යෙදුමෙන් කියවන්න

2. පාසාදකම‍්පනවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. පාසාදකම්පන වර්ගය

1-2. හෙතුසුත‍්තාදිවණ‍්ණනා

1-2. හෙතු ආදි සූත්‍ර වර්ණනා

දුතියවග‍්ගස‍්ස පඨමෙ න ච අතිලීනොතිආදීනි පරතො ආවි භවිස‍්සන‍්ති. ඉමස‍්මිං සුත‍්තෙ ඡඅභිඤ‍්ඤාපාදකා ඉද‍්ධිපාදා කථිතා, තථා දුතියෙ ච.

දෙවන වර්ගයේ පළමුවැන්නෙහි - නච අතිලීනො යන ආදිය බැහැරින් දර්ශනය වෙයි. මේ සූත්‍රයෙහිදී අභිඥා සය පාදක කොට ඇති ඍද්ධිපාදයන් කියන ලදී. දෙවැන්නෙහිද එසේමය.

3. ඡන්‍දසුත‍්තවණ‍්ණනා

3. ඡන්ද සූත්‍ර වර්ණනාව

තතියෙ ඡන්‍දන‍්ති කත‍්තුකම්‍යතාඡන්‍දං. නිස‍්සායාති නිස‍්සයං කත්‍වා, අධිපතිං කත්‍වාති අත්‍ථො. පධානසඞ‍්ඛාරාති පධානභූතා සඞ‍්ඛාරා, චතුකිච‍්චසාධකසම‍්මප‍්පධානවීරියස‍්සෙතං අධිවචනං. ඉති අයඤ‍්ච ඡන්‍දොතිආදීසු ඡන්‍දො ඡන්‍දසමාධිනා චෙව පධානසඞ‍්ඛාරෙහි ච, ඡන්‍දසමාධි ඡන්‍දෙන චෙව පධානසඞ‍්ඛාරෙහි ච, පධානසඞ‍්ඛාරාපි ඡන්‍දෙන චෙව ඡන්‍දසමාධිනා ච සමන‍්නාගතා. තස‍්මා සබ‍්බෙ තෙ ධම‍්මෙ එකතො කත්‍වා අයං වුච‍්චති, භික‍්ඛවෙ, ඡන්‍දසමාධිප‍්පධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදොති වුත‍්තං. ඉද‍්ධිපාදවිභඞ‍්ගෙ (විභ· 437) පන “යො තථාභූතස‍්ස වෙදනාක‍්ඛන්‍ධො තිආදිනා නයෙන ඉමෙහි ධම‍්මෙහි සමන‍්නාගතා සෙසඅරූපිනො ධම‍්මා ඉද‍්ධිපාදාති වුත‍්තා.

තුන්වැන්නෙහි ඡන්‍දං = කරනු කැමැත්ත “ඡන්‍ද” නම් වේ. නිස්සාය = ආශ්‍රය කොට, නායකයා කොට යන අර්ථයයි. පධාන සඞ්ඛාරා = ප්‍රධාන වූ සංස්කාරයෝ කාර්යයන් සතර සිදු කිරීමට හේතු වන මනාවූ වීර්යයට මෙය පර්යාය වචනයකි. ඉති අයඤ්ච ඡන්‍දො යන ආදියෙහි “ඡන්‍දය” නම් ඡන්දයෙන් ද භාවනා සංස්කාරයගෙන් ද යුක්ත වූ ඡන්‍ද සමාධියයි. භාවනා සංස්කාරයන් ද ඡන්‍දයෙන් හා සමාධියෙන් ද යුක්ත වේ. එහෙයින් මේ සියලු ධර්මයන් එකතු කොට අයං වුච්චති භික්‍ඛවෙ ඡන්‍ද සමාධි පධාන සඞ්ඛාර සමන්නාගතො ඉද්ධිපාදො (මහණෙනි මෙය ඡන්‍ද සමාධිය, භාවනා සංස්කාරය යන මේවායින් යුක්ත වූ ඉද්ධි පාදය වේ) යයි කියන ලදී. ඉද්ධිපාද විභඞ්ගයෙහිදී වනාහී වේදනා ස්කන්ධය යන ආදී පිළිවෙළින් මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සෙසු අරූපී ධර්ම ඉද්ධිපාද යයි කියන ලදී.

අපිච ඉමෙපි තයො ධම‍්මා ඉද‍්ධීපි හොන‍්ති ඉද‍්ධිපාදාපි. කථං? ඡන්‍දඤ‍්හි භාවයතො ඡන්‍දො ඉද‍්ධි නාම හොති, සමාධිප‍්පධානසඞ‍්ඛාරා ඡන්‍දිද‍්ධිපාදො නාම. සමාධිං භාවෙන‍්තස‍්ස සමාධි ඉද‍්ධි නාම හොති, ඡන්‍දප‍්පධානසඞ‍්ඛාරා සමාධිද‍්ධියා පාදො නාම. පධානසඞ‍්ඛාරෙ භාවෙන‍්තස‍්ස පධානසඞ‍්ඛාරා ඉද‍්ධි නාම හොති, ඡන්‍දසමාධි පධානසඞ‍්ඛාරිද‍්ධියා පාදො නාම, සම‍්පයුත‍්තධම‍්මෙසු හි එකස‍්මිං ඉජ‍්ඣමානෙ සෙසාපි ඉජ‍්ඣන‍්තියෙව.

