දුතියසම‍්බහුලභික‍්ඛුසුත‍්තං
7. 3. 10.
7. 3. 10.
දුතියසම‍්බහුලභික‍්ඛුසුත‍්තං
දුතියසම්බහුලභික්ඛු සූත්‍රය
3152. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු: -පෙ- එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ භගවා එතදවොච: කතමා නු ඛො භික‍්ඛවෙ, ඉද‍්ධි, කතමො ඉද‍්ධිපාදො, කතමා ඉද‍්ධිපාදභාවනා, කතමා ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදාති. භගවම‍්මූලකා නො භන‍්තෙ -පෙ-
3152. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
කතමා ච භික‍්ඛවෙ, ඉද‍්ධි: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකොපි හුත්‍වා බහුධා හොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධි. කතමො ච භික‍්ඛවෙ, ඉද‍්ධිපාදො: යො භික‍්ඛවෙ, මග‍්ගො යා පටිපදා ඉද‍්ධිලාභාය ඉද‍්ධිපටිලාභාය සංවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධිපාදො. කතමා ච භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනා. කතමා ච භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
මහණෙනි, ඉදු කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නන්වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ ඉදු යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා කවරේ ද යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී ද, මහණෙනි, මේ ඉදුපා යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරීඅටඟිමගමැ යි. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.