භාවනාසුත‍්තං
7. 2. 9.
7. 2. 9.
භාවනාසුත‍්තං
භාවනා සූත්‍රය
3141. ඉද‍්ධිඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි ඉද‍්ධිපාදඤ‍්ච ඉද‍්ධිපාදභාවනඤ‍්ච ඉද‍්ධිපාදභාවනාගාමිනිඤ‍්ච පටිපදං. තං සුණාථ. කතමා ච භික‍්ඛවෙ, ඉද‍්ධි: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකොපි හුත්‍වා බහුධා හොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධි. කතමො ච භික‍්ඛවෙ, ඉද‍්ධිපාදො: යො භික‍්ඛවෙ, මග‍්ගො යා පටිපදා ඉද‍්ධිපටිලාභාය සංවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධිපාදො. කතමා ච භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනා. කතමා ච භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
3141. මහණෙනි, ඍද්ධිය හා ඍද්ධිපාද හා ඍද්ධිපාදභාවනා හා ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා හා තොපට දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, ඍද්ධි කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කෙරෙයි. එකෙක් ව ද බහු ප්‍රකාර වේ ... බඹලොව හිම් කොට දු කයින් වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධි යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාද කවරෙ යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඍද්ධි ප්‍රතිලාභ පිණිස පවතී ද, මහණෙනි, මේ ඍද්ධිපාද යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනා කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනා යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපත් කවර යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා යයි කියනු ලැබේ යි.