තව ද මේවායින් ධර්මයන් තුනක් ඍද්ධීන් හෝ ඍද්ධිපාදයන් වේ. ඒ කෙසේද යත් - ඡන්‍දය (කැමැත්ත) වඩන්නහුට ඡන්‍දය ඍද්ධි නම් වෙයි. සමාධි භාවනා සංස්කාරයන් “ඡන්‍දිද්ධි පාද” නම් වේ. සමාධිය වඩන්නහුට සමාධිය “ඉද්ධි” නම් වෙයි. ඡන්ද භාවනා සංස්කාරයන් සමාධි ඉන්‍ද්‍රියයට පාද (හේතු හෝ අත්තිවාරම) නම් වේ. භාවනා සංස්කාරයන් වඩන්නහුට භාවනා සංස්කාරයන් “ඉද්ධි” නම් වේ. ඡන්ද සමාධි භාවනා සංස්කාර ඉන්‍ද්‍රියයන් පාද (හේතු හෝ අත්තිවාරම්) නම් වේ. එකට එක්ව යෙදුන ධර්මයන්හි එකක් සමෘද්ධ වන කල්හි සෙස්ස ද සමෘද්ධ වේමය.

අපිච තෙසං තෙසං ධම‍්මානං පුබ‍්බභාගවසෙනාපි එතෙසං ඉද‍්ධිපාදතා වෙදිතබ‍්බා. පඨමජ‍්ඣානඤ‍්හි ඉද‍්ධි නාම, පඨමජ‍්ඣානස‍්ස පුබ‍්බභාගපරිකම‍්මසම‍්පයුත‍්තා ඡන්‍දාදයො ඉද‍්ධිපාදො නාම. එතෙනුපායෙන යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනා, ඉද‍්ධිවිධං ආදිං කත්‍වා යාව දිබ‍්බචක‍්ඛුඅභිඤ‍්ඤා, සොතාපත‍්තිමග‍්ගං ආදිං කත්‍වා යාව අරහත‍්තමග‍්ගා නයො නෙතබ‍්බො. සෙසිද‍්ධිපාදෙසුපි එසෙව නයො.

තව ද ඒ ඒ ධර්මයන්ගේ (ධ්‍යාන සමාපත්තීන්හි) පූර්ව භාව වශයෙන් ද මේවායේ ඍද්ධිපාද භාවය දත යුතුය. ප්‍රථම ධ්‍යානය “ඍද්ධි” නම් වේ. ප්‍රථම ධ්‍යානයේ පූර්ව භාගයෙහි, මූලික කාර්යයන්ගෙන් යුක්ත වූ ඡන්ද ආදිය “සෘද්ධිපාද” නම් වේ. මේ පිළිවෙළින් “නේවසඤඤා නාසඤ්ඤායතනය” දක්වා, ඍද්ධි විධ ඥානය ආදි කොට දිව්‍ය චක්ෂුර් ඥානය දක්වා, සෝවාන් මාර්ගය ආදි කොට අර්හත් මාර්ගය දක්වා පිළිවෙළ ගෙන යා යුතු වේ. සෙසු ඍද්ධිපාදයන්හිද මේ පිළිවෙළම වේ.

කෙචි පන “අනිබ‍්බත‍්තො ඡන්‍දො ඉද‍්ධිපාදො”ති වදන‍්ති. ඉධ තෙසං වාදමද‍්දනත්‍ථාය අභිධම‍්මෙ උත‍්තරචූළවාරො නාම ආගතො –

ඍද්ධිපාදය සමෘද්ධ නොවීයයි ඇතැමෙක් කියති. මෙහිදී ඔවුන්ගේ වාද මර්දනය පිණිස අභිධර්මයෙහි “උත්තර චුළවාරෝ යන නම එයි.

“චත‍්තාරො ඉද‍්ධිපාදා – ඡන්‍දිද‍්ධිපාදො, වීරියිද‍්ධිපාදො, චිත‍්තිද‍්ධිපාදො, වීමංසිද‍්ධිපාදො. තත්‍ථ කතමො ඡන්‍දිද‍්ධිපාදො? ඉධ, භික‍්ඛු, යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, යො තස‍්මිං සමයෙ ඡන්‍දො ඡන්‍දිකතා කත‍්තුකම්‍යතා කුසලො ධම‍්මච‍්ඡන්‍දො, අයං වුච‍්චති ඡන්‍දිද‍්ධිපාදො. අවසෙසා ධම‍්මා ඡන්‍දිද‍්ධිපාදසම‍්පයුත‍්තා”ති (විභ· 457-458).

