යෙදුමෙන් කියවන්න

ඉද‍්ධිවිධසුත‍්තං

7. 2. 7.

7. 2. 7.

ඉද‍්ධිවිධසුත‍්තං

ඉද්ධිවිධ සූත්‍රය

3139. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොසුං. එකොපි හුත්‍වා බහුධා අහෙසුං, බහුධාපි හුත්‍වා එකො අහෙසුං, ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානා අගමංසු සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං අකංසු සෙය්‍යථාපි උදකෙ, උදකෙපි අභිජ‍්ජමානෙ අගමංසු සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමිංසු සෙය්‍යථාපි පක‍්ඛී සකුණො, ඉමෙපි චන්‍දිමසුරියෙ එවංමහිද‍්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසිංසු පරිමජ‍්ජිංසු, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසෙ වත‍්තෙසුං, සබ‍්බෙ තෙ චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා.

3139. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදුකොටස් වින්දාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වූහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වූහු ද, පළට බව මුවහ බව (වින්දාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් ගියාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කළාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් ගියාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කළාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් ස්පර්‍ශකලාහු ද, පිරිමැද්දාහු ද, බඹලොව තෙක් දු කයින් වසයෙහි පැවැත් වූහු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.

යෙ හිපි කෙචි භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොස‍්සන‍්ති: “එකොපි හුත්‍වා බහුධා භවිස‍්සන‍්ති, බහුධාපි හුත්‍වා එකො භවිස‍්සන‍්ති, ආවිභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානා ගමිස‍්සන‍්ති සෙය්‍යථාපි ආකාසෙ, පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරිස‍්සන‍්ති සෙය්‍යථාපි උදකෙ, උදකෙපි අභිජ‍්ජමානෙ ගමිස‍්සන‍්ති සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමිස‍්සන‍්ති සෙය්‍යථාපි පක‍්ඛී සකුණො, ඉමෙපි චන්‍දිමසුරියෙ එවංමහිද‍්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසිස‍්සන‍්ති පරිමජ‍්ජිස‍්සන‍්ති, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙස‍්සන‍්ති සබ‍්බෙ තෙ චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා.

මහණෙනි, මතුත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන්වැදෑරුම් ඉදු කොටස් විඳින්නාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වන්නාහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වන්නාහු ද, පළට බව මුවහ බව (විඳින්නාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යන්නාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතු වීම කිමිදීම කරන්නාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යන්නාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කරන්නාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහස්නාහු ද පිරිමදනාහු ද, බඹලොව තෙක් කයින් වසයෙහි පවත්වන්නා හු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.

යෙ හි කෙචි භික‍්ඛවෙ, එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොන‍්ති: එකොපි හුත්‍වා බහුධා හොන‍්ති, බහුධාපි හුත්‍වා එකො හොන‍්ති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානා ගච‍්ඡන‍්ති සෙය්‍යථාපි ආකාසෙ, පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොන‍්ති සෙය්‍යථාපි උදකෙ, උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡන‍්ති සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමන‍්ති සෙය්‍යථාපි පක‍්ඛී සකුණො, ඉමෙපි චන්‍දිමසුරියෙ එවංමහිද‍්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසන‍්ති පරිමජ‍්ජන‍්ති, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙන‍්ති, සබ‍්බෙ තෙ චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා.

මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් විඳිද්ද, එකෙක් ව ද බොහෝ අයුරු වෙද්ද, බොහෝ අයුරු ව ද එකෙක් වෙද්ද, පළට බව මුවහ බව (විඳිද්ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යෙද්ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරෙද්ද, නො බිඳෙන දියෙහිත් පොළොවෙහි මෙන් යෙද්ද. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කෙරෙද්ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහසිද්ද පිරිමදිද්ද, බඹලොව තෙක් දු කයින් වෙසෙහි පවත්වද්ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.

කතමෙසං චතුන‍්නං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොසුං -පෙ- පච‍්චනුභොස‍්සන‍්ති -පෙ- පච‍්චනුභොන‍්ති -පෙ- සබ‍්බෙ තෙ ඉමෙසඤ‍්ඤෙව චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තාති.

කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් වින්දාහු ද ... විඳින්නාහු ද ... විඳිද්ද ... ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.