යෙදුමෙන් කියවන්න

චෙතිය සුත‍්තං

7. 1. 10.

7. 1. 10.

චෙතිය සුත‍්තං

චේතිය සූත්‍රය

3132. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසි. වෙසාලියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “ගණ‍්හාහි ආනන්‍ද, නිසීදනං. යෙන චාපාලං චෙතියං තෙනුපසඞ‍්කමිස‍්සාම දිවාවිහාරායා”ති. “එවං භන‍්තෙ”ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුත්‍වා නිසීදනං ආදාය භගවන‍්තං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි. අථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. ආයස‍්මාපි ඛො ආනන්‍දො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ආනන්‍දං භගවා එතදවොච:

3132. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්නුවර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස විසල්පුර පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකි සේක්: “ආනන්‍දය, නිසීදනය ගනු. චාපාල සෑය කරා දිවාවිහරණය පිණිස යම්හ”යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක. “වහන්ස එසේ ය”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා නිසීදනය රැගෙන පසුපස භාග්‍යවතුන් වහන්සේට අනුගමන් කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑය වෙත එළඹි සේක. එළඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

රමණීයා ආනන්‍ද, වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත‍්තම‍්බං චෙතියං, රමණීයං බහුපුත‍්තං චෙතියං, රමණීයං සාරන්‍දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස‍්ස කස‍්සචි ආනන්‍ද, ඉමෙ චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, සො ආකඞ‍්ඛමානො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා. තථාගතස‍්ස ඛො ආනන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. ආකඞ‍්ඛමානො ආනන්‍ද, තථාගතො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වාති. එවම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො භගවතා ඔළාරිකෙ නිමිත‍්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක‍්ඛි පටිවිජ‍්ඣිතුං. න භගවන‍්තං යාචි “තිට‍්ඨතු භන‍්තෙ, භගවා කප‍්පං, තිට‍්ඨතු සුගතො කප‍්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සාන”න‍්ති. යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො.

ආනන්‍දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්‍දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් මේ සිවු ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු පුනපුනා කරන ලද්දාහු යානයක් මෙන් කරන ලද්දාහු වාස්තුවක් මෙන් කරන ලද්දාහු අනුෂ්ඨිත වූවාහු පුරුදු කරන ලද්දාහු මැනැවින් අරඹන ලද්දාහු වෙද්ද, හෙතෙමේ කැමති වන්නේ නම් ආයුෂ්කල්පයක් (සියවසක්) හෝ එයට මදක් වැඩි කලක් හෝ සිටුනේ ය. ආනන්‍දය, තථාගතයන් විසින් සිවු ඍද්ධිපාදයෝ වඩන ලදහ, බහුල කරන ලදහ, යානයක් මෙන් කරන ලදහ, වාස්තුවක් මෙන් කරන ලදහ, අනුෂ්ඨිතයහ, පරිවිතයහ, සුසමාරබ්ධයහ. ආනන්‍දය, කැමති වන්නේ නම් තථාගත තෙමේ කපක් හෝ එයට මඳක් වැඩි කලක් හෝ සිටුනේ යි. මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙලිකිරීම් කරන කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.

[දුතියම‍්පි ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං භගවා එතදවොච: “රමණීයා ආනන්‍ද, වෙසාලී -පෙ- තතියම‍්පි ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “රමණීයා ආනන්‍ද, වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත‍්තම‍්බං චෙතියං, රමණීයං බහුපුත‍්තං චෙතියං, රමණීයං සාරන්‍දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස‍්ස කස‍්සචි, ආනන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. සො ආකඞ‍්ඛමානො ආනන්‍ද, කප‍්පං වා තිට‍්ඨෙය්‍ය, කප‍්පාවසෙසං වා. තථාගතස‍්ස ඛො ආනන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා. ආකඞ‍්ඛමානො ආනන්‍ද, තථාගතො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වාති.

දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්‍දය, විසල්පුර සිත්කලු ය ... “තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්‍දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්‍දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් සිවු ඉදුපා භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ වේ ද, ආනන්‍ද හෙතෙමේ කැමති වන්නේ නම් කපක් හෝ කපට මඳක් වැඩි කලක් සිටුනේ ය. ආනන්‍දය, තථාගතයන් විසින් සිවු ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. ආනන්‍ද, තථාගත තෙමේ කැමති වන්නේ නම් කපක් හෝ මඳකින් වැඩි කපක් හෝ සිටුනේ යි.

එවම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො භගවතා ඔළාරිකෙ නිමිත‍්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක‍්ඛි පටිවිජ‍්ඣිතුං. න භගවන‍්තං යාචි: “තිට‍්ඨතු භන‍්තෙ, භගවා කප‍්පං, තිට‍්ඨතු සුගතො කප‍්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සාන”න‍්ති. යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො.]

මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙළි කිරීම් කරන කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද සිත් ඇති අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස වැඩ පිණිස දෙව්මිනිසුන්ට හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි. ගච‍්ඡ ඛො ත්‍වං ආනන්‍ද, යස‍්සදානි කාලං මඤ‍්ඤසීති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද, යමකට කල් දනිවු නම් තෙපි දැන් යවු යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නුදුරෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන්හ.

අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: “පරිනිබ‍්බාතු’දානි භන‍්තෙ, භගවා, පරිනිබ‍්බාතු සුගතො, පරිනිබ‍්බානකාලො’දානි භන‍්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන‍්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි යාව මෙ භික‍්ඛූ න සාවකා භවිස‍්සන‍්ති වියත‍්තා විනීතා විසාරදා පත‍්තයොගක‍්ඛෙමා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සාමීචිපටිපන‍්නා අනුධම‍්මචාරිනො, සකං ආචරියකං උග‍්ගහෙත්‍වා ආචික‍්ඛිස‍්සන‍්ති දෙසිස‍්සන‍්ති පඤ‍්ඤාපෙස‍්සන‍්ති පට‍්ඨපෙස‍්සන‍්ති විවරිස‍්සන‍්ති විභජිස‍්සන‍්ති උත‍්තානීකරිස‍්සන‍්ති උප‍්පන‍්නං පරප‍්පවාදං සහධම‍්මෙන සුනිග‍්ගහීතං නිග‍්ගහෙත්‍වා සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙස‍්සන‍්තී”ති.

එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට යම් තාක් මාගේ සවුමහණහු ව්‍යක්තයෝ විනීතයෝ විශාරදයෝ පැමිණි රහත් බැව් ඇත්තෝ බහුශ්‍රැතයෝ ධර්‍මධරයෝ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයෝ සාමීචිප්‍රතිපන්නයෝ අනුධර්‍මචාරීහු නො වන්නාහු ද, සිය ඇදුරුදහම ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද, උඩුහුරු නො කරන්නාහු ද, උපන් පරවාද කරුණු සහිතව මැනවින් නිග්‍රහ කොට මැඬ නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි” යි තෙල වදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.