ඉද්ධිපාද සතරක් වේ. එනම් ඡන්‍දිද්ධිපාද, චිත්තතිද්ධිපාද, විරියිද්ධිපාද, වීමංසිද්ධිපාද යනුයි. එහි ඡන්‍දිද්ධිපාද නම් කුමක්ද යත් - මෙහි භික්ෂුවක් යම්කිසි කලෙක්හි නෛර්යාණිකවූ, නිවනට පමුණුවන්නාවූ, ලෝකෝත්තර ධ්‍යානයක් වඩන්නේ ද වැරදි දෘෂ්ටීන් ප්‍රහාණය කිරීම පිණිස ප්‍රථම භූමියට පැමිණීමෙන් කාමයන්ගෙන් වෙන්ව -පෙ- දුක සේ පිරිය යුතු ප්‍රතිපදාවක් සහිත වූ, වෙහෙසවී ලබා ගතයුතු අභිඥා සහිත වූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එකල්හි කැමති බැවින් “ඡන්‍ද” යයි ද, ක්‍රියා කිරීමට කැමති බැවින් “කුසල” යයි ද නම් ඇති ධම්ම ච්ඡන්‍ධ වන මෙය “ඡන්‍දිද්ධි පාද” නම් වේ. අන් ධර්මයන් ඡන්‍දිද්ධි පාදය සමග එක්ව යෙදී ඇත.

ඉමෙ පන ලොකුත‍්තරවසෙනෙව ආගතා.

මේවා වනාහී ලෝකෝත්තර වශයෙන්ම එන ධර්මයන්ය.

තත්‍ථ රට‍්ඨපාලත්‍ථෙරො ඡන්‍දං ධුරං කත්‍වා ලොකුත‍්තරධම‍්මං නිබ‍්බත‍්තෙසි. සොණත්‍ථෙරො වීරියං ධුරං කත්‍වා; සම‍්භුතත්‍ථෙරො චිත‍්තං ධුරං කත්‍වා, ආයස‍්මා මොඝරාජා වීමංසං ධුරං කත්‍වාති. තත්‍ථ යථා චතූසු අමච‍්චපුත‍්තෙසු ඨානන‍්තරං පත්‍ථෙත්‍වා රාජානං උපනිස‍්සාය විහරන‍්තෙසු එකො උපට‍්ඨානෙ ඡන්‍දජාතො රඤ‍්ඤො අජ‍්ඣාසයඤ‍්ච රුචිඤ‍්ච ඤත්‍වා දිවා ච රත‍්තො ච උපට‍්ඨහන‍්තො රාජානං ආරාධෙත්‍වා ඨානන‍්තරං පාපුණි. එවං ඡන්‍දධුරෙන ලොකුත‍්තරධම‍්මනිබ‍්බත‍්තකො වෙදිතබ‍්බො.

එහි (මෙය එයි) - රට්ඨපාල ස්ථවිර තෙමේ ඡන්‍ද ධුරය වඩා ලෝකෝත්තර ධර්මය ඉපදවීය. සෝණ ස්ථවිර තෙමේ විරිය ධුරය ද, සම්භූත ස්ථවිර තෙමේ චිත්ත ධුරය ද, ආයුෂ්මත් මෝඝරාජ තෙමේ වීමංස ධුරය ද වඩා ලෝකෝත්තර ධර්මය ඉපදවූහ. එහි දී යම් සේ අමාත්‍ය පුත්‍රයන් සිවු දෙනකු තනතුරු පතා රජුන් ඇසුරු කොට වසන කල්හි එක් අයෙක් (රජුට) උපස්ථාන කිරිමෙහි (රාජසේවයෙහි) කැමතිවූයේ රජුගේ අදහස ද කැමැත්ත ද දැන දිවා රෑ උපස්ථාන කරනුයේ රජු සතුටු කොට තනතුරට පත්වූයේය. ඡන්ද ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේ යයි දත යුතුය.

එකො පන – “දිවසෙ දිවසෙ උපට‍්ඨාතුං න සක‍්කොමි, උප‍්පන‍්නෙ කිච‍්චෙ පරක‍්කමෙන ආරාධෙස‍්සාමී”ති කුපිතෙ පච‍්චන‍්තෙ රඤ‍්ඤා පහිතො පරක‍්කමෙන සත‍්තුමද‍්දනං කත්‍වා පාපුණි. යථා සො, එවං වීරියධුරෙන ලොකුත‍්තරධම‍්මනිබ‍්බත‍්තකො වෙදිතබ‍්බො. එකො “දිවසෙ දිවසෙ උපට‍්ඨානම‍්පි උරෙන සත‍්තිසරසම‍්පටිච‍්ඡනම‍්පි භාරොයෙව, මන‍්තබලෙන ආරාධෙස‍්සාමී”ති ඛත‍්තවිජ‍්ජාය කතපරිචයත‍්තා මන‍්තසංවිධානෙන රාජානං ආරාධෙත්‍වා පාපුණි. යථා සො, එවං චිත‍්තධුරෙන ලොකුත‍්තරධම‍්මනිබ‍්බත‍්තකො වෙදිතබ‍්බො.

එක් අයෙක් දිනපතා උපස්ථානයට (රාජ සේවයට) නො හැක්කෙමි, වැඩක් ඇති කල්හි පරාක්‍රමයෙන් සතුටු කර වන්නෙමි යි කියා, පසල් දනවුවක් කෝප වූ කල්හි රජු විසින් එහි යවන ලද්දේ පරාක්‍රමයෙන් යුතුව සතුරන් මර්දනය කොට පැමිණියේය. විරිය ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේ යයි දත යුතුය. එක් අයෙක් දිනපතා රාජ සේවය ද, උරහිසෙන් ආයුධ ඊතල ආදිය දරා ගෙන සිටීම ද බරක් යයි සිතා මන්ත්‍රණ බලයෙන් රජු සතුටු කරවන්නෙමියි සිතා රාජ්‍යපාලන විද්‍යාවෙන් කරන ලද කටයුතු ඇත්තේ මන්ත්‍රණ සංවිධානයෙන් රජු සතුටු කොට පැමිණියේය. චිත්ත ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේ යයි දත යුතුය.

