යෙදුමෙන් කියවන්න

තථාගතසුත‍්තං

7. 3. 12.

7. 3. 12.

තථාගතසුත‍්තං

තථාගත සූත්‍රය

3154. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමෙසං ධම‍්මානං භාවිතත‍්තා බහුලීකතත‍්තා තථාගතො එවංමහිද‍්ධිකො එවංමහානුභාවොති. භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- චතුන‍්නං ඛො භික‍්ඛවෙ, ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා තථාගතො එවංමහිද‍්ධිකො එවංමහානුභාවො. කතමෙසං චතුන‍්නං: ඉධ භික‍්ඛවෙ, තථාගතො ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්‍දො න ච අතිලීනො භවිස‍්සති. න ච අතිප‍්පග‍්ගහිතො භවිස‍්සති. -පෙ- ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස‍්සති, න ච අතිපග‍්ගහිතා භවිස‍්සති. න ච අජ‍්ඣත‍්තං සංඛිත‍්තා භවිස‍්සති, න ච බහිද‍්ධා වික‍්ඛිත‍්තා භවිස‍්සති. පච‍්ඡාපුරෙ සඤ‍්ඤී ච විහරති.

3154. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම් භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි තථාගත තෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා හැකුළුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය

‘යථා පුරෙ තථා පච‍්ඡා, යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං යථා උද‍්ධං තථා අධො, යථා දිවා තථා රත‍්තිං යථා රත‍්තිං තථා දිවා.’

“පෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය”යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.

ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.

මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.

ඉමෙසං ච ඛො පන භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා තථාගතො එවංමහිද‍්ධිකො එවංමහානුභාවො. ඉමෙසඤ‍්ච පන භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා තථාගතො අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකොපි හුත්‍වා බහුධා හොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. ඉමෙසඤ‍්ච පන භික‍්ඛවෙ, චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවිතත‍්තා බහුලීකතත‍්තා තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඉහාත්මයෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.

(ඡළභිඤ‍්ඤා විත්‍ථාරෙතබ‍්බා).

(ෂඩභිඥා විතර කටයුතු.)

අයොගුළවග‍්ගො තතියො.

තෙවැනි අයෝගුළවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

මග‍්ගො අයොගුළො භික‍්ඛු සුද‍්ධිකඤ‍්ච දුවෙ ඵලා ආනන්‍දෙන දුවෙ වුත‍්තා භික‍්ඛූසම‍්බහුලෙ දුවෙ, එකාදසො මොග‍්ගල‍්ලානො ද‍්වාදසමො තථාගතොති.

මග්ග, අයොගුළ, භික්ඛු, සුද්ධක යි සූත්‍ර සතරෙකි. ඵලසූත්‍ර දෙකෙකි. ආනන්‍ද නමින් ද දෙකෙක් කියන ලදී, සම්බහුලභික්ඛු සූත්‍ර ද දෙකෙකි. එකොළොස්වැන්න මොග්ගල්ලාන ය, දොළොස් වන්න තථාගත ය යි සූත්‍ර මුළුල්ල දොළොසෙකි.