යෙදුමෙන් කියවන්න

විභඞ‍්ගසුත‍්තං

7. 2. 10.

7. 2. 10.

විභඞ‍්ගසුත‍්තං

විභඞ්ග සූත්‍රය

3142. චත‍්තාරො මෙ භික‍්ඛවෙ, ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා. කථං භාවිතා ච භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා කථං බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති; ඉති මෙ ඡන්‍දො න ච අතිලීනො භවිස‍්සති, න ච අතිපග‍්ගහිතො භවිස‍්සති, න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තො භවිස‍්සති, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තො භවිස‍්සති පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති -පෙ- ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති: “ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස‍්සති, න ච අතිපග‍්ගහිතා භවිස‍්සති, න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තා භවිස‍්සති, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තා භවිස‍්සති. පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති:

3142. මහණෙනි, මේ සතර ඍද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සතර ඍද්ධිපාද මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය ... පච්ඡාපුරේ සඤ්ඤා ඇත්තේ ද වෙසේ. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.

“යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං යථා රත‍්තිං තථා දිවා.”

“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම් සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම් සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි පච්ඡා පුරෙසඤ්ඤා ඇත්තේ ද වෙසේ.

ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.

මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.

කතමො ච භික‍්ඛවෙ, අතිලීනො ඡන්‍දො: යො භික‍්ඛවෙ, ඡන්‍දො කොසජ‍්ජසහගතො කොසජ‍්ජසම‍්පයුත‍්තො, අයං වුච‍්චති භික‍්ඛවෙ, අතිලීනො ඡන්‍දො. කතමො ච භික‍්ඛවෙ, අතිපග‍්ගහිතො ඡන්‍දො: යො හි භික‍්ඛවෙ, ඡන්‍දො උද‍්ධච‍්චසහගතො උද‍්ධච‍්චසම‍්පයුත‍්තො, අයං වුච‍්චති භික‍්ඛවෙ, අතිපග‍්ගහිතො ඡන්‍දො. කතමො ච භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තො ඡන්‍දො: යො හි භික‍්ඛවෙ, ඡන්‍දො ථිනමිද‍්ධසහගතො ථිනමිද‍්ධසම‍්පයුත‍්තො. අයං වුච‍්චති භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තො ඡන්‍දො. කතමො ච භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තො ඡන්‍දො: යො හි භික‍්ඛවෙ, ඡන්‍දො බහිද‍්ධා පඤ‍්ච කාමගුණෙ ආරබ‍්භ අනුවික‍්ඛිත‍්තො අනුවිසටො. අයං වුච‍්චති භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තො ඡන්‍දො.

මහණෙනි, ඉතා සැඟවුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් කුසීතබව සහගියේ කුසීතබව සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු ඡන්‍දය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු ඡන්‍ද යයි කියනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු පච‍්ඡාපුරෙ සඤ‍්ඤී ච විහරති: “යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡා පුරෙ සඤ‍්ඤා සුග‍්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා සුප‍්පටිවිද‍්ධා පඤ‍්ඤාය. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු පච‍්ඡා පුරෙ සඤ‍්ඤී විහරති: “යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ.”

මහණෙනි, මහණ කෙසේ නම් “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ යයි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරේසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මොනවට මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදුනා ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය”යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො විහරති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන‍්තං පූරං නානප‍්පකාරස‍්ස අසුචිනො පච‍්චවෙක‍්ඛති: “අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරු අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජා වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තන‍්ති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යථා අධො තථා උද‍්ධං, යථා උද‍්ධං තථා අධො විහරති.

මහණෙනි, කෙසේ නම් මහණ යට යම්සේ නම් උඩත් එසේ ව උඩ යම් සේ නම් යටත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ පාදතලයෙන් උඩ කෙස්මතුයෙන් යට සිවිය කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ම ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. මේ කයෙහි කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදමස අක්මා දලබුව බඩදිව පපුමස අතුනු අතුනුබහන් නොපැසුණු අහර පැසුණු අහර පිත් සෙම් පූයා ලේ ඩහ මේදතෙල කඳුළු වුරුණු තෙල කෙල මුකුනු සඳමිදුලු මූ ඇතැ”යි. මහණෙනි, මෙසේ මහණ තෙමේ යට යම් බඳු නම් උඩත් එසේ ව උඩ යම් බඳු නම් යටත් එසේ ව වෙසේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු “යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා විහරති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි දිවා ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි රත‍්තිං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. යෙහි වා පන ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි රත‍්තිං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි දිවා ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා විහරති.