සන‍්ති ඛො පන භන‍්තෙ, එතරහි භික‍්ඛූ භගවතො සාවකා වියත‍්තා විනීතා විසාරදා පත‍්තයොගක‍්ඛෙමා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සාමීචිපටිපන‍්නා අනුධම‍්මචාරිනො, සකං ආචරියකං උග‍්ගහෙත්‍වා ආචික‍්ඛන‍්ති දෙසෙන‍්ති පඤ‍්ඤාපෙන‍්ති පට‍්ඨපෙන‍්ති විවරන‍්ති විභජන‍්ති උත‍්තානීකරොන‍්ති, උප‍්පන‍්නං පරප‍්පවාදං සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙන‍්ති. පරිනිබ‍්බාතු’දානි භන‍්තෙ, භගවා, පරිනිබ‍්බාතු සුගතො, පරිනිබ‍්බානකාලො’දානි භන‍්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන‍්තෙ, භගවතා වාචා: “න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි යාව මෙ භික‍්ඛුනියො න සාවිකා භවිස‍්සන‍්ති -පෙ- යාව මෙ උපාසකා න සාවකා භවිස‍්සන‍්ති -පෙ- යාව මෙ උපාසිකා න සාවිකා භවිස‍්සන‍්ති වියත‍්තා විනීතා විසාරදා, පත‍්තයොගක‍්ඛෙමා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සාමීචිපටිපන‍්නා අනුධම‍්මචාරිනියො, සකං ආචරියකං උග‍්ගහෙත්‍වා ආචික‍්ඛිස‍්සන‍්ති දෙසිස‍්සන‍්ති පඤ‍්ඤාපෙස‍්සන‍්ති පට‍්ඨපෙස‍්සන‍්ති විවරිස‍්සන‍්ති විභජිස‍්සන‍්ති උත‍්තානීකරිස‍්සන‍්ති, උප‍්පන‍්නං පරප‍්පවාදං සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා සප‍්පාටිහාරියං ධම‍්මං දෙසිස‍්සන‍්තී”ති.

වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී වෙත් ම ය. (ඔහු) සිය ඇදුරුවාදය ඉගෙන කියත් දේශනා කෙරෙත්, පනවත්, පිහිටුවත්, විවරණය කෙරෙත්, බෙදෙත්, උඩුහුරු කෙරෙත්, උපන් පරවාද කරුණු සහිත ව මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට, යම් තාක් මාගේ සවුමෙහෙණහු ... නො වන්නාහු ද, යම් තාක් මාගේ සවු උවසුවෝ ... නො වන්නාහු ද, යම් තාක් මාගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී නො වන්නාහු ද, සිය අදුරුවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද නො උඩුහුරු කරන්නාහු ද උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒතාක් මම නො පිරිනිවෙන්නෙමි” යි තෙල වදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.

සන‍්ති ඛො පන භන‍්තෙ, එතරහි උපාසිකා භගවතො සාවිකා වියත‍්තා විනීතා විසාරදා පත‍්තයොගක‍්ඛෙමා බහුස‍්සුතා ධම‍්මධරා ධම‍්මානුධම‍්මපටිපන‍්නා සාමීචිපටිපන‍්නා අනුධම‍්මචාරිනියො, සකං ආචරියකං උග‍්ගහෙත්‍වා ආචික‍්ඛන‍්ති දෙසෙන‍්ති පඤ‍්ඤාපෙන‍්ති පට‍්ඨපෙන‍්ති විවරන‍්ති විභජන‍්ති උත‍්තානීකරොන‍්ති, උප‍්පන‍්නං පරප‍්පවාදං සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා සප‍්පාටිහාරියං ධම‍්මං දෙසෙන‍්ති. පරිනිබ‍්බාතු’දානි භන‍්තෙ, භගවා, පරිනිබ‍්බාතු සුගතො, පරිනිබ‍්බානකාලො’දානි, භන‍්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන‍්තෙ, භගවතා වාචා න තාවාහං පාපිම, පරිනිබ‍්බායිස‍්සාමි: යාව මෙ ඉදං බ්‍රහ‍්මචරියං න ඉද‍්ධඤ‍්චෙව භවිස‍්සති ඵීතඤ‍්ච විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං පුථුභූතං යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිතන‍්ති”. නන්‍විදං භන‍්තෙ භගවතො බ්‍රහ‍්මචරියං ඉද‍්ධඤ‍්චෙව ඵීතඤ‍්ච විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං පුථුභූතං යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිතං. පරිනිබ‍්බාතු’දානි භන‍්තෙ, භගවා, පරිනිබ‍්බාතු සුගතො. පරිනිබ‍්බානකාලො’දානි භන‍්තෙ, භගවතොති.

වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී වෙත් ම ය. (ඔහු) සිය ඇදුරු වාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවරණය කෙරෙත්, බෙදත්, උඩුහුරු කෙරෙත්, උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට, යම් තාක් මේ සසුන් බඹසර සමෘද්ධ නො වන්නේ ද, සමෘද්ධ වූයේ වැඩීමට පැමිණියේ පතළේ බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ පුළුල් බවට පැමිණියේ නො වන්නේ ද, ඇති තාක් දෙවිමිනිසුන් විසින් නො පවසන ලද්දේ ද, ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි” යි මෙවදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ මේ සසුන් බඹසර සමෘද්ධ වූයේත් වැඩීමට පැමිණියේත් පතළේත් බොහෝ දෙනා විසින් දන්නා ලද්දේත් පුළුල් බවට පැමිණියේත් ඇති තාක් දෙවිමිනිසුන් විසින් පවසන ලද්දේත් නො වේ ද, වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි.

එවං වුත‍්තෙ භගවා මාරං පාපිමන‍්තං එතදවොච: “අප‍්පොස‍්සුක‍්කො ත්‍වං පාපිම හොහි. න චිරං තථාගතස‍්ස පරිනිබ‍්බානං භවිස‍්සති. ඉතො තිණ‍්ණං මාසානං අච‍්චයෙන තථාගතො පරිනිබ‍්බායිස‍්සතී”ති. අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි. ඔස‍්සට‍්ඨෙ ච භගවතා ආයුසඞ‍්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො ලොමහංසො, දෙවදුන්‍දුභියො ච ඵලිංසු අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පවිටු මරුහට මෙය වදාළ සේක: “පවිට, තෝ හළ වෑයම් ඇත්තෙක් වෙව. නොබෝ කලෙකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් අවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී සිහි ඇති ව මනා දැනුම් ඇති ව ආයුසංස්කාර හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාර හළ කල්හි බිහිසුණු ලොමුදහගන්වන මහාභූමිකම්පාවක් විය. දෙව්බෙර ද පැලුණහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැන එවේලායෙහි මේ උදානය පහළකළ සේක:

“තුලමතුලඤ‍්ච සම‍්භවං භවසඞ‍්ඛාරමවස‍්සජි මුනි අජ‍්ඣත‍්තරතො සමාහිතො අභිදා කවචමිවත‍්තසම‍්භවන‍්ති.

පුනර්‍භවය සකස් කරන උප්පත්ති ජනක කාමාවචර රූපාවචර අරූපාවචර නොහොත් අල්පවිපාක බහුවිපාක කර්‍ම බුද්ධමුනි තෙමේ හළේ ය. නිජඅද්ධ්‍යාත්මයෙහි ඇලුණේ උපාචාර අර්‍පණා වශයෙන් සමාහිත වූයේ තමා කෙරෙහි හටගත් කෙලෙස් ද භවගාමී කර්‍ම ද (යුදබිමෙභි සෙබළෙක්) කවචයක් මෙන් බිඳ දැම්මේ ය. නොහොත් නිවනත් භවයත් භවගාමී කර්‍මත් තීරණය කරමින් බුද්ධමුනි තෙමේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් හළේ ය. විදර්‍ශනා වශයෙන් අද්ධ්‍යාත්මයෙහි ඇලුණේ සමථ වශයෙන් සමාහිත වූයේ කවචයක් මෙන් සිය අත්බැව වැළඳගෙන සිටි කෙලෙස් දැල සිඳ දැම්මේ ය.

චාපාලවග‍්ගො පඨමො.

පළමුවැනි චාපාලවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමමාලාව:

අපාරො ච විරද‍්ධො චාරියො නිබ‍්බිදා පදෙසං, සමත‍්තො ච භික‍්ඛු ච අරහං ඤාණචෙතියාති.

අපාර, විරද්ධ, අරිය, නිබ්බිදා, පදෙස, සමත්ත, භික්ඛු, අරහන්ත, ඤාණ, චේතිය යි සූත්‍ර දශයෙකි යි.