඉගෙන මේ බහුශ්‍රැත භාවයෙන් ද, සත්‍යාවබෝධයේ බහුශ්‍රැත භාවයෙන්ද, ප්‍රතිවේධ ධර්මයන් ධාරණය කිරීමේ ස්වභාවයෙන් ද ‘ධම්මධරා’ යනුවෙන් මෙසේ මෙහි අර්ථය දත යුතුය. ධම්මානුධම්ම පටිපන්නා = ආර්ය ධර්මයේ ශික්ෂා පදවලට හා ප්‍රතිපත්තිවලට අනුව පවත්නා විදර්ශනා ධර්මයට පිළිපන්නාවූ සාමීචි පටිපන්නා = සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නාවූ අනුධම්මචාරිනො = ධර්මානුකූලව හැසිරෙන ස්වභාවය ඇති. සකං ආචරිය කං = තමාගේ ආචාර්ය මත වාදය ආචික්‍ඛිස්සන්ති = මේ ආදී සියල්ල එකිනෙකට සමානාර්ථවත් වචනයන්ය. සහ ධම්මෙන = හේතු සහිතවූ, කරුණු සහිතවූ වචනයෙන් සප්පටිහාරියං = නිවනට යාම දක්වා අරමුණු කොට දහම් දෙසත්

බ්‍රහ‍්මචරියන‍්ති සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං සකලං සාසනබ්‍රහ‍්මචරියං. ඉද‍්ධන‍්ති සමිද‍්ධං ඣානස‍්සාදවසෙන. ඵීතන‍්ති වුඩ‍්ඪිපත‍්තං සබ‍්බපාලිඵුල‍්ලං විය අභිඤ‍්ඤාසම‍්පත‍්තිවසෙන. විත්‍ථාරිකන‍්ති විත්‍ථතං තස‍්මිං තස‍්මිං දිසාභාගෙ පතිට‍්ඨිතවසෙන. බාහුජඤ‍්ඤන‍්ති බහූහි ඤාතං පටිවිද‍්ධං මහාජනාභිසමයවසෙන. පුථුභූතන‍්ති සබ‍්බාකාරෙන පුථුලභාවපත‍්තං. කථං? යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිතං, යත‍්තකා විඤ‍්ඤුජාතිකා දෙවා චෙව මනුස‍්සා ච අත්‍ථි, සබ‍්බෙහි සුට‍්ඨු පකාසිතන‍්ති අත්‍ථො.

බ්‍රහ්මචරියං = ත්‍රිවිධ ශික්ෂාවන්හි සංග්‍රහ කළ සම්පූර්ණ ශාසන බ්‍රහ්ම චර්යාව ඉද්ධං = ධ්‍යානාදී වශයෙන් සමෘද්ධ වූ ථිතං අභි වෘද්ධියට පැමිණි, හැම පෙළම පිපී ගියාක් වැනි, අභිඥා සම්පත්ති වශයෙන් විත්‍ථාරිකං = පිහිටීම් වශයෙන් ඒ ඒ දිශාභාගයන්හි පැතුරුණාවූ බාහු ඡඤ්ඤං = මහජනතාවට අවබෝධ වීම් වශයෙන් බොහෝ දෙනා විසින් දන්නා ලද්දාවූ, අවබෝධ කරන ලද්දාවූ පුථු භූතං = හැම අයුරින්ම පුළුල් බවට පත්වූ කෙසේද යත් -යාව දෙව මනුස්සෙහි සුප්පකාසිතං = ඥානවන්ත වූ යම් පමණ දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද වෙත් නම් ඒ සියල්ලන් විසින් මනාව ප්‍රකාශ කරන ලද්දේය යන අර්ථයයි.

අප‍්පොස‍්සුක‍්කොති නිරාලයො. ත්‍වඤ‍්හි පාපිම අට‍්ඨමසත‍්තාහතො පට‍්ඨාය “පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ, භගවා, පරිනිබ‍්බාතු සුගතො”ති විරවන‍්තො ආහිණ‍්ඩිත්‍ථ, අජ‍්ජ දානි පට‍්ඨාය විගතුස‍්සාහො හොහි, මා මය‍්හං පරිනිබ‍්බානත්‍ථං වායාමං කරොහීති වදති.