අපරො – “කිං ඉමෙහි උපට‍්ඨානාදීහි, රාජානො නාම ජාතිසම‍්පන‍්නස‍්ස ඨානන‍්තරං දෙන‍්ති, තාදිසස‍්ස දෙන‍්තො මය‍්හං දස‍්සතී”ති ජාතිසම‍්පත‍්තිමෙව නිස‍්සාය ඨානන‍්තරං පාපුණි. යථා සො, එවං සුපරිසුද‍්ධං වීමංසං නිස‍්සාය වීමංසධුරෙන ලොකුත‍්තරධම‍්මනිබ‍්බත‍්තකො වෙදිතබ‍්බොති. ඉමස‍්මිං සුත‍්තෙ විවට‍්ටපාදකඉද‍්ධි කථිතා.

අනික් තැනැත්තා මේ රාජ්‍ය සේවය ආදියෙන් කවර ඵලයක් ද? රජවරු වනාහී උසස් කුලවතුන් හට තනතුරු දෙත්. එබඳු අයට දෙමින් මට ද දෙන්නේ යයි සිතා ජාති සම්පත්තිය නිසාම තනතුරකට පැමිණියේය. සුපිරිසිදු විමංසනය නිසා විමංසා ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේයයි දත යුතුය. මෙසේ මේ සූත්‍රයෙහිදී නිවන පාදක කොටගත් සෘද්ධිය කියන ලදී.

4. මොග‍්ගල‍්ලානසුත‍්තවණ‍්ණනා

4. මොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ උද‍්ධතාති උද‍්ධච‍්චපකතිකා විප‍්ඵන්‍දමානචිත‍්තා. උද‍්ධච‍්චෙන හි එකාරම‍්මණෙ චිත‍්තං විප‍්ඵන්‍දති ධජයට‍්ඨියං වාතෙන පහතධජො විය. උන‍්නළාති උග‍්ගතනළා, උට‍්ඨිතතුච‍්ඡමානාති වුත‍්තං හොති. චපලාති පත‍්තචීවරමණ‍්ඩනාදිචාපල‍්ලෙන යුත‍්තා. මුඛරාති මුඛඛරා, ඛරවචනාති වුත‍්තං හොති. විකිණ‍්ණවාචාති අසංයතවචනා දිවසම‍්පි නිරත්‍ථකවචනප‍්පලාපිනො. මුට‍්ඨස‍්සතීති නට‍්ඨස‍්සතිනො. අසම‍්පජානාති පඤ‍්ඤාරහිතා. අසමාහිතාති උපචාරප‍්පනාසමාධිවිරහිතා. භන‍්තචිත‍්තාති උබ‍්භන‍්තචිත‍්තා සමාධිවිරහෙන ලද‍්ධොකාසෙන උද‍්ධච‍්චෙන. පාකතින්‍ද්‍රියාති අසංවුතින්‍ද්‍රියා. ඉද‍්ධාභිසඞ‍්ඛාරන‍්ති ආපොකසිණං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය පාසාදපතිට‍්ඨිතං පථවිභාගං “උදක”න‍්ති අධිට‍්ඨාය, උදකපිට‍්ඨෙ ඨිතපාසාදං වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා අඞ‍්ගුට‍්ඨකෙන පහරි. ගම‍්භීරනෙමොති ගම‍්භීරආවාටො, ගම‍්භීරභූමිභාගං අනුපවිට‍්ඨොති අත්‍ථො. සුනිඛාතොති සුට‍්ඨු නිඛාතො, කොට‍්ටෙත්‍වා සුට‍්ඨු ඨපිතො. ඉධ අභිඤ‍්ඤාපාදකිද‍්ධි කථිතා.

