යෙදුමෙන් කියවන්න

මොග‍්ගල‍්ලානසුත‍්තං

7. 2. 4.

7. 2. 4.

මොග‍්ගල‍්ලානසුත‍්තං

මොග්ගල්ලාන සූත්‍රය

3136. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ හෙට‍්ඨාමිගාරමාතුපාසාදෙ විහරන‍්ති, උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා පාකතින්‍ද්‍රියා.

3136. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි උඩඟු වූ නගාගත් මානනළ ඇති පාසිවුරු සැරසීම් ආදි චපල බැවින් යුත් රළුවදන් ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි (-අසංවෘත) ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු මුවරමාපා යටමහලෙහි වෙසෙත්.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං ආමන‍්තෙසි: “එතෙ තෙ මොග‍්ගල‍්ලාන, සබ්‍රහ‍්මචාරයො හෙට‍්ඨාමිගාරමාතුපාසාදෙ විහරන‍්ති උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානා අසමාහිතා භන‍්තචිත‍්තා පාකතින්‍ද්‍රියා. ගච‍්ඡ මොග‍්ගල‍්ලාන, තෙ භික‍්ඛූ සංවෙජෙහීති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භගවතො පටිස‍්සුත්‍වා තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසි. යථා පාදඞ‍්ගුට‍්ඨකෙන මිගාරමාතුපාසාදං සඞ‍්කම‍්පෙසි සම‍්පකම‍්පෙසි. සම‍්පචාලෙසි. අථ ඛො තෙ භික‍්ඛූ සංවිග‍්ගා ලොමහට‍්ඨජාතා එකමන‍්තං අට‍්ඨංසු. අච‍්ඡරියං වත භො අබ‍්භුතං වත භො නිවාතඤ‍්ච වත අයඤ‍්ච මිගාරමාතුපාසාදො ගම‍්භීරනෙමො සුනිඛාතො අචලො අසම‍්පකම‍්පී, අථ ච පන සඞ‍්කම‍්පිතො සම‍්පකම‍්පිතො සම‍්පචාලිතොති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක: මුගලන, උඩඟු වූ නගාගත් මානනළ ඇති චපල වූ රළුවදන් ඇති දොඩමලු වූ මුළාසිහි ඇති මනානුවණ නැති නොඑකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි ඉඳුරන් ඇති තොපගේ මේ සබ්‍රම්සරහු මුවරමාපා යටමහලෙහි වෙසෙති. “මුගලන, යවු ඒ මහණුන් සංවේගයට පමුණුවාලව” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා යම්සේ පයමහපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කළෝ ද වැඩියක් කම්පිත කළෝ ද, වෙසෙසින් සැලූහු ද, එබඳු ඍද්ධිවිධියක් කළහ. එකල්හි ඒ භික්‍ෂූහු සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු භවත්නි, අසිරියි, භවත්නි, පුදුමයි. මේ මුවරමාපාය ඒකාන්තයෙන් වාතාවරණසම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනැවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නො සැලෙනසුලු ය. එතෙකුදු වුව කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි පසෙකට වී සිටියහ.

අථ ඛො භගවා යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: “කින‍්නු තුම‍්හෙ භික‍්ඛවෙ, සංවිග‍්ගා ලොමහට‍්ඨජාතා එකමන‍්තං ඨිතාති? අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, නිවාතඤ‍්ච වත, අයඤ‍්ච මිගාරමාතුපාසාදො ගම‍්භීරනෙමො සුනිඛාතො අචලො අසම‍්පකම‍්පී. අථ ච පන සඞ‍්කම‍්පිතො සම‍්පකම‍්පිතො සම‍්පචාලිතොති. තුම‍්හෙව ඛො භික‍්ඛවෙ, සංවෙජෙතුකාමෙන මොග‍්ගල‍්ලානෙන භික‍්ඛුනා පාදඞ‍්ගුට‍්ඨෙන මිගාරමාතුපාසාදො සඞ‍්කම‍්පිතො සම‍්පකම‍්පිතො සම‍්පචාලිතො. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමෙසං ධම‍්මානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මොග‍්ගල‍්ලානො භික‍්ඛු එවං මහිද‍්ධිකො එවං මහානුභාවොති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් වෙත එළඹි සේක. එළඹ ඒ මහණුන්ට මේ වදාළ සේක. මහණෙනි, කුමක් හෙයින් තෙපි සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු පසෙකට වී සිටීහු දැ යි. වහන්ස, අසිරි යි. වහන්ස, පුදුම යි. මේ මුවරමාපායත් ඒකාන්තයෙන් වාතාවරණ සම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නොසැලෙනසුලු ය. එතෙකුදු වූවා කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි. මහණෙනි, තොප ම සංවේගයට පමුණුවන කැමැති මුගලන් මහණහු විසින් පයැ මාපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කරන ලද්දේ ය. බෙහෙවින් කම්පිත කරන ලද්දේ ය. වෙසෙසින් සලන ලද්දේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් කෙනෙකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ දැ යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- චතුන‍්නං ඛො භික‍්ඛවෙ, ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මොග‍්ගල‍්ලානො භික‍්ඛු එවං මහිද‍්ධිකො එවං මහානුභාවො. කතමෙසං චතුන‍්නං: ඉධ භික‍්ඛවෙ, මොග‍්ගල‍්ලානො භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්‍දො න ච අතිලීනො භවිස‍්සති -පෙ- ඉති විවටෙන චෙතසා පරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස‍්සති. න ච අතිප‍්පග‍්ගහිතා භවිස‍්සති. න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තා භවිස‍්සති. න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තා භවිස‍්සති. පච‍්ඡා පුරෙ සඤ‍්ඤී ච විහරති:

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්‍දසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරිය සමාධි ... චිත්ත සමාධි ... වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.

යථා පුරෙ තථා පච‍්ඡා, යථාපච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං, යථාඋද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං, යථා රත‍්තිං තථා දිවා.

පෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය” යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.

ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.

මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මොග‍්ගල‍්ලානො භික‍්ඛු එවං මහිද‍්ධිකො එවං මහානුභාවො. ඉමෙසං ච පන භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මොග‍්ගල‍්ලානො භික‍්ඛු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති -පෙ- කායෙන වසං වත‍්තෙති. ඉමෙසං ච පන භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මොග‍්ගල‍්ලානො භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී ... කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.