අප්පොස්සුක්කො = අපායට රුචි වූ පාපී මාරය, ඔබ (මගේ බුද්ධත්වයෙන්): අටවන සතියෙහි පටන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා” යනුවෙන් හඬ නංවමින් ඇවිද්දෙහිය. දැන් අද පටන් උත්සාහ ගැනීම නවතන්න. පිරිනිවීම සඳහා මට පෙළඹවීම් නොකරන්න, යනුවෙන් වදාරති.

සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජීති සතිං සූපට‍්ඨිතං කත්‍වා ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ආයුසඞ‍්ඛාරං විස‍්සජි පජහි. තත්‍ථ න භගවා හත්‍ථෙන ලෙඩ‍්ඩුං විය ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි, තෙමාසමත‍්තමෙව පන ඵලසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො පරං න සමාපජ‍්ජිස‍්සාමීති චිත‍්තං උප‍්පාදෙසි. තං සන්‍ධාය වුත‍්තං “ඔස‍්සජී”ති. උස‍්සජීතිපි පාඨො. මහාභූමිචාලොති මහන‍්තො පථවිකම‍්පො. තදා කිර දසසහස‍්සිලොකධාතු අකම‍්පිත්‍ථ. භිංසනකොති භයජනකො. දෙවදුන්‍දුභියො ච ඵලිංසූති දෙවභෙරියො ඵලිංසු, දෙවො සුක‍්ඛගජ‍්ජිතං ගජ‍්ජි, අකාලවිජ‍්ජුලතා නිච‍්ඡරිංසු, ඛණිකවස‍්සං වස‍්සීති වුත‍්තං හොති.

සතො සම්පජානො ආයු සඞ්ඛාරං ඔස්සජි = මනාව සිහිය පිහිටුවා නුවණින් පිරිසිඳ ආයු සංස්කාරය ඉවත් කළහ. අත් හළහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ, අතින් මැටිගුලියක් ඉවත් කරන්නාක් මෙන් ආයු සංස්කාරය ඉවත් කළාහු නොවෙති. තුන් මාසයක්ම පල සමවතට සමවැදී ඉන්පසු සමවතට සම නොවදිමියි යන සිත උපදවා ගත්හ. ඒ සඳහා ඔස්සජී” යයි කියන ලදී. “උස්සජී” යයි ද පාඨයක් වේ. මහා භූමිචාලො = මහා භූමි කම්පාවක් එදින වනාහී දස දහසක් ලෝකධාතූහු කම්පාවූහ. භිංසනකො = බිය උපදවන්නාවූ දෙව දුන්‍දුභියොච ඵලිංසු = දිව බෙර පුපුරා ගියේය. මේඝය මහ හඬින් ගර්ජනා කළේය. නොකල්හි විදුලි කෙටීම් ඇති විය. ක්ෂණික වර්ෂා පතිත වීයයි කියනු ලැබේ.

උදානං උදානෙසීති කස‍්මා උදානෙසි? කොචි නාම වදෙය්‍ය “භගවා පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධිත්‍වා – ‘පරිනිබ‍්බායථ, භන‍්තෙ, පරිනිබ‍්බායථ, භන‍්තෙ’ති උපද‍්දුතො භයෙන ආයුසඞ‍්ඛාරං විස‍්සජ‍්ජෙසී”ති. තස‍්සොකාසො මා හොතූති. භීතස‍්ස හි උදානං නාම නත්‍ථීති පීතිවෙගවිස‍්සට‍්ඨං උදානෙසි.

උදානං උදානෙසි. කුමක් නිසා උදන් ඇනූ සේක්ද යත් - මාරයා විසින් භාග්‍යවතුන් වහන්සේ පසු පසින් ලුහු බඳිමින් ගොස් ස්වාමීනි, පිරිනිවෙන සේක්වා, ස්වාමීනී පිරිනිවෙන සේක්වා යනුවෙන් කියන ලද කියමනේ උවදුරට බියෙන් ආයුසංස්කාරය අත්හළහයි කවරකු හෝ කියත් නම් ඔහුට ඒ සඳහා ඉඩක් නොලැබේවායි සිතා බියට පත් තැනැත්තාට උදානයක් නම් නැතැයි (දක්වනු පිණිස) ප්‍රීතිවේගය මුදාහරින උදානයක් පළ කළේය.

