3. අයොගුළවග්ගො අට්ඨකථා
3. අයොගුළ වර්ගය
2. අයොගුළසුත්තවණ්ණනා
2. අයොගුළ සූත්ර වර්ණනාව
තතියවග්ගස්ස දුතියෙ ඉමිනා චාතුමහාභූතිකෙනාති ඉමිනා චතුමහාභූතමයෙන එවං භාරිකෙන ගරුකෙන සමානෙනාපි. ඔමාතීති පහොති සක්කොති, ඉදං තෙපිටකෙ බුද්ධවචනෙ අසම්භින්නපදං. කායම්පි චිත්තෙ සමොදහතීති කායං ගහෙත්වා චිත්තෙ ආරොපෙති, චිත්තසන්නිස්සිතං කරොති, චිත්තගතියා පෙසෙති. චිත්තං නාම මහග්ගතචිත්තං, චිත්තගතිගමනං ලහුකං හොති. චිත්තම්පි කායෙ සමොදහතීති චිත්තං ගහෙත්වා කායෙ ආරොපෙති, කායසන්නිස්සිතං කරොති, කායගතියා පෙසෙති, කායො නාම කරජකායො, කායගතිගමනං දන්ධං හොති. සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්චාති අභිඤ්ඤාචිත්තසහජාතසඤ්ඤා. සා හි සන්තසුඛසමන්නාගතත්තා සුඛසඤ්ඤා නාම හොති, කිලෙසදන්ධායිතත්තස්ස ච අභාවා ලහුසඤ්ඤා නාම.
තුන්වන වර්ගයේ දෙවැන්නෙහි - සතර මහා භූතයන්ගෙන් සැදුණා වූ, මෙසේ පිරුණ බවෙන් හා ගෞරවණීය භාවයෙන් යුතු වූ, අභිජානාති - උත්සාහ කරයි. පහොති = හැකි වෙයි. මෙය තෙවළා බුදු වදනෙහි අසම්භින්නව එන පදයකි. කායම්පි චිත්ත සමොදහති = කය රැගෙන සිතෙහි ආරෝපණය කරයි. සිත ඇසුරු කරයි. සිතෙහි ගමන අනුව යවයි. සිත නම් උසස් බවට යොමු වූ සිතයි. චිත්ත භාවයේ සිතේ ස්වාභාවික ගමන ලුහුඬු වෙයි. චිත්තම්පි කායෙ සමොදහති. සිත රැගෙන කයෙහි ආරෝපණය කරයි, කය ඇසුරු කරයි. කයෙහි ගමන අනුව යවයි. කය නම් මවුපිය පරපුරෙන් ආ කයයි. කාය ගති ගමන මෝහ සහිත වෙයි. සුඛ සඤ්ඤඤ්ච ලහු සඤ්ඤඤ්ච = අභිඥා සිත සමග උපන් සංඥාවයි. එය වනාහී ශාන්ත සුඛයෙන් යුක්ත බැවින් “සුඛ සඤ්ඤා” නම් වෙයි. කෙළෙස් පිළිබඳ මෝහයේ අභාවය “ලහු සඤ්ඤා” නම් වෙයි.
අයොගුළො දිවසං සන්තත්තො ලහුතරො චෙව හොතීති සො හි ද්වීහි තීහි ජනෙහි උක්ඛිපිත්වා කම්මාරුද්ධනෙ පක්ඛිත්තොපි දිවසං පච්චමානො විවරානුපවිට්ඨෙන තෙජෙන චෙව වායෙන ච වායොසහගතො ච උස්මාසහගතො ච තෙජොසහගතො ච හුත්වා එවං ලහුකො හොති, යථා නං කම්මාරො මහාසණ්ඩාසෙන ගහෙත්වා එකතො පරිවත්තෙති උක්ඛිපති බහි නීහරති. එවං පන මුදු ච හොති කම්මනියො ච. යථා නං සො ඛණ්ඩං ඛණ්ඩං විච්ඡින්දති, කූටෙන හනන්තො දීඝචතුරස්සාදිභෙදං කරොති. ඉමස්මිං සුත්තෙ විකුබ්බනිද්ධි කථිතා.
අයොගුළො දිවස සන්තත්තො ලහුතරො චෙව හොති - එය වනාහී දෙතුන් දෙනකුන් විසින් ඔසවා කම්හල් උදුනෙහි බහාලන ලද්දේ දවසක්ම පැසෙමින් දිගු වේලාවක් පැවති උණුසුමෙන් ද, වාතයෙන් ද වායුව හා එක්වූයේ ද, උණුසුම් සහිත වූයේ ද, තේජස් සහගත වූයේ ද වී. මෙසේ ලඝු බවට පත් වෙයි. යම් සේ කම්හල්කාර තෙමේ විශාල අඩුවකින් එය ගෙන එක තැනම පෙරළයි ද, ඔසවයි ද බැහැරට ගනීද මෙසේ (කිරීමේදී) මෘදු වෙයි. කර්මාන්තයෙහි යෙදිය හැකි වෙයි. හේතෙමේ එය කඩ කඩ කොට සිඳියි. කුළුගෙඩියෙන් ගසමින් දික් සතරැස් ආදී වශයෙන් වෙනස් කරයි. මේ සූත්රයෙහිදී විකුර්වණ සෘද්ධිය (ඍද්ධියෙන් මවා පෑම) කියන ලදි.
3-10. භික්ඛුසුත්තාදිවණ්ණනා
3-10. භික්ඛු ආදි සූත්ර වර්ණනා
තතියෙ විවට්ටපාදකිද්ධි කථිතා, තථා චතුත්ථෙ. අපිච ද්වෙ ඵලානි ආදිං කත්වා හෙට්ඨා මිස්සකිද්ධිපාදා කථිතා, සත්තසු ඵලෙසු පුබ්බභාගා. සත්තමාදීනි චත්තාරි හෙට්ඨා කථිතනයානෙව.
තුන් වැන්නෙහි - නිවන පාදක කොට ගත් සෘද්ධිය කියන ලදී. සතර වැන්නෙහිද එසේමය. තව ද ඵල දෙක මුල් කොට ඉහත දී මිශ්ර වූ ඍද්ධිපාදයන් කියන ලදී. (සූත්ර) හතේදීම ඵලයන්හි පූර්වභාගයන් ගැන කියන ලදී. සත්වැන්න ආදි කොට ඇති සතර යට කියන ලද පිළිවෙළින්ම වේ.
11-12. මොග්ගල්ලානසුත්තාදිවණ්ණනා
11-12. මොග්ගල්ලාන ආදි සූත්ර වර්ණනා
එකාදසමද්වාදසමෙසු ඡ අභිඤ්ඤා කථිතා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
එකොළොස් වන දොළොස්වන සූත්රයන්හි අභිඥාසය කියන ලදී. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
ඉද්ධිපාදසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
ඉද්ධිපාද සංයුත්තය සමාප්තයි.