සිවු වැන්නෙහි - උද්ධතා = උද්ධච්ච බව (නොසන්සුන් බව) ස්වභාවය කොට ගත් චංචල වන සිත් ඇති නොසන්සුන් වීම නිසා කොඩි ගස මත වාතයෙන් සැලෙන ධජයක් මෙන් එක් අරමුණක් කෙරෙහි සිත චලනය වෙයි. උන්නලානි = ඉහළට යොමු වූ බටගස් මතුවූ හිස් අහංකාරය යයි කියන ලද්දේ වෙයි. චපලා = පා සිවුරුවලින් සැරසීම් ආදී චපල බවින් යුතු වූ මුඛරා මුඛයේ රළු බව. රළු වචනයන් යයි කියන ලද්දේ වෙයි. විකිණ්ණවාචා = අසංයත වචන ඇති දවස පුරාම නිරර්ථක වචන කියන්නාවූ මුට්ඨස්සතිනො = මුළා වූ සිහි ඇති. අසම්‍යජානා = ප්‍රඥාව රහිත වූ විබ්භන්ත චිත්තා = පහ කරන ලද සිත් ඇති. (සිතින් ඉවත් කළ) සමාධිය නැති වීම නිසා ලැබුණ අවසරයෙන් නොසන්සුන් වීම හේතු කොට ගෙන. පාකතින්‍ද්‍රියා = අසංවර වූ ඉන්‍ද්‍රියයන් ඉද්ධාභිසංඛාරං = ආපෝ කසිණයට සමවැදී, ඉන් නැඟී ප්‍රාසාදය පිහිටි බිම් කොටස ජලය වේවායි අධිෂ්ඨාන කොට දිය මත පිහිටියාවූ ප්‍රාසාදයෙන් අහසට පැන නැඟී ඇඟිල්ලෙන් පහර ගැසීය. ගම්භීර නෙමො = ගැඹුරු ආවාටය. ගැඹුරු භූමි භාගයෙහි ඇතුළට පිවිසියේය යන අර්ථයයි. සුනිඛාතො = මනාව වළ දමන ලදුව යහපත් ලෙස තබන ලදී. මෙහිදී අභිඥා පාදක ඍද්ධිය කියන ලදී.

5. බ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

5. බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ඡන්‍දප‍්පහානත්‍ථන‍්ති තණ‍්හාඡන්‍දස‍්ස පහානත්‍ථං. ඉධාපි විවට‍්ටපාදකිද‍්ධි කථිතා.

පස් වැන්නෙහි - ඡන්‍ද පහාණත්‍ථං = තණ්හා ඡන්‍දය කිරීම පිණිස මෙහිදී නිවන පාදක කොටගත් ඍද්ධිය කියන ලදී.

9. භාවනාසුත‍්තවණ‍්ණනා

9. භාවනා සූත්‍ර වර්ණනාව

නවමෙ යො සො භික‍්ඛවෙ මග‍්ගොති අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං අධිප‍්පෙතං.

නව වැන්නෙහි - යො භික්‍ඛවෙ මග්ගො = අභිඥා පාදක කොටගත් සතරවන ධ්‍යානය අදහස් කරන ලදී.

10. විභඞ‍්ගසුත‍්තවණ‍්ණනා

10. විභඞ්ග සූත්‍ර වර්ණනාව

දසමෙ කොසජ‍්ජසහගතොති ඉධ භික‍්ඛු ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො නිසීදති. අථස‍්ස චිත‍්තෙ ලීනාකාරො ඔක‍්කමති, සො “ලීනාකාරො මෙ ඔක‍්කන‍්තො”ති ඤත්‍වා අපායභයෙන චිත‍්තං තජ‍්ජෙත්‍වා පුන ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොති. අථස‍්ස පුන ලීනාකාරො ඔක‍්කමති. සො පුන අපායභයෙන චිත‍්තං තජ‍්ජෙත්‍වා ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොතීති එවමස‍්ස කොසජ‍්ජෙන වොකිණ‍්ණත‍්තා ඡන්‍දො කොසජ‍්ජසහගතො නාම හොති. කොසජ‍්ජසම‍්පයුත‍්තොති තස‍්සෙව වෙවචනං.

දස වැන්නෙහි - කොසජ්ජසහගතො = මෙහි භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති ඔහුගේ සිතට මැලි බවක් ඇතුල් වෙයි. හෙතෙම මැලිබවක් මා තුළ ඇතුල් වීයයි දැන අපායට බියෙන් සිතට තර්ජනය කොට නැවත ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයි. ඉක්බිති ඔහු වෙතට නැවත මැලි බව ඇතුල් වේ. හෙතෙම නැවත ද අපායට බියෙන් සිතට තර්ජනය කොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු කුසීත බවෙන් ගැවසී ගත් බැවින් ඡන්‍දය කොසජ්ජ සහගත (කුසීත බව හා බැඳුනේ) නම් වෙයි. කොසජ්ජ සම්පයුත්තො = එයටම (හෙවත් කොසජ්ජ සහගත යන්නටම) වෙනත් පර්යාය යෙදුමකි.

උද‍්ධච‍්චසහගතොති ඉධ භික‍්ඛු ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො නිසීදති. අථස‍්ස චිත‍්තං උද‍්ධච‍්චෙ පතති. සො බුද‍්ධධම‍්මසඞ‍්ඝගුණෙ ආවජ‍්ජෙත්‍වා චිත‍්තං හාසෙත්‍වා තොසෙත්‍වා කම‍්මනියං කත්‍වා පුන ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොති. අථස‍්ස පුන චිත‍්තං උද‍්ධච‍්චෙ පතති. සො පුන බුද‍්ධධම‍්මසඞ‍්ඝගුණෙ ආවජ‍්ජෙත්‍වා චිත‍්තං හාසෙත්‍වා තොසෙත්‍වා කම‍්මනියං කත්‍වා ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොතීති එවමස‍්ස උද‍්ධච‍්චෙන වොකිණ‍්ණත‍්තා ඡන්‍දො උද‍්ධච‍්චසහගතො නාම හොති.

