මහප‍්ඵලසුත‍්තං
7. 2. 2.
7. 2. 2.
මහප‍්ඵලසුත‍්තං
මහප්ඵල සූත්‍රය
3134. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා. කථං භාවිතා ච ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා කථං බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති: “ඉති ඛො මෙ ඡන්‍දො න ච අතිලීනො භවිස‍්සති, න ච අතිප‍්පග‍්ගහිතො භවිස‍්සති, න ච අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තො භවිස‍්සති, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තො භවිස‍්සති, පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති:
3134. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලදුයේ බහුල කරන ලදුයේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය සැඟවුණේ නො ද වන්නේ ය, ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
යථා පුරෙ තථා පච‍්ඡා, යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා”.
පෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය, දහවල් යම්සේ නම් රැයත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ” ය යි පසු පෙර හැඟීම් ඇත්තේද වෙසේ.
ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති ඛො මෙ වීමංසා න‘ච අතිලීනා භවිස‍්සති. න ච අතිප‍්පග‍්ගහිතා භවිස‍්සති, න ච අජ‍්ඣත‍්තං සංඞ‍්ඛිත‍්තා භවිස‍්සති, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තා භවිස‍්සති, පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති:
විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය,
“යථා පුරෙ තථා පච‍්ඡා, යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා.”
පෙර යම්බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම්බඳු නම් උඩත් එබඳු ය. උඩ යම්බඳු නම් යටත් එබඳු ය. දහවල් යම්බඳු නම් රෑත් එබඳු ය. රෑ යම්බඳු නම් දහවලුත් එබඳු ය”යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙ යි.
ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති. එවං භාවිතා ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා එවං බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරනලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ.
එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: “එකොපි හුත්‍වා බහුධා හොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති” -පෙ- එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන්වැදෑරුම් ඉදු කොටස් විඳි යි. එකක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්ව යි ... මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සිවු ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.