බ්රාහ්මණසුත්තං
7. 2. 5.
7. 2. 5.
බ්රාහ්මණසුත්තං
බ්‍රාහ්මණ සූත්‍රය
3137. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො උන්නාභො බ්රාහ්මණො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උන්නාභො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච: කිමත්ථියං නු ඛො භො ආනන්ද, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතීති. ඡන්දප්පහානත්ථං ඛො බ්‍රාහ්මණ, භගවති බ්රහ්මචරියං වුස්සතීති. අත්ථි පන භො ආනන්ද, මග්ගො අත්ථි පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති? අත්ථි ඛො බ්‍රාහ්මණ, මග්ගො අත්ථි පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති. කතමො පන භො ආනන්ද, මග්ගො කතමා පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති? ඉධ බ්‍රාහ්මණ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානං සඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං ඛො බ්‍රාහ්මණ, මග්ගො අයං පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති.
3137. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීය: “භවත් ආනන්දයෙනි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ”යි. බමුණ, තෘෂ්ණාඡන්‍දය පහනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. භවත් ආනන්දයෙනි, තෙල ඡන්දය ප්රහාණය පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතෙක් ඇද්දැයි? බමුණ, තෙල ඡන්දය පහනු පිණිස මඟෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි. භවත් ආනන්දයෙනි, තෙල ඡන්දය පහනු පිණිස මඟ කවරේ ද? පිළිවෙත කවරේ දැ යි? බමුණ, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. බමුණ, තෙල ඡන්දය පහනු පිණිස මේ මඟ ය, මේ පිළිවෙත යි.
එවං සන්තෙ භො ආනන්ද, සන්තකං හොති නො අසන්තකං. ඡන්දෙනෙව ඡන්දං පජහිස්සතීති නෙතං ඨානං විජ්ජතීති. තෙනහි බ්‍රාහ්මණ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා තං ව්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ, අහොසි තෙ පුබ්බෙ ඡන්දො ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යො තජ්ජො ඡන්දො සො පටිප්පස්සද්ධොති. එවං භො. අහොසි තෙ පුබ්බෙ විරියං ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යං තජ්ජං විරියං තං පටිප්පස්සද්ධන්ති. එවං භො. අහොසි තෙ පුබ්බෙ චිත්තං ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යං තජ්ජං චිත්තං තං පටිප්පස්සද්ධන්ති. එවං භො. අහොසි තෙ පුබ්බෙ වීමංසා ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යා තජ්ජා වීමංසා සා පටිප්පස්සද්ධාති. එවං භො.
භවත් ආනන්දයෙනි, එසේ ඇති කල්හි ශාන්ත වූවෙක් ම වෙයි. ශාන්ත නො වූවෙක් නො වෙයි. ඡන්දයෙන් ම ඡන්දය දුරලන්නේ ය යන මෙකරුණ නැතැ යි. බමුණ, එසේ වී නම් මෙහි ලා තොප ම පිළිවිසින්නෙමි. යම්සේ තොපට රුස්නේ නම් එසේ එය විසඳන්නහු. බමුණ, ඒ කිමැ යි හඟිවු ද? පෙර තොපට අරමට යන්නෙමි යි ඡන්දයෙක් වී ය. අරමට ගිය ඒ තොපගේ ඒ පිණිස වූ ඡන්දයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීර්‍ය්‍යයෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි සිතෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීමංසාවක් වූ ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීමංසාවක් වූ නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය.
එවමෙව ඛො බ්‍රාහ්මණ, යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණා භවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො. තස්ස යො පුබ්බෙ ඡන්දො අහොසි අරහත්තප්පත්තියා අරහත්තෙ පත්තෙ යො තජ්ජො ඡන්දො සො පටිප්පස්සද්ධො. යං පුබ්බෙ විරියං අහොසි අරහත්තප්පත්තියා අරහත්තෙ පත්තෙ යං තජ්ජං විරියං තං පටිප්පස්සද්ධං. යං පුබ්බෙ චිත්තං අහොසි අරහත්තප්පත්තියා, අරහත්තෙ පත්තෙ යං තජ්ජං චිත්තං තං පටිප්පස්සද්ධං. යා පුබ්බෙ වීමංසා අහොසි අරහත්තප්පත්තියා, අරහත්තෙ පත්තෙ යා තජ්ජා වීමංසා සා පටිප්පස්සද්ධා. තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ, ඉති එවං සන්තෙ සන්තකං වා හොති නො අසන්තකං වාති? අද්ධා භො ආනන්ද, එවං සන්තෙ සන්තකං හොති නො අසන්තකං. අභික්කන්තං භො ආනන්ද, -පෙ- අජ්ජතග්ගෙ පාණු පෙතං සරණං ගතන්ති.
බමුණ, එසෙයින් ම රහත් වූ ක්ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති සහමුලින් ගෙවූ භවසංයෝජන ඇති යම් ඒ මහණෙක් වේ ද, ඔහුට පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් ඡන්දයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් ඡන්දයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීර්‍ය්‍යයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් සිතෙක් වී ද රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීමංසාවක් වූ ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීමංසාවක් වී නම් එය සන්හුන්නේ ය. මෙසේ ඇති කල්හි ශාන්ත වූවෙක් හෝ ශාන්ත නො වූවෙක් හෝ වේ දැ යි? භවත් ආනන්දයෙනි, එසේ ඇති කල්හි ඒකාන්තයෙන් ශාන්ත වූවෙක් වේ. ශාන්ත නො වූවෙක් නො වේ. භවත් ආනන්දයෙනි, ඉතා මැනවි ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසු කොට දරන සේක්වා) යි.