යෙදුමෙන් කියවන්න

භික‍්ඛුසුත‍්තං

7. 2. 8.

7. 2. 8.

භික‍්ඛුසුත‍්තං

භික්ඛු සූත්‍රය

3140. චතුන‍්නං භික‍්ඛවෙ, ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. කතමෙසං චතුන‍්නං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

3140. මහණෙනි, ඉදුපා සතරක් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණතෙමේ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. කවර සතරක් ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.