යෙදුමෙන් කියවන්න

සමත‍්තසුත‍්තං

7. 1. 6.

7. 1. 6.

සමත‍්තසුත‍්තං

සමත්ත සූත්‍රය

3128. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා සමත‍්තං ඉද‍්ධිං අභිනිප‍්ඵාදෙසුං, සබ‍්බෙ තෙ චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා. යෙ හි කෙචි භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා සමත‍්තං ඉද‍්ධිං අභිනිප‍්ඵාදෙස‍්සන‍්ති, සබ‍්බෙ තෙ චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා. යෙ හි කෙචි භික‍්ඛවෙ, එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා සමත‍්තං ඉද‍්ධිං අභිනිප‍්ඵාදෙන‍්ති, සබ‍්බෙ තෙ චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා. කතමෙසං චතුන‍්නං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා සමත‍්තං ඉද‍්ධිං අභිනිප‍්ඵාදෙසුං -පෙ- අභිනිප‍්ඵාදෙස‍්සන‍්ති -පෙ- අභිනිප‍්ඵාදෙන‍්ති, සබ‍්බෙ තෙ ඉමෙසං යෙව චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තාති.

3128. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු මුළුල්ල නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.