දුතියආනන්දසුත්තං
7. 3. 8.
7. 3. 8.
දුතියආනන්දසුත්තං
දුතිය ආනන්ද සූත්‍රය
3150. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: “කතමා නු ඛො ආනන්ද, ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා ඉද්ධිපාදභාවනා, කතමා ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා”ති. භගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ- ඉධානන්ද, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- අයං වුච්චතානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
3150. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්ද, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... ආනන්ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි ... ආනන්ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
7. 3. 9.
7. 3. 9.
සම්බහුලභික්ඛුසුත්තං
සම්බහුලභික්ඛු සූත්‍රය
3151. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “කතමා නු ඛො භන්තෙ ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා ඉද්ධිපාදභාවනා, කතමා ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා”ති. ඉධ භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: “එකොපි හුත්වා බහුධා හොති -පෙ- අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
3151. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.