උද්ධච්ච සහගතො = මෙහි දී භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. එවිට ඔහුගේ සිත (උද්ධච්චයෙහි) නොසන්සුන් බවෙහි වැටේ. හෙතෙමේ බුද්ධ ධම්ම සංඝ ගුණයන් සිහිකොට සිත සතුටු කරවා ප්‍රීතිමත් කරවා කළයුතු දෙය කොට නැවත ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයි. නැවත ඔහුගේ සිත නොසන්සුන් බවෙහි ඇතුල් වෙයි. හේ තෙමේ නැවත බුද්ධ ධම්ම සංඝ ගුණයන් සිහිපත් කොට සිත සතුටු කරවා, ප්‍රීතිමත් කරවා ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු නොසන්සුන් බවෙන් ගැවසී ගත් බැවින් ඡන්‍දය උද්ධච්ච සහගත (නොසන්සුන් බව හා බැඳුනේ) නම් වෙයි.

ථිනමිද‍්ධසහගතොති ඉධ භික‍්ඛු ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො නිසීදති. අථස‍්ස ථිනමිද‍්ධං උප‍්පජ‍්ජති. සො “උප‍්පන‍්නං මෙ ථිනමිද‍්ධ”න‍්ති ඤත්‍වා උදකෙන මුඛං පුඤ‍්ඡිත්‍වා, කණ‍්ණෙ ආකඩ‍්ඪිත්‍වා පගුණං ධම‍්මං සජ‍්ඣායිත්‍වා දිවා ගහිතං වා ආලොකසඤ‍්ඤං මනසිකරිත්‍වා ථිනමිද‍්ධං විනොදෙත්‍වා පුන ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොති. අථස‍්ස පුන ථිනමිද‍්ධං උප‍්පජ‍්ජති. සො වුත‍්තනයෙනෙව පුන ථිනමිද‍්ධං විනොදෙත්‍වා ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොතීති එවමස‍්ස ථිනමිද‍්ධෙන වොකිණ‍්ණත‍්තා ඡන්‍දො ථිනමිද‍්ධසහගතො නාම හොති.

ථීන මිද්ධ සහගතො = මෙහි භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති ඔහුට නිදිමත ඇතිවෙයි. හේ තෙමේ මට (ථීන මිද්ධය) මැලි බව හා නිදිමත උපන්නේ යයි දැන ජලයෙන් මුහුණ පිස දමා කන් ඇද ප්‍රගුණව ඇති ධර්මය සජ්ඣායනා කොට දහවල්හි ගන්නා ලද ආලෝක සංඥාව මෙනෙහි කොට ථීන මිද්ධය පහ කොට නැවත ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයි. ඉක්බිති ඔහුට නැවත ථින මිද්ධය උපදියි. හෙතෙමේ කියන ලද පිළිවෙළින්ම නැවතත් ථීන මිද්ධය පහකොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු ථින මිද්ධයෙන් ගැවසී ගත් බැවින් ඡන්‍දය ථීන මිද්ධ සහගත (මැලිබව හා නිදිමත සහිත) නම් වෙයි.

අනුවික‍්ඛිත‍්තොති ඉධ භික‍්ඛු ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො නිසීදති. අථස‍්ස කාමගුණාරම‍්මණෙ චිත‍්තං වික‍්ඛිපති. සො “බහිද‍්ධා වික‍්ඛිත‍්තං මෙ චිත‍්ත”න‍්ති ඤත්‍වා අනමතග‍්ග (සං· නි· 2.124-125) දෙවදූත- (ම· නි· 3.261) චෙලොපම (සං· නි· 5.1104) අනාගතභයසුත‍්තාදීනි (අ· නි· 5.77) ආවජ‍්ජෙන‍්තො සුත‍්තදණ‍්ඩෙන චිත‍්තං තජ‍්ජෙත්‍වා කම‍්මනියං කත්‍වා පුන ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොති. අථස‍්ස පුන චිත‍්තං වික‍්ඛිපති. සො පුන සුත‍්තදණ‍්ඩෙන චිත‍්තං කම‍්මනියං කත්‍වා ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොතීති එවමස‍්ස කාමවිතක‍්කවොකිණ‍්ණත‍්තා ඡන්‍දො බහිද‍්ධා පඤ‍්ච කාමගුණෙ ආරබ‍්භ අනුවික‍්ඛිත‍්තො අනුවිසටො හොති.

අනු වික්‍ඛිත්තො = මෙහි භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති කාමගුණයුත් අරමුණු ඔහුගේ සිත් අවුල් කරයි. හෙතෙමේ මාගේ සිත බාහිර හේතූන් විසින් අවුල් කරන ලද්දේ යයි දැන අනමතග්ග, දෙවදූත, වෙලාම, අනාගත භය යන ආදී සූත්‍රයන් සිහි කරමින් සූත්‍ර දණ්ඩනයෙන් සිතට තර්ජනය කොට, කළයුතු දෙය කොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු කාම විතර්කය ගැවසී ගත් බැවින් ඡන්‍දය බාහිර පංචකාම ගුණයන් නිමිති කොට කැළඹීමට කම්පනයට පත් වෙයි.