මහණෙනි, කෙසේ නම් මහණ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ යම් කොටස්වලින් යම් සටහන්වලින් යම් වැටහීම්වලින් දහවල් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම් වලින් රෑත් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. යම් කොටස්වලින් හෝ යම් සටහන්වලින් හෝ යම් වැටහීම්වලින් හෝ රෑ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් දහවලුත් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මෙසේ මහණතෙමේ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො ආලොකසඤ‍්ඤා සුග‍්ගහිතා හොති දිවාසඤ‍්ඤා ස‍්වාධිට‍්ඨිතා. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.

මහණෙනි, කෙසේ නම් මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් ආලෝකසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී දිවාසඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.

කතමඤ‍්ච භික‍්ඛවෙ, අතිලීනං විරියං: යං භික‍්ඛවෙ, විරියං කොසජ‍්ජසහගතං කොසජ‍්ජසම‍්පයුත‍්තං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අතිලීනං විරියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, අතිපග‍්ගහිතං විරියං: යං භික‍්ඛවෙ, විරියං උද‍්ධච‍්චසහගතං උද‍්ධච‍්චසම‍්පයුත‍්තං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අතිපග‍්ගහිතං විරියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තං විරියං: යං භික‍්ඛවෙ, විරියං ථිනමිද‍්ධසහගතං ථිනමිද‍්ධසම‍්පයුත‍්තං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තං විරියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තං විරියං: යං භික‍්ඛවෙ, විරියං බහිද‍්ධා පඤ‍්චකාමගුණෙ ආරබ‍්භ අනුවික‍්ඛිත‍්තං අනුවිසටං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තං විරියං -පෙ- සප‍්පභාසං චිත‍්තං භාවෙති.

මහණෙනි, ඉතා සැඟවුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් පිටත පස්කම් ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ ... බැබළුම් සහිත සිත වඩයි.

කතමඤ‍්ච භික‍්ඛවෙ, අතිලීනං චිත‍්තං: යං භික‍්ඛවෙ, චිත‍්තං කොසජ‍්ජසහගතං කොසජ‍්ජසම‍්පයුත‍්තං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අතිලීනං චිත‍්තං. කතමඤ‍්ච භික‍්ඛවෙ, අතිපග‍්ගහිතං චිත‍්තං: යං භික‍්ඛවෙ, චිත‍්තං උද‍්ධච‍්චසහගතං උද‍්ධච‍්චසම‍්පයුත‍්තං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අතිපග‍්ගහිතං චිත‍්තං. කතමඤ‍්ච භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තං චිත‍්තං: යං භික‍්ඛවෙ, චිත‍්තං ථීනමිද‍්ධසහගතං ථීනමිද‍්ධසම‍්පයුත‍්තං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තං චිත‍්තං. කතමඤ‍්ච භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තං චිත‍්තං: යං භික‍්ඛවෙ, චිත‍්තං බහිද‍්ධා පඤ‍්චකාමගුණෙ ආරබ‍්භ අනුවික‍්ඛිත‍්තං අනුවිසටං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තං චිත‍්තං -පෙ- සප‍්පභාසං චිත‍්තං භාවෙති.

මහණෙනි, ඉතා සැඟවුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු සිතැයි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද සිතැයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු සිතැයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු සිතැ යි කියනු ලැබේ ... බැබළුම් සහිත සිත වඩයි.

කතමා ච භික‍්ඛවෙ, අතිලීනා වීමංසා: යා භික‍්ඛවෙ, වීමංසා කොසජ‍්ජසහගතා කොසජ‍්ජසම‍්පයුත‍්තා. අයං වුච‍්චති භික‍්ඛවෙ, අතිලීනා වීමංසා. කතමා ච භික‍්ඛවෙ, අතිපග‍්ගහිතා වීමංසා: යා භික‍්ඛවෙ, වීමංසා උද‍්ධච‍්චසහගතා උද‍්ධච‍්චසම‍්පයුත‍්තා. අයං වුච‍්චති භික‍්ඛවෙ, අතිපග‍්ගහිතා වීමංසා. කතමා ච භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තා වීමංසා: යා භික‍්ඛවෙ, වීමංසා ථීනමිද‍්ධසහගතා ථීනමිද‍්ධසම‍්පයුත‍්තා, අයං වුච‍්චති භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තා වීමංසා. කතමා ච භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තා වීමංසා: යා භික‍්ඛවෙ, වීමංසා බහිද‍්ධා පඤ‍්චකාමගුණෙ ආරබ‍්භ අනුවික‍්ඛිත‍්තා අනුවිසටා. අයං වුච‍්චති භික‍්ඛවෙ, බහිද‍්ධා වික‍්ඛිත‍්තා වීමංසා.

