මග‍්ගසුත‍්තං
7. 3. 1.
7. 3. 1.
මග‍්ගසුත‍්තං
මග්ග සූත්‍රය
3143. සාවත්‍ථියං:
3143. සැවැත්නුවර:
පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි. “කො නු ඛො මග‍්ගො කා පටිපදා ඉද‍්ධිපාදභාවනායාති: තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: “ඉධ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්‍දො න ච අතිලීනො භවිස‍්සති -පෙ- සප‍්පභාසං චිත‍්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස‍්සති. න ච අතිප‍්පග‍්ගහිතා භවිස‍්සති. න ච අජ‍්ඣත‍්තං සඞ‍්ඛිත‍්තා භවිස‍්සති. න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තා භවිස‍්සති. පච‍්ඡාපුරෙසඤ‍්ඤී ච විහරති:
මහණෙනි, සම්බෝධියෙන් පළමු ම බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුමට මඟ කවරේ ද, පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නොද වන්නේ ය.
“යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං යථා රත‍්තිං තථා දිවා.”
“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල් යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි. පච්ඡාපුරේසඤ්ඤා ඇත්තේ ද වෙසෙයි.
ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකොපි හුත්‍වා බහුධා හොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. එවං භාවිතෙසු ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතූසු ඉද‍්ධිපාදෙසු එවං බහුලීකතෙසු, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
(ඡළභිඤ‍්ඤා විත්‍ථාරෙතබ‍්බා.)
(ෂඩභිඥා විතර කටයුතු.)