හෙතුසුත‍්තං
7. 2. 1.
7. 2. 1.
හෙතුසුත‍්තං
හේතු සූත්‍රය
3133. සාවත්‍ථියං:
3133. සැවැත්නුවර:
පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි: “කො නු ඛො හෙතු කො පච‍්චයො ඉද‍්ධිපාදභාවනායා”ති? තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: “ඉධ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, ඉති මෙ ඡන්‍දො න ච අතිලීනො භවිස‍්සති, න ච අතිපග‍්ගහිතො භවිස‍්සති, න ච අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තො භවිස‍්සති, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තො භවිස‍්සති. පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති,
මහණෙනි, සම්බෝධියෙන් පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුම පිණිස කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ” යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: “මෙහි මහණ තෙමේ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
යථා පුරෙ තථා පච‍්ඡා, යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා.
පෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය යි.
ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.
පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ විරියං න ච අතිලීනං භවිස‍්සති, න ච අතිපග‍්ගහිතං භවිස‍්සති, න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තං භවිස‍්සති, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තං භවිස‍්සති. පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති.
වීර්‍ය්‍යය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීර්‍ය්‍යය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
යථා පුරෙ තථා පච‍්ඡා, යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා.
පෙර යම් බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම් බඳු නම් උඩත් එබඳු ය. උඩ යම් බඳු නම් යටත් එබඳු ය. දහවල් යම් බඳු නම් රෑත් එබඳු ය. රෑ යම් බඳු නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි.
චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ චිත‍්තං න ච අතිලීනං භවිස‍්සති. න ච අතිප‍්පග‍්ගහිතං භවිස‍්සති. න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තං භවිස‍්සති. න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තං භවිස‍්සති. පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති.
චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩ යි. මෙසේ මාගේ සිත ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
යථා පුරෙ තථා පච‍්ඡා, යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා.
පෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස‍්සති. න ච අතිප‍්පග‍්ගහිතා භවිස‍්සති. න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තා භවිස‍්සති. න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තා භවිස‍්සති. පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති.
වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩිකොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
යථා පුරෙ තථා පච‍්ඡා, යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා.
පෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු, අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති. එකොපි හුත්‍වා බහුධා හොති, බහුධාපි හුත්‍වා එකො හොති. ආවිභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති, සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජ නිම‍්මුජ‍්ජං කරොති සෙය්‍යථාපි උදකෙ. උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡති සෙය්‍යථාපි පඨවියං. ආකාසෙ’පි පල‍්ලඞ‍්කෙන කමති සෙය්‍යථාපි පක‍්ඛිසකුණො. ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ‍්ජති යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය. උභො සද‍්දෙ සුණාති දිබ‍්බෙ ච මානුසෙ ච දූරෙ සන‍්තිකෙ චාති.
මහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කරයි. එකෙක් ව ද බොහෝ අයුරු වේ. බොහෝ අයුරු ව ද එකෙක් වේ. පළට බව සැඟවුණු බව (විඳියි.) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නො ගැටෙමින් යේ. පොළොවෙහි ද දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරේ. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහි ද යේ. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහි ද පලඟින් යුතු ව ගමන් කෙරේ, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහස්සි. පිරිමදියි. බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්වයි. check translation here
එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු, පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතොපරිච‍්ච පජානාති. සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාති. වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානාති. සදොසං වා චිත‍්තං සදොසං චිත‍්තන‍්ති පජානාති. වීතදොසං වා චිත‍්තං වීතදොසං චිත‍්තන‍්ති පජානාති. සමොහං වා චිත‍්තං සමොහං චිත‍්තන‍්ති පජානාති. වීතමොහං වා චිත‍්තං වීතමොහං චිත‍්තන‍්ති පජානාති. සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං සඞ‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානාති. වික‍්ඛිත‍්තං වා චිත‍්තං වික‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානාති. අමහග‍්ගතං වා චිත‍්තං අමහග‍්ගතං චිත‍්තන‍්ති පජානාති. මහග‍්ගතං වා චිත‍්තං මහග‍්ගතං චිත‍්තන‍්ති පජානාති. සඋත‍්තරං වා චිත‍්තං සඋත‍්තරං චිත‍්තන‍්ති පජානාති. අනුත‍්තරං වා චිත‍්තං අනුත‍්තරං චිත‍්තන‍්ති පජානාති. අසමාහිතං වා චිත‍්තං අසමාහිතං චිත‍්තන‍්ති පජානාති. සමාහිතං වා චිත‍්තං සමාහිතං චිත‍්තන‍්ති පජානාති. අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාති විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානාති.
මහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ශුද්ධ වූ මිනිස්බැව් ඉක්ම පැවැති දිව්‍යමය ශ්‍රෝත්‍රධාතුවෙන් දුරවූ ද ළඟ වූ ද මානුෂික දෙසද අසයි. මහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි අන්සතුන්ගේ අන්පුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනී. සරාග සිතත් සරාග සිතැ යි දනී. වීතරාග සිතත් වීතරාග සිතැ යි දනී. සදෝස සිතත් සදෝස සිතැ යි දනී. වීතදෝස සිතත් වීතදෝස සිතැ යි දනී. සමෝහ සිතත් සමෝහ සිතැ යි දනී. වීතමෝහ සිතත් වීතමෝහ සිතැ යි දනී. සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිතැ යි දනී. වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිතැ යි දනී. අමහග්ගත සිතත් අමහග්ගත සිතැ යි දනී. මහග්ගත සිතත් මහග්ගත සිතැ යි දනී. සඋත්තර සිතත් සඋත්තර සිතැ යි දනී. අනුත්තර සිතත් අනුත්තර සිතැ යි දනී. අසමාහිත සිතත් අසමාහිත සිතැ යි දනී. සමාහිත සිතත් සමාහිත සිතැ යි දනී. අවිමුත්ත සිතත් අවිමුත්ත සිතැ යි දනී. විමුත්ත සිතත් විමුත්ත සිතැ යි දනී.
එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථිදං: “එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාරීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ. අමුත්‍රාසිං: එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං: එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො”ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති.
මහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද නොයෙක් නැසෙන කල්ප ද නොයෙක් වැඩෙන කල්ප ද නොයෙක් නැසෙන වැඩෙන කල්ප ද (සිහි කෙරේ.) අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව අසවල්තැන උපන්මි. එහි දු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව පැමිණියෙමි යි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ.
එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු, දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති: “චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ, සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති: ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා”ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති: “චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ, සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාතී”ති.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි විසුද්ධ වූ මිනිස් ඇස ඉක්ම පැවැති දිවැසින් සතුන් දකී. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනාවර්‍ණ ඇති නපුරුවර්‍ණ ඇති මනාගති ඇති නපුරුගති ඇති කම් වූ පරිදි පැමිණි සතුන් දැනගනී. මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මානෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුතුවහ, වාක්සුචරිතයෙන් යුතුවහ. මනඃසුචරිතයෙන් යුතුවහ. ආර්‍ය්‍යෝපවාද නො කරන්නාහ. සම්‍යග්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවහ. ඔහු කාබුන් මරණින් මතු සෝභනගති ඇති සගලොවට පැමිණියහ” යි, මෙසේ විශුද්ධ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකී. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සතුන් දැනගනී.
එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.