තත්‍ථ සබ‍්බෙසං සොණසිඞ‍්ගාලාදීනම‍්පි පච‍්චක‍්ඛභාවතො තුලිතං පරිච‍්ඡින‍්නන‍්ති තුලං. කිං තං? කාමාවචරකම‍්මං. න තුලං, න වා තුලං සදිසමස‍්ස අඤ‍්ඤං ලොකියකම‍්මං අත්‍ථීති අතුලං. කිං තං? මහග‍්ගතකම‍්මං. අථ වා කාමාවචරං රූපාවචරඤ‍්ච තුලං, අරූපාවචරං අතුලං. අප‍්පවිපාකං තුලං, බහුවිපාකං අතුලං. සම‍්භවන‍්ති සම‍්භවහෙතුභූතං, පිණ‍්ඩකාරකං රාසිකාරකන‍්ති අත්‍ථො. භවසඞ‍්ඛාරන‍්ති පුනබ‍්භවස‍්ස සඞ‍්ඛාරං. අවස‍්සජීති විස‍්සජ‍්ජෙසි. මුනීති බුද‍්ධමුනි. අජ‍්ඣත‍්තරතොති නියකජ‍්ඣත‍්තරතො. සමාහිතොති උපචාරප‍්පනාසමාධිවසෙන සමාහිතො. අභින්‍දි කවචමිවාති කවචං විය අභින්‍දි. අත‍්තසම‍්භවන‍්ති අත‍්තනි ජාතකිලෙසං. ඉදං වුත‍්තං හොති – සවිපාකට‍්ඨෙන සම‍්භවං භවාභිසඞ‍්ඛණට‍්ඨෙන භවසඞ‍්ඛාරන‍්ති ච ලද‍්ධනාමං තුලාතුලසඞ‍්ඛාතං ලොකියකම‍්මඤ‍්ච ඔස‍්සජි, සඞ‍්ගාමසීසෙ මහායොධො කවචං විය අත‍්තසම‍්භවං කිලෙසඤ‍්ච අජ‍්ඣත‍්තරතො සමාහිතො හුත්‍වා අභින්‍දීති.

එහි සියලු බලුකැණහිල් ආදීන්ගේ ද පෙනුමෙන් සමානත්වයක් නැත්තේය යන්නක් තුලං යන්නෙන් හැඟේ. ඒ කුමක්දයත් - කාමාවචර කර්මයයි. සමානවූවක් නැත. එයට සමානවූ අනික් ලෞකික කර්මයක් නැතැයි යනුවෙන් අතුලං යි යෙදේ. ඒ කුමක්දයත් - උසස් බවට පත්වූ කර්මයයි. නැතහොත් කාමාවචර ද, රූපාවචර ද සමාන වේ. අරූපාවචරය අසමාන වේ. අල්ප විපාකය සමාන වේ. බහු විපාකය අසමාන වේ. සම්භවං = ඔවුන්ගේ භවයට හේතු වූ අහර පිඬු කිරීම හා රැස් කිරීම යන අරුත යි. භව සඞ්ඛාරං = පුනර්භවයේ හේතුව වූ සංස්කාරය අවස්සජි = විසුරුවා හළේය. මුනි = බුදු වූ මුනිවරයා අජ්ඣත්තරතො = ස්වකීය අධ්‍යාත්මයෙහි ඇලුනේ. සමාහිතො = උපචාර හා අර්පණා වශයෙන් සන්සුන් වූයේ. අභින්‍දිකවචමිවා = යුද්ධ සන්නාහයන්ගෙන් බිඳ දැම්මේය. අත්තසමගවං = තමා තුළ උපන් කෙලෙස් මෙය ද කියන ලද්දේ වෙයි විපාක සහිතය යන අර්ථයෙන් ද, භවය සකස් කිරීම යන අර්ථයෙන් ද “භවසඞ්ඛාර” යයි නමක් ලබා ඇත්තේ ද වෙයි. තුල අතුල ලෙස ගැනෙන ලෞකික කාර්යයන් ද අත් හළේය. සංග්‍රාමය කෙළවර මහා යෝධයකු සන්නාහයක් අත්හරින්නාක් මෙන්, තමා තුළ හටගෙන ඇති කෙළෙස් ද අධ්‍යාත්මයෙහි ඇලී සන්සුන් වී බිඳ හළේය.

