මහිද්ධිකසුත්තං
7. 2. 6.
7. 2. 6.
මහිද්ධිකසුත්තං
මහිද්ධික සූත්රය
3138. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා අහෙසුං මහානුභාවා, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හිපි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා භවිස්සන්ති මහානුභාවා. සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා මහානුභාවා. සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධි පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා අහෙසුං මහානුභාවා -පෙ- මහිද්ධිකා භවිස්සන්ති මහානුභාවා -පෙ- එතරහි මහිද්ධිකා මහානුභාවා සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තාති.
3138. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවින්, බහුල කළ බැවින් (එසේ වූහ.) මහණෙනි, මතුත් යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ... මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ... දැන් මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ මේ ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.