අයොගුළසුත්තං
7. 3. 2.
7. 3. 2.
අයොගුළසුත්තං
අයොගුළ සූත්‍රය
3144. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අභිජානාති නු ඛො භන්තෙ, භගවා ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතා”ති. අභිජානාමි ඛ්වාහං ආනන්ද ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතාති. අභිජානාති ඛො පන භන්තෙ, භගවා ඉමිනා චාතුම්මහාභූතිකෙන කායෙන ඉද්ධියා බ්රහ්මලොකං උපසඞ්කමිතාති. අභිජානාමි ඛ්වාහං ආනන්ද, ඉමිනා චාතුම්මහාභූතිකෙන කායෙන ඉද්ධියා බ්රහ්මලොකං උපසඞ්කමිතාති. ඔපාතිහ භන්තෙ, භගවා ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතුං. සමඤ්ඤො ඛො භන්තෙ, භගවා ඉමිනා චාතුම්මහාභූතිකෙන කායෙන ඉද්ධියා බ්රහ්මලොකං උපසඞ්කමිති. තයිදං භන්තෙ, භගවතො අච්ඡරියං චෙව අබ්භුතං චාති.
3144. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්ද, මම ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්ද, මම මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹියේක් දතිමි යි. වහන්ස, ඒ මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඇසිරියෙක්ද පුදුමයෙක්ද වේ යි.
අච්ඡරියා චෙව ආනන්ද, තථාගතා, අච්ඡරියධම්මසමන්නාගතා ච, අබ්භුතා චෙව ආනන්ද, තථාගතා, අබ්භුතධම්මසමන්නාගතා ච. යස්මිං ආනන්ද, සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති චිත්තම්පි ච කායෙ සමාදහති සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති. තස්මිං ආනන්ද, සමයෙ තථාගතස්ස කායො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච. සෙය්යථාපි ආනන්ද, අයොගුළො දිවසසන්තත්තො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච. එවමෙව ඛො ආනන්ද, යස්මිං සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති, චිත්තම්පි කායෙ සමාදහති. සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති, තස්මිං සමයෙ ආනන්ද, තථාගතස්ස කායො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච.
ආනන්ද තථාගතයෝ අසිරි වූවාහුත් අසිරි දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්ද, තථාගතයෝ පුදුම වූවාහුත් පුදුම දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්ද, යම් සමයක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්මණ්යත් ඉතා බබළනසුලුත් වෙයි. ආනන්ද, දවසක් මුළුල්ලෙහි තැවුණු යවටෙක් යම්සේ ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්මණ්යත් ඉතා ප්‍රභාස්වරත් වේ ද, ආනන්ද, එසෙයින් ම තථාගතතෙමේ යම් සමයක කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා ලඝුත් ඉතා මෘදුත් ඉතා කර්මණ්යත් ඉතා ප්‍රභාස්වරත් වේ.
යස්මිං ආනන්ද, සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති, චිත්තම්පි කායෙ සමාදහති, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති. තස්මිං ආනන්ද, සමයෙ තථාගතස්ස කායො අප්පකසිරෙනෙව පුථුවියා වෙහාසං අබ්භුග්ගච්ඡති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: “එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. සෙය්යථාපි ආනන්ද, තූලපිචු වා කප්පාසපිචු වා ලහුකො වාතූපාදානො අප්පකසිරෙනෙව පුථුවියා වෙහාසං අබ්භුග්ගච්ඡති. එවමෙව ඛො ආනන්ද, යස්මිං සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති, චිත්තම්පි කායෙ සමාදහති, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති. තස්මිං ආනන්ද, සමයෙ තථාගතස්ස කායො අප්පකසිරෙනෙව පුථුවියා වෙහාසං අබ්භුග්ගච්ඡති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙතීති.
ආනන්ද, යම් කලෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්ද, එකල්හි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. ආනන්ද, යම්සේ හිඹුල්පුලුන් හෝ කපුපුලුන් හෝ සැහැල්ලු වූයේ වාතය විසින් ගන්නා ලද්දේ නිතැතින් ම පොළොවෙන් අහසට නඟි යි. ආනන්ද, එසෙයින් ම යම් සමයෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්ද, එසමයෙහි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක්දු කයෙන් වසයෙහි පවත්වා යි.