යථා පුරෙ තථා පච‍්ඡාති කම‍්මට‍්ඨානවසෙනපි දෙසනාවසෙනපි පුරිමපච‍්ඡිමතා වෙදිතබ‍්බා. කථං? කම‍්මට‍්ඨානෙ තාව කම‍්මට‍්ඨානස‍්ස අභිනිවෙසො පුරෙ නාම, අරහත‍්තං පච‍්ඡා නාම. තත්‍ථ යො භික‍්ඛු මූලකම‍්මට‍්ඨානෙ අභිනිවිසිත්‍වා අතිලීනාදීසු චතූසු ඨානෙසු චිත‍්තස‍්ස ඔක‍්කමනං පටිසෙධෙත්‍වා, දුට‍්ඨගොණෙ යොජෙත්‍වා සාරෙන‍්තො විය චතුරස‍්සඝටිකං ඔතාරෙන‍්තො විය චතුන‍්නං ඨානානං එකට‍්ඨානෙපි අසජ‍්ජන‍්තො සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා අරහත‍්තං පාපුණාති. අයම‍්පි යථා පුරෙ තථා පච‍්ඡා විහරති නාම. අයං කම‍්මට‍්ඨානවසෙන පුරිමපච‍්ඡිමතා. දෙසනාවසෙන පන කෙසා පුරෙ නාම, මත්‍ථලුඞ‍්ගං පච‍්ඡා නාම. තත්‍ථ යො භික‍්ඛු කෙසෙසු අභිනිවිසිත්‍වා වණ‍්ණසණ‍්ඨානාදිවසෙන කෙසාදයො පරිග‍්ගණ‍්හන‍්තො චතූසු ඨානෙසු අසජ‍්ජන‍්තො යාව මත්‍ථලුඞ‍්ගා භාවනං පාපෙති, අයම‍්පි යථා පුරෙ තථා පච‍්ඡා විහරති නාම. එවං දෙසනාවසෙන පුරිමපච‍්ඡිමතා වෙදිතබ‍්බා. යථා පච‍්ඡා තථා පුරෙති ඉදං පුරිමස‍්සෙව වෙවචනං.

යථා පුරෙ තථා පච්ඡා = කර්මස්ථාන වශයෙන් ද, දේශනා වශයෙන් ද පෙර පසු බව දත යුතුය. කෙසේද යත් කමටහනෙහි දී වනාහී කමටහනට ඇතුල් වීම “පුරෙ” (හෙවත් පෙර) නම් වෙයි. අර්හත් භාවය “පච්ඡා” (හෙවත් පසුව) නම් වෙයි. එහිදී යම් භික්ෂුවක් මුල් කමටහනෙහි ප්‍රවේශ වී අධික මැලිබව ආදී ස්ථාන සතර වෙත සිත ඇතුල් වීම වළක්වා, නපුරු ගවයන් යොදා (ගැල) හසුරුවනු මෙන් ද, ස්ථාන සතරෙන් එක් තැනක් හෝ නොගැටෙන සේ චතුරස්‍රයකට රවූම් බෝලයක් ඇතුල් කරනු මෙන් ද සංස්කාරයන් විමසාබලා රහත් බවට පැමිණේ ද මෙම ක්‍රියාව ද පෙර යම් සේ විසුයේ ද පසුව ද එසේම වාසය කරයි යන්නට සමාන නම් වේ. මෙය කමටහන් වශයෙන් පෙර පසු බවක් සහිත වේ. දේශනා වශයෙන් කෙස් (කෙසා) යනු පෙර (පුරෙ) නම් වේ. මොළය (මත්‍ථලුඞ්ග) යනු පසු (පච්ඡා) නම් වේ. එහි යම් භික්ෂුවක් කෙස්වලින් භාවනාවට ඇතුල් වී වර්ණ සටහන් ආදී වශයෙන් කෙස් ආදිය පරීක්ෂා කරනුයේ ස්ථාන සතරෙහි නොගැටෙමින් මොළය දක්වා භාවනාව පවත්වයි. මේ පිළිවෙළ ද පෙර යම් සේ විසුයේ ද පසුව ද එසේම වාසය කරයි (යන්නට සමාන) නම් වේ. මෙසේ දේශනා වශයෙන් පෙර පසු බව දත යුතුය. යථා පච්ඡා තථා පුරෙ = මෙය පෙර දැක්වූ පිළිවෙළටම යොදන වෙනත් පර්යාය යෙදුමකි.

යථා අධො තථා උද‍්ධන‍්ති ඉදං සරීරවසෙන වෙදිතබ‍්බං. තෙනෙවාහ “උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා”ති. තත්‍ථ යො භික‍්ඛු පාදතලතො පට‍්ඨාය යාව කෙසමත්‍ථකා ද‍්වත‍්තිංසාකාරවසෙන වා පාදඞ‍්ගුලිඅග‍්ගපබ‍්බට‍්ඨිතො යාව සීසකටාහං, සීසකටාහතො යාව පාදඞ‍්ගුලීනං අග‍්ගපබ‍්බට‍්ඨීනි, තාව අට‍්ඨිවසෙන වා භාවනං පාපෙති චතූසු ඨානෙසු එකට‍්ඨානෙපි අසජ‍්ජන‍්තො. අයං යථා උද‍්ධං තථා අධො, යථා අධො තථා උද‍්ධං විහරති නාම.