මහණෙනි, ඉතා සැඟවුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු වීමංසා යි කියනු ලැබේ

කතඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු පච‍්ඡාපුරෙසඤ‍්ඤී විහරති “යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ:” ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡාපුරෙ සඤ‍්ඤා සුග‍්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා සුප‍්පටිවිද‍්ධා පඤ‍්ඤාය. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු පච‍්ඡාපුරෙසඤ‍්ඤී විහරති. “යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ.”

මහණෙනි, කෙසේ නම් මහණ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය” යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරෙසසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මැනවින් මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදිනා ලද්දී වේ ද මහණෙනි, මෙසේ මහණ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය” යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යථා අධො තථා උද‍්ධං යථා උද‍්ධං තථා අධො විහරති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන‍්තං පූරං නානප‍්පකාරස‍්ස අසුචිනො පච‍්චවෙක‍්ඛති: “අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා ලොමා -පෙ- ලසිකා මුත‍්තන‍්ති.” එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යථා අධො තථා අද‍්ධං යථා අද‍්ධං තථා අධො විහරතීති.

මහණෙනි, කෙසේ නම් මහණ යට යම්සේ නම් උඩත් එසේ ව උඩ යම්සේ නම් යටත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ පාදතලයෙන් උඩ කෙස්මතුවෙන් යට සිවිය කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ම පස්විකයි. “මේ කයෙහි කෙස් ලොම් ... සඳමිදුලු මූ ඇතැ”යි. මහණෙනි, මෙසේ මහණ යට යම්සේ නම් උඩත් එබඳු ව උඩ යම්සේ නම් යටත් එබඳු ව වෙසේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යථා දිවා තථා රත‍්තිං යථා රත‍්තිං තථා දිවා විහරති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි දිවා වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි රත‍්තිං වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. යෙහි වා පන ආකාරෙහි යෙහි ලිඞ‍්ගෙහි යෙහි නිමිත‍්තෙහි රත‍්තිං වීමංසා සමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහි දිවා වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යථා දිවා තථා රත‍්තිං තථා දිවා විහරති.

මහණෙනි, කෙසේ නම් මහණ දහවල් යම්සේ නම් රෑත් එබඳු ව රෑ යම්සේ නම් දහවලුත් එබඳු ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ යම් කොටස්වලින් යම් සටහන්වලින් යම් වැටහීම්වලින් දහවල් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් රෑත් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. යම් කොටස්වලින් හෝ යම් සටහන්වලින් හෝ යම් වැටහීම්වලින් හෝ රැයෙහි වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් දහවලුත් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මෙසේ මහණ දහවල් යම්බඳු නම් රෑත් එසේ ව රෑ යම්බඳු නම් දහවලුත් එසේ ව වෙසේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො ආලොකසඤ‍්ඤා සුග‍්ගහිතා හොති දිවාසඤ‍්ඤා ස‍්වාධිට‍්ඨිතා. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.

මහණෙනි, කෙසේ නම් මහණ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා ද යත්; මහණෙනි, මෙහි මහණහු විසින් ආලෝකසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී දිවා සඤ්ඤාව මැනවින් පිහිටුවන ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ විවෘත වූ හාත්පසින් බැබළුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.

එවං භාවිතා ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා එවං බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා. එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති. “එකොපි හුත්‍වා බහුධා හොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති.” එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.

පාසාදකම‍්පනවග‍්ගො දුතියො.

දෙවැනි පාසාදකම්පනවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

හෙතුමහප‍්ඵලො ඡන්‍දො මොග‍්ගල‍්ලානො ච බ්‍රාහ‍්මණො, මහිද‍්ධිවිධා භික‍්ඛු භාවනා විභඞ‍්ගෙහි චාති.

හේතු, මහප්ඵල, ඡන්‍ද, මොග්ගල්ලාන, බ්‍රාහ්මණ, මහිද්ධික, ඉද්ධිවිධ, භික්ඛු, භාවනා, විභඞ්ග යී දශසූත්‍රාන්ත කෙනෙකි.