අථ වා තුලන‍්ති තුලෙන‍්තො තීරෙන‍්තො. අතුලඤ‍්ච සම‍්භවන‍්ති නිබ‍්බානඤ‍්චෙව භවඤ‍්ච. භවසඞ‍්ඛාරන‍්ති භවගාමිකම‍්මං. අවස‍්සජි මුනීති “පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චා, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො නිබ‍්බානං නිච‍්ච”න‍්තිආදිනා නයෙන තුලයන‍්තො බුද‍්ධමුනි භවෙ ආදීනවං නිබ‍්බානෙ චානිසංසං දිස‍්වා තං ඛන්‍ධානං මූලභූතං භවසඞ‍්ඛාරං “කම‍්මක‍්ඛයාය සංවත‍්තතී”ති එවං වුත‍්තෙන කම‍්මක‍්ඛයකරෙන අරියමග‍්ගෙන අවස‍්සජි. කථං? අජ‍්ඣත‍්තරතො සමාහිතො අභින්‍දි කවචමිවත‍්තසම‍්භවං. සො හි විපස‍්සනාවසෙන අජ‍්ඣත‍්තරතො, සමථවසෙන සමාහිතොති එවං පුබ‍්බභාගතො පට‍්ඨාය සමථවිපස‍්සනාබලෙන කවචමිව අත‍්තභාවං පරියොනන්‍ධිත්‍වා ඨිතං, අත‍්තනි සම‍්භවත‍්තා අත‍්තසම‍්භවන‍්ති ලද‍්ධනාමං සබ‍්බං කිලෙසජාතං අභින්‍දි. කිලෙසාභාවෙන ච කම‍්මං අප‍්පටිසන්‍ධිකත‍්තා අවස‍්සට‍්ඨං නාම හොතීති එවං කිලෙසප‍්පහානෙන කම‍්මං ජහි. පහීනකිලෙසස‍්ස භයං නාම නත්‍ථි. තස‍්මා අභීතොව ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි. අභීතභාවඤාපනත්‍ථඤ‍්ච උදානං උදානෙසීති වෙදිතබ‍්බො.

එසේ නැතහොත් (මෙසේද අරුත් දැක්විය හැක්කේය) තුලං = තුලනය කරනුයේ තීරණය කරනුයේ අතුලඤ්ච සම්භවං = නිවන ද භවය ද භවසඞ්ඛාරං = භවය සමග යන කර්මය. අවස්සජිමුනි = පංචස්කන්ධයන් අනිත්‍යය. පංචස්කන්ධයන්ගේ නිරුද්ධ වීම නම් වූ නිවන නිත්‍යය යන ආදී පිළිවෙළින් සසඳන්නාවූ බුදුන් වහන්සේ භවයෙහි ආදීනවය ද, නිවනෙහි අනුසස් ද දැක ස්කන්ධයන්ගේ මුල හේතුවවූ එම භව සංස්කාරය කර්මයන් ක්ෂය කිරීම දක්වා පවත්නේ ය යනුවෙන් කියන ලද කර්මය ක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගයෙන් කර්මය අත් හළහ. කෙසේද යත් අජ්ඣත්තරතො සමාහිතො අභින්‍දි කවචමිවත්තසම්භවං = උන්වහන්සේ වනාහී විදර්ශනා වශයෙන් අධ්‍යාත්මයෙහි ඇලුනාහුද, සමථ වශයෙන් සන්සුන් වූවාහු ද වෙති. මෙසේ පූර්ව භාගයෙහි පටන් සමථ විදර්ශනා බලයෙන් ආත්මභාවය ආවරණය කරගෙන සිටි සන්නාහයක් මෙන් වූ ද, තමා තුළ හටගත් බැවින් “අත්ත සම්භව” යන නම ලැබුවාවූ ද සියලු කෙලෙස් බිඳ හෙලූහ. කෙලෙස් නැති බැවින් ද, කර්මය පිළිසිඳ නොගන්නා බැවින්ද අවසිට්ඨ (ඉතිරි) යන නම ඇති වේ. මෙසේ කෙලෙස් ප්‍රහාණයෙන් කර්මය අත්හළහ. ප්‍රහීන වූ කෙලෙස් ඇති තැනැත්තා හට බියක් නම් නැත. එහෙයින් නො බියවම ආයු සංස්කාරය හළහ. නිර්භීත බව දැක්වීම පිණිස ද උදන් ඇනූ සේකැයි දත යුතුයි.

චාපාලවග‍්ගො පඨමො.

පළමුවන චාපාල වර්ගය නිමි.