යථා අධො තථා උද්ධං = මෙය ශරීරය වශයෙන් දත යුතුය. එහෙයින් මෙසේ කීය. (කෙසේදයත්) - පතුලෙන් උඩ මුදුන් කෙස්වලින් පහළ දෙතිස් ආකාර වශයෙන් හෝ පා ඇඟිලිවල අග පුරුක් ඇටවල සිට හිස් කබල තෙක් ද, හිස් කබලේ සිට පා ඇඟිලිවල අග පුරුක්හි ඇට තෙක් ද යනුවෙන් ඇට වශයෙන් හෝ සිවු තැන්හි එක් තැනක හෝ නො ගැටෙමින් භාවනාව පවත්වයි. මෙය “ඉහළ යම් සේද පහළ ද එසේය” නොහොත් පහළ යම්සේද ඉහළද එසේය යන අයුරින් පවතී නම් වේ.

යෙහි ආකාරෙහීති යෙහි කොට‍්ඨාසෙහි. යෙහි ලිඞ‍්ගෙහීති යෙහි සණ‍්ඨානෙහි. යෙහි නිමිත‍්තෙහීති යෙහි උපට‍්ඨානෙහි. ආලොකසඤ‍්ඤා සුග‍්ගහිතා හොතීති යො භික‍්ඛු අඞ‍්ගණෙ නිසීදිත්‍වා ආලොකසඤ‍්ඤං මනසි කරොති, කාලෙන නිමීලෙති, කාලෙන උම‍්මීලෙති. අථස‍්ස යදා නිමීලෙන‍්තස‍්සාපි උම‍්මීලෙත්‍වා ඔලොකෙන‍්තස‍්ස විය එකසදිසමෙව උපට‍්ඨාති, තදා ආලොකසඤ‍්ඤා ජාතා නාම හොති. “දිවාසඤ‍්ඤා”තිපි තස‍්සෙව නාමං. සා ච පන රත‍්තිං උප‍්පජ‍්ජමානා සුග‍්ගහිතා නාම හොති. ස‍්වාධිට‍්ඨිතාතිපි තස‍්සෙව වෙවචනං. සුට‍්ඨු අධිට‍්ඨිතා සුට‍්ඨු ඨපිතා ස‍්වාධිට‍්ඨිතා නාම වුච‍්චති. සා අත්‍ථතො සුග‍්ගහිතායෙව. යො වා ආලොකෙන ථිනමිද‍්ධං විනොදෙත්‍වා ඡන්‍දං උප‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොති, තස‍්ස දිවාපි ආලොකසඤ‍්ඤා සුග‍්ගහිතා ස‍්වාධිට‍්ඨිතා නාම. රත‍්ති වා හොතු දිවා වා යෙන ආලොකෙන ථිනමිද‍්ධං විනොදෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොති, තස‍්මිං ථිනමිද‍්ධවිනොදනෙ ආලොකෙ උප‍්පන‍්නා සඤ‍්ඤා සුග‍්ගහිතායෙව නාම. වීරියාදීසුපි එසෙව නයො. ඉමස‍්මිං සුත‍්තෙ ඡන‍්නං අභිඤ‍්ඤානං පාදකිද‍්ධි කථිතා.

යෙහි ආකාරෙහි යම් කොටස්වලින් යෙහි ලිඞ්ගෙහි = යම් සලකුණු වලින් යෙහි නිමිත්තෙහි = යම් වටහා ගැනීම්වලින් ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති = යම් භික්ෂුවක් අංගනයෙහි හිඳ ආලෝක සංඥාව මෙනෙහි කරයිද, වරෙක නෙත් පියා ගනියි ද, වරෙක නෙත් ඇර ගනියි ද ඔහු යම් විටෙක නෙත් වසා සිටියදීද නෙත් හැර බලන්නකුට මෙන් එක සමානවම වැටහේ. එකල්හි ආලෝක සංඥාව උපන්නේ නම් වෙයි. දිවා සඤ්ඤො යනු එයට ම නමකි. එය ද වනාහි රාත්‍රියෙහි උපදිනුයේ මනාව ගන්නා ලද්දේ නම් වෙයි. ස්වාධිට්ඨිතා යනු ද එයටම පර්යාය වචනයකි. මනාව තැන්පත් කළ, මනාව තබන ලද යන අරුත් සඳහා “ස්වාධිට්ඨිතා” යයි කියනු ලැබේ. එය අර්ථ වශයෙන් (මෙසේ වේ) මනාව ගන්නා ලද යම් ආලෝකයකින් මැලි බව හා අලස බව පහකොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයිද, ඔහුට දහවල ද ආලෝක සංඥාව මනාව ගන්නා ලද්දේම වේ. රාත්‍රියෙහි හෝ දහවල හෝ වේවා යම් ආලෝකයකින් මැලි බව හා අලස බව පහකොට කමටහන මෙනෙහි කරයි. එහිදී ථින මිද්ධය පහ කිරීමෙන් ආලෝකයෙහි උපන් සංඥාව වන ආලෝක සංඥාව මනාව ගන්නා ලද්දේ නම් වෙයි. වීර්ය ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මේ සූත්‍රයෙහිදී ෂඩ් අභිඥා පාදක ඍද්ධිය කියන ලදී.

පාසාදකම‍්පනවග‍්ගො දුතියො.

දෙවන පාසාද කම්පන වර්ගය නිමි.