ඡන්දසුත්තං
7. 2. 3.
7. 2. 3.
ඡන්දසුත්තං
ඡන්ද සූත්‍රය
3135. ඡන්දං චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්සෙකග්ගතං. අයං වුච්චති ඡන්දසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයඤ්ච ඡන්දො, අයඤ්ච ඡන්දසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො.
3135. මහණෙනි, ඉදින් මහණ ඡන්දය නිසා සමාධියක් ලබා නම් සිතේ එකඟ බවක් ලබා නම් මේ ඡන්දසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණ කරනු පිණිස ඡන්දය උපදවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩිකොට ගනී. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන්කුසල් දහම් පැවැත්ම පිණිස අවිනාසය පිණිස බොහෝ බැව් පිණිස විපුල බැව් පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මොහු පදහන්සංස්කාරයෝය කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්දයත් මේ ඡන්දසමාධියත් මේ ප්රධන්සංස්කාරයොත් වෙද් ද, මහණෙනි, මේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
විරියඤ්චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්සෙකග්ගතං. අයං වුච්චති විරියසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති ඉදඤ්ච විරියං, අයඤ්ච විරියසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො.
මහණෙනි, ඉදින් මහණ වීර්‍ය්‍යය නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ වීර්ය්යසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්. මෙසේ මේ වීර්‍ය්‍යයත් මේ විරියසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
චිත්තඤ්චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං. ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති චිත්තසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති ඉදඤ්ච චිත්තං, අයඤ්ච චිත්තසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො.
මහණෙනි, ඉදින් මහණ සිත නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ චිත්තසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ සිතත් මේ චිත්තසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
වීමංසඤ්චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති වීමංසාසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයඤ්ච වීමංසා අයඤ්ච වීමංසාසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදොති.
මහණෙනි, ඉදින් මහණ වීමංසාව නිසා සමාධියක් ලබා ද, සිතේ එකඟ බවක් ලබා ද, මේ වීමංසා සමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ වීමංසාවත් මේ වීමංසා සමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.