යෙදුමෙන් කියවන්න

ආනන්‍දසුත‍්තං

7. 3. 7.

7. 3. 7.

ආනන්‍දසුත‍්තං

ආනන්‍ද සූත්‍රය

3149. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “කතමා නු ඛො භන‍්තෙ, ඉද‍්ධි, කතමො ඉද‍්ධිපාදො, කතමා ඉද‍්ධිපාදභාවනා, කතමා ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදා”ති.

3149. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉද්ධි කවරේ ද ඉද්ධිපාද කවරේ ද ඉද්ධිපාදභාවනා කවරේ ද ඉද්ධිපාදභාවනාගාමිනීපටිපදා කවරේ දැ”යි.

ඉධානන්‍ද, භික‍්ඛු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකොපි හුත්‍වා බහුධා හොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති”. අයං වුච‍්චතානන්‍ද, ඉද‍්ධි. කතමො චානන්‍ද, ඉද‍්ධිපාදො: යො ආනන්‍ද, මග‍්ගො යා පටිපදා ඉද‍්ධිලාභාය ඉද‍්ධිපටිලාභාය සංවත‍්තති. අයං වුච‍්චතානන්‍ද, ඉද‍්ධිපාදො. කතමාචානන්‍ද, ඉද‍්ධිපාදභාවනා: ඉධානන්‍ද, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. අයං වුච‍්චතානන්‍ද, ඉද‍්ධිපාදභාවනා. කතමාචානන්‍ද, ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චතානන්‍ද, ඉද‍්ධිපාදභාවනාගාමිනී පටිපදාති.

ආනන්‍ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි: “එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි”. ආනන්‍ද, මේ ඉදු යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා කවරේ ද යත්: ආනන්‍ද, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී නම් ආනන්‍ද, මේ ඉදුපා යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුම කවරේද යත්: ආනන්‍ද, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැයි කියනු ලැබේ යි.