මොග්ගල්ලානසුත්තං
7. 3. 11.
7. 3. 11.
මොග්ගල්ලානසුත්තං
මොග්ගල්ලාන සූත්‍රය
3153. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමෙසං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවං මහිද්ධිකො එවං මහානුභාවොති. භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- චතුන්නං ඛො භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවංමහිද්ධිකො එවං මහානුභාවො. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, මොග්ගල්ලානො භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති -පෙ- සප්පභාසං චිත්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති, න ච අතිප්පග්ගහිතා භවිස්සති -පෙ- ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවං මහිද්ධිකො එවං මහානුභාවො.
3153. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය ඉතා සැඟවුණේ නො ද වන්නේය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ ය. මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය.
ඉමෙසං ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගලානො භික්ඛු එවං අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: “එකොපි හුත්වා බහුධා හොති. -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති”. ඉමෙසං ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.
මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී: “එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වයයෙහි පවත්ව”යි. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ ආස්